දළදා වහන්සේ වන්දනා මාන කිරීමට පෝලිම් වල සිටින ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායම් පත්කර ඇතැයි මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා පැවසීය.
වහාම ක්‍රියාත්මක වන පරිදි දළදා වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණ පෝලිම් වල සිටින සියළු ජනතාව ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක බව ද ඔහු කීය.
ජීවිත සුරැකීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගෙන් නිර්මාණශීලී මෙහෙයුමක් බවද ඔහු කීය.
මේ අධික අව් රශ්මිය පවතින කාල වකවානුව නිසාත් දිවා රැයේ විවිධ වයස් මට්ටම් වල පුද්ගලයින් දිගු කාල වේලාවක් ගත කරන අතරතුර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය රැක ගැනීම සඳහා ඔවුන් ඉල්ලා සිටින අවස්ථාවන්වල හෝ එසේ නොමැතිව පවා එම ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් හා ප්‍රතිකාර සේවා ඔවුන් සිටින ස්ථානයටම කඩිනමින් ලබා දීම මෙම නව වැඩ පිළිවෙලේ අරමුණ බව ද ඒ මහතා සඳහන් කළේය.
මේ කණ්ඩායම් ඒ ඒ කලාපවල පිහිටුවා ඇති විශේෂ සෞඛ්‍ය මධ්‍යස්ථාන සමග නිරන්තරයෙන් සම්බන්ධීකරණය කර න අතර අවශ්‍ය අවස්ථා වල අදාළ පුද්ගලයින් සිටින ස්ථානය වෙත වෛද්‍යවරුන් ඇතුළුව සෞඛ්‍ය කණ්ඩායම ගෙන්වා ගැනීමත් අත්‍යවශ්‍ය විටක ගිලන් රථ වහාම කැඳවීමත් සිදු කරන්නට පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල සාමාජිකයින් සහ ප්‍රදේශයේ ස්වෙච්ඡා සෞඛ්‍ය කණ්ඩායම් එක් කර මෙම සෞඛ්‍ය සුපරීක්ෂණ කණ්ඩායම් සකස් කර ඇති බව ද ඒ මහතා කියා සිටියේ ය.
මේ සියළු පෝලිම් ආවරණය වන පරිදි වරින් වර එම ස්ථානය පසු කරමින් සෞඛ්‍ය පණිවුඩ හා සෞඛ්‍ය ආරක්ෂාව පිණිස අවශ්‍ය කරුණු නිවේදනය කරමින් ප්‍රදේශය පුරා ජංගම සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ද ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කියා සිටියේ ය. ඒ සඳහා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන් සේවය ලබාගෙන ඇති බව ද ඒ මහතා පුකාශ කළේය..
කෙසේ වෙතත් වන්දනා කිරීමට යොමු කරන අවධානය සේම සිය සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට බැතිමතුන් වගකීමක් බවද ඔහු කීය.
විශේෂයෙන්ම දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගත යුතු රෝග වලින් පෙලෙන පුද්ගලයින් හා වැඩිහිටියන් ජ්‍යෙෂ්ට පුරවැසියන් ගේ සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීමට පවුලේ අනෙක් සාමාජිකයින්ගේත් පෝලිම් වල රැඳී ඔවුන් අවට සිටින අනෙක් පුද්ගලයන්ගේත් අවධානය යොමු කිරීම ද වැදගත් බවද ඔහු කියා සිටියේ ය.
මේ සියලු සැලසුම් වල ප්‍රධාන අරමුණ ශ්‍රී දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට හැකි උදව් උපකාර කරමින් මේ පුණ්‍යවන්ත කටයුත්ත මනාව ක්‍රියාත්මක කිරීමට උපරිම සහාය ලබා දීම බව මහනුවර ප්‍රධාන සෞඛ්‍ය බලධාරියා වන මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා ප්‍රකාශ කළේ ය.