අලි බලමු ද ! බලි බලමු ද !

කතරගම වන්දනාවට කැලේ මැදින් හා බැතිමතෙකුට අලියා ගහයි!

උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිට කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා පාද යාත්‍රාවේ පැමිණෙමින් සිටි පුද්ගලයෙකුට වන අලි විසින් පහර දීමට තැත් කිරීමක් හේතුවෙන් එම පුද්ගලයා තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට පෙරේදා (21දා) ඇතුලත් කර තිබේ.

මෙලෙස අනපේක්ෂිත අවස්ථාවට මුහුණ දී ඇත්තේ   වයස අවුරුදු 28 ක්වන හෝමාගම තලංගම ප්‍රදේශයේ පදිංචි හසිත දිල්ෂාන්ය.

යාල රක්ෂිතයේ ලිං තුන හා කටුපිලආර ප්‍රදේශය අතරදි තම කණ්ඩායමක් සමග පා ගමනින් පැමිණෙමින් සිටියදී වන අලියෙකු පහරදීමට හඹාගෙන පැමිණී අවස්ථාවේ දී එයින් බේරීමට උත්සාහ කිරීමේදී සිදු වූ තුවාල හේතුවෙන් නාවික හමුදාවේ නිලධාරීන් විසින් ඔහු රැගෙන විත් හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

එම පුද්ගලයාට බරපතල තුවාල සිදුවී නැතැයි රෝහල පවසයි. කුමන වනෝද්‍යානයට ඇතුළු වීමට දොරටු විවෘත කළ 20දා දින 10420 ද 21වෙනදා 7064 ක පිරිසක්ද පැමිණ ඇති බවත් වාර්තා වන අතර, ඔවුන් යාල රක්ෂිතයේ කටගමුව දොරටුවෙන් පිටවීමට නියමිත  බව ආරක්ෂක අංශ පවසයි.

02

(02)  දුන්හිද අනතුරේ  සම්පුරණ කතාව

සෙනසුරාදා (21) දින සවස බදුල්ල මහියංගණ මාර්ගයේ දුංහිද 4කණුව බෑවුම් ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙක් මියගොස් තවත් 31 දෙනෙකුට තුවාල සිදුව ඇතැයි බදුල්ල පොලීසිය සදහන් කරයි.

බදුල්ල සිට අනුරාධපුර තඹුත්තේගම දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.

අනතුරට පත්ව ඇත්තේ වන්දනා පිරිසක් ගමන් ගත් බස් රථයක් බව පොලීසිය සදහන් කලා.

මියගිය පුද්ගලයින් අතර ගැහැණු අය දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයෙක් වන බවත් තුවාලවූ දරුවෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කලා.

බස් රථය ඉතා වේගයෙන් අපිව පහුකරගෙන ගියා. මම හිතුවේ වාහනේ නිව්ටල් යනවදෝ කියලා. මාර්ගය ගැන කිසිම අවබෝධයක් තිබුණු බවක් එයාගේ ඩ්‍රයිවින් වලින් පෙනුනේ නැහැ. අපි ඉන්න තැන පහුකරලා සුලු වෙලාවයි ගියේ එක පාරම විශාල ශබ්දයක් ආවා. අපි පහලට දුවගෙන යනකොට දැක්කා ලයිට් කණුවකුත් කඩාගෙන බස් රථය පාරේ පෙරලිලා තියෙනවා.

එකම මරලතෝනියක් විතරයි ඇහුණේ අපිව බේරගන්න කියලා. සිද්ධිය වීමට පෙර බස් රථය දුටු ප්‍රදේශවාසියෙක් කීවේ එලෙසයි.

බස් එක ඇතුලේ ගොඩාක් අය හිරවෙලා හිටියේ. එක් අයෙක් බස් රථයට යටවෙලා හිටියා. එයාගේ කකුල් දෙක විතරයි අපිට පෙනුනේ. ඇග කොටස සම්පූර්ණයෙන්ම බස් රථයට යටවෙලයි තිබුණේ. එයාව ගන්න අපි ගොඩාක් උත්සහ කලා. කට්ටියම එකතුවෙලා බස් එක උස්සන්න බැලුවා. නමුත් එහෙම බස් එක් උස්සන්න බැරි වුණා. අනතුර වෙලා පැය භාගයක් විතර යනකම් ගමේ මිනිස්සු තමයි ලෙඩ්ඩු බස් එකෙන් එළියට ගත්තේ. අපි ළග තිබුනේ අලවංගු විතරයි. ඊට වඩා කිසිම ආයුධයක් තිබුණේ නැහැ. අපි පුලුවන් විදිහට ලෙඩ්ඩු අරගෙන වාහන වල දාලා රෝහලට යැව්වා. එම්බියුලන්ස් එහෙම ආවේ පරක්කු වෙලා. ඇග පුරාම ලේ තවරාගත් පුද්ගලයෙක් කීවේ එවැන්නක්.

අපි ගන්න පුලුවන් අය රැගෙන රෝහලට යැවුවා. හතර දෙනෙක් විතර අපිට ගන්න බැරි වුණා. එයාලා හිරවෙලා හිටියේ. එක් අයෙක් කථා කලා. එයාට බොන්න වතුරත් දුන්නා. හැබැයි ඉතින් එයාලා බේරුනාද කියන්න දන්නේ නැහැ. ඇක්සිඩන්ට් එක වෙලා විනාඩි 45ක් විතර ගියාට පස්සේ තමයි බූම් ට්‍රක් එකක් ආවේ. ඒ ඇවිත් බස් එක උස්සලා හිරවෙලා හිටි අයව අරගෙන රෝහලට යැවුවා. නමුත් මම හිතන්නේ ඒ අය මැරිලා. සහන සේවා දෙන්න පිරිස් එනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. තවත් පුද්ගලයෙක් කීවේ එවැන්නක්.

බදුල්ල මහියංගණ මාර්ගයේ දුංහිද ප්‍රදේශය ආශ්‍රිතව මීට පෙර අවස්ථා ගනනාවකදී මාරක අනතුරු රැසක් සිදුවූ නිසාත් දැඩි බෑවුම් සහිත මාර්ගයේ අනතුරු සිදුවිය හැකි නිසාත් ඒබව දැනුවත් කරමින් මාර්ගයේ ස්ථාන කිහිපයක පුවරු සවිකර ඇතත් ඒ පිළිබදව කිසිදු තැකීමක් නොකිරීමෙන් මෙවන් අනතුරු සිදුවන බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතා සදහන් කරයි. එම නිසා බදුල්ල මහියංගණ මාර්ගයේ ගමන් කරන රථවාහන රියදුරන් මේ පිළිබදව මීට වඩා සැලකිළිමත් වන ලෙසද ඒ මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

(03)  අනුර පුර පොහොට්ටුවේ කතාවක්! මෙන්න

ලංකා පොදු ජන පෙරමුණට හිමිව ඇති අනුරාධපුර මහා නගර සභාවේ මන්ත්රීන ධූරය වසර බැගින් සිව් දෙනකු හට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබේ.

පසු ගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්ර.තිශතය අනුව අනුරාධපුර මහා නගර සභාව සඳහා ශ්රී  ලංකා පොදු ජන පෙරමුණට එක් මන්ත්රීඅධූරයක් හිමිවිය.

එම මන්ත්රීම ධූරය ලබාදීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් පක්ෂය මෙම තීරණයට එළඹී ඇති බව වාර්තාවේ.මන්ත්රීග ධූරය ලබාදීමේදී කොට්ඨාශ මට්ටමෙන් ලබාගෙන ඇති ඉහළ ප්ර තිශතයේ සිට පහළට එම සිව් දෙනා වසරින් වසර නම් කිරීමට තීරණය වී ඇති බවද එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව හිටපු නාගරික මන්ත්රීංනී සුපිණි සදමාලි මහත්මිය පළමුව පත් කිරීමට නියමිතය. මේ පිළිබඳ වූ පක්ෂ තීරණය ලබා ගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා හට අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුම් ලබා ගත්තද ඊට ප්රතතිචාර නොදැක්වීය.

මේ පිළිබඳව අනුරාධපුර මහා නගර සභාවේ හිටපු නගරාධිපති ශ්රී් ලංකා පොදු ජන පෙරමුණේ වත්මන් අනුරාධපුර දිස්ත්රිේක් සංවිධායක එච්.පී.සෝමදාස මහතාගෙන් විමසුමක් කල අතර හෙතෙම ඒ පිළිබඳව  මෙසේ පැවසීය.

පක්ෂය එවැනි තීරණයක් ගෙන තිබෙනවා. නමුත් පනතට අනුව එවැනි පත් කිරීමක් පිළිබඳව සඳහනක් නෑ. මන්ත්රීඳ ධූරයෙන් ඉල්ලා අස්වීම , මන්ත්රීඳවරයකු මිය යෑම , විනය හෝ වෙනත් හේතුවක් මත එකී මන්ත්රීතවරයා පක්ෂයෙන් නෙරපා හැරීම වැනි අවස්ථාවකදී පමණයි තවත් මන්ත්රීඳවරයෙකු නම් කළ හැක්කේ. මෙය කොතරම් ප්රාථයෝගික වේදැයි ප්ර්කාශයක් සිදුකළ නොහැකි බව ද සෝමදාස මහතා මව්බිම ට පැවසීය.

(04) හිටන් හිටපු ජනපතිට විරුද්ධව අල්ලසට ‍එප්පාවලින් අවුලක් කොමිසමට එයි!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පැමිණිල්ලක් එප්පාවල සමූපකාර සමිතියේ උප සභාපති ලක්ෂ්මන් ජයවර්ධන විසින් මූල්‍ය අපරාධ කොට්ඨාශයට ඉදිරිපත් කර තිබේ.

ඒ පසුගිය 2019 වසරේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල සමුපකාර සමිතියට අයත් භූමියක ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදලින් රුපියල් දෙකෝටි හැත්තෑපන් ලක්ෂයක මුදලක් අවභාවිත කිරීමේ සිදුවීමක් අනුවය.

පැමිණිලිකරු සිය පැමිණිල්ල මගින් දන්වා ඇත්තේ එප්පාවල සමුපකාර සමිතිය මගින් 2017 වසරේදී සම්මන්ත්‍රණ ශාලා ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළ බවත් ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරය දැරූ 2019 වසරේ ජනවාරි මස එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බවත්ය.

ඊට අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් එහි තිබූ කඩකාමර 07ක් කඩා ඉවත් කර ඇති බවත් එහි තිබූ වටිනා දොර, ජනෙල්, උළුවහු, සීට් ඇතුළු භාණ්ඩද අස්ථානගත වී ඇති බවත් උප සභාපතිවරයා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

තවද උත්සව ශාලා ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ ඉඩම ලබාගෙන තිබෙන බවත් ඒ සඳහා රුපියල් කෝටි 13ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබූ බවත් පෙන්වා දෙන පැමිණිලිකරු එම ගොඩනැගිල්ල ඉදිකිරීමට යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා ගැනීමට තීරණය කළ බැවින් රුපියල් හත් කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට මෙහි ඉදිකිරීම් ආරම්භ කළ බවත් සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.

ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භ කිරීම වෙනුවෙන් පළමු අදියර යටතේ රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක මුදලක් ලබා දී තිබෙන බවත් මේ වන විට ගොඩනැගිල් ඉදිකිරීමේ කටයුතු අතරමග නතර වී තිබෙන බවත් සඳහන් කර ඇති පැමිණිලිකරු පෙන්වා දී ඇත්තේ මෙහි මුදල් අවභාවිත කිරීමක් සිදුව තිබෙන බැවින් අදාළ ගොඩනැගිල්ල ලබා ගැනීමට ප්‍රශ්නයක් වී ඇති බවය.

පැමිණිලිකරුවන ලක්ෂ්මන් ජයවර්ධන මහතා පැවසුවේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර පැවැති කඩ කාමරවල තිබූ භාණ්ඩ කවුරුන් විසින් රැගෙන ගියේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මේ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස දන්වමින් තමන් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ය.

(05)  අල්ලස් ගනිද්දී පොලිස් පොඩිඩෝ 02ක් කොටු වෙයි!

අම්පාර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ  පොලිස් සැරයන්වරයෙක් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිළධාරින් විසින් අම්පාර නගරයේදි අත් අඩංගුවට ගෙන තිබේ.

අම්පාර තිරුක්කෝවිල් ප්‍රදේශයේ  පුද්ගලයෙකු ගෙන්   රුපියල් 25.000 ගැනිමේදි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත’

බාධාවකින් තොරව දිනපතා වැලි පස් ප්‍රවාහනය කිරිම සදහා අවස්ථාව ලබාදිමට මෙම මුදල්ඉල්ලා ඇති අතර පසුව මුදල ඉල්ලු පුද්ගලයා විසින් අල්ලස් කොමිසමේ නිළධාරින්ට දැනුම් දි අල්ලස මුදල දෙන අවස්ථාවේදිප අම්පාර නගරයේදි අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා   සමන්තුරේ පොලිස් ස්ථානයට ගෙනැවිත් ඇති අතර   සමන්තුරේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

මෙම සැරයන් වරු දෙදෙනාගේ සේවය වහාම අත් හිටුවිමට අම්පාර කොට්ඨාශ වැඩ බලන සහකාර පොලිස් අධිකාරි හෙමන්ත සෙනෙවිරත්න මහතා විසින් පියවර ගෙන තිබේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න