(01)
රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා විස්කි බෝත්ල් 673 ක් සහ ඉන්දියාවේ නිෂ්පාදිත කරදමුංගු කිලෝ ග්‍රෑම් 75 ක් , කටුනායක ගුවන් තොටුපොළ පළමු මහළේ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ අතහැර දමා ගොස් තිබියදී 06/13 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම විස්කි සහ කරදමුංගු තොගය කුමන ගුවන් යානයක පැමිණි කුමන ගුවන් මගියෙකු විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන්නට ඇත්දැයි සොයා රේගු නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
මෙහිදී මෙම විස්කි සහ කරදමුංගු තොගය දමා ගොස් තිබූ ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ , සාප්පු වල සේවකයින්ගෙන් ප්‍රශ්ණ කරමින් සහ ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරමින් මේවායේ හිමිකරුවන් අනාවරණය කර ගැනීමට රේගු නිලධාරීන් ප්‍රයත්න දරමින් සිටිති.
(02)
ඉරාන – ඊශ්‍රායල අතර යුධ උණුසුම වර්ධනය වීමත් සමග , ඉරානයේ ගුවන් අවකාශය වසා දමා ඇති හෙයින් යුරෝපය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් වල වෙනසක් සිදු වෙමින් පවතින බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
ඒ අනුව එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය ,ගුවන් ගමන් මාර්ගය වෙනස් වීම නිසා ,මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහා කටාර් රාජ්‍යයේ දෝහා ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ.
මෙම ගුවන් යානය 06/13 දින පස්වරු 12.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නියමිතව තිබූ අතර , එය නව තත්වයන් යටතේ සවස 06.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත බව දීපාල් පෙරේරා මහතා පැවසීය .
එසේම 06/13 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගිය යූ.එල්.- 501 දරන ශ්‍රී ලන්කන් ගුවන් යානය ,ඉන්ධන ලබා ගැනීම සදහා මේ වනවිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා ඇති බව දීපාල් පෙරේරා මහතා පැවසීය .
මෙම ගුවන් යානය ඉන්ධන ලබා ගැනීමෙන් පසුව විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ ප්‍රංශයේ පැරිස් නුවර වෙත ලගා වීමට නියමිතය .
ඒ අනුව , මේ ආකාරයට විකල්ප ගුවන් ගමන් මාර්ග ඔස්සේ යුරෝපයේ ගමනාන්ත වෙත ගමන් ගන්නා ගුවන් යානා වලට , මෙම යුධ උණුසුම නිසා , වෙනත් විකල්ප ගුවන් ගමන් මාර්ග අනුගමනය කිරීමට සිදු වී තිබේ .
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා 1979 දුරකථන අංකයෙන් හෝ +94117771979 ( ජාත්‍යන්තර ) , +94744441979 ( වට්ස් ඇප් )හෝ ඔබගේ සංචාරක නියෝජිතවරයා නැතිනම් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අමතන ලෙස දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කර සිටී.
(03)
රුපියල් හැත්තෑ තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් වටිනා මැණික් තොගයක් , නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 06/13 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු 06/13 දින අලුයම 05.00 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 884 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ නිල් මැණික් පුෂ්පරාග ඇතුළු
” කුරුවින්ද ” ප්‍රභේදයට අයත් කැරට් 566 ක් බරැති මැණික් ගල් අඩංගු කුඩා පාර්සල් 12 ක් සගවා ගෙන සිටිය දී ,ගුවන් යානයට ගොඩවීමට පෙර ඇති අවසාන පරීක්ෂණ මධ්‍යස්ථානයේ දී ගුවන් තොටුපොළ ආරක්ෂ නිලධාරීන් පිරිසකට කොටු වී තිබේ.
මොහු මෙම මැණික් බේරුවල සහ රත්නපුර යන ප්‍රදේශ වලින් මිළදී ගත් බව රේගුව හමුවේ අනාවරණය කර ඇති අතර මෙම ව්‍යාපාරිකයා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .
මෙම මැණික් වල ජායාරූප හෝ වීඩියෝ , මේවා සීල් කර පැවතීම නිසා ලබා ගැනීමට නොහැකි විය.
(04)
රට පුරා සේවා මධ්යතස්ථාන 980 ක දේශීය ආයුර්වේද වෛද්යාවරුන් 2660 දෙනකු සඳහා තම වෘත්තීය රාජකාරියට අදාළව ගෙවුණු ලබන අමතර සේමා දීමනාව පසුගිය ජනවාරි මාසයේ සිට නවතා දමා ඇතැයි රජයේ ආයුර්වේද වෛද්යේ නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම කැඳවුම්කරු වෛද්යද චමල් ආර් කුලතිලක මහතා මව්බිමට පැවසීය.
මේ පිළිබඳව විෂය භාර අමාත්යැවරයා හා ජනාධිපතිවරයා අවස්ථා හයකදී ලිපි හයක් මගින් දැනුවත් කළද ඊට කිසිදු ප්ර්තිචාරයක් මෙතෙක් නොලැබීම රජය ආයුර්වේද වෛද්ය වරුන් හා එහි සේවාව කෙරෙහි දක්වන සැලකිලිමත් භාවය පිළිබඳව තමන් ඇතුළු වෛද්යත වෘත්තිකයන් දැඩි කම්පනයකට ලක්ව සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව අදහස් දැක්වූ රජයේ ආයුර්වේද වෛද්යය නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තිය සමිති කමිටුවේ සම කැඳවුම්කරු වෛද්ය් චමල් ආර් කුලතිලක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
රට පුරා ජාතික රෝහල් ශික්ෂණ රෝහල් පලාත් රෝහල් දිස්ත්රිලක් රෝහල් සහ ග්රාේමීය රෝහල් ඇතුලු බෙහෙත් ශාලා මෙන්ම සෞඛ්යල වෛද්යි නිලධාරී කොට්ඨාශ ඇතුලු දීපව්යාතප්ත සේවා මධ්යරස්ථාන 980 ක ආයුර්වේද වෛද්ය් සේවාවේ වෛද්යන වෛද්යයවරුන් 2660 දෙනෙකු පමණ සේවය කරනවා. මෙම කණ්ඩායමේ වෘත්තිය රාජකාරීන්ට අදාළව ගෙවනු ලබන අමතර සේවා දීමනාව ලබාදීම පසුගිය ජනවාරි මාසයේ සිට නවතා දැමුවා.
2/97 හා 6/2006 චක්ර ලේඛන අනුව බටහිර වෛද්ය සේවාවේ හා ආයුර්වේද වෛද්යකය සේවාවේ වෛද්යහ නිලධාරීන්ගේ බදවා ගැනීමේ සුදුසුකම් ,උසස් කිරීමේ පටිපාටි සහ රාජකාරි ස්වභාවය එක සමාන නිසා ඉහත චක්රවලේඛන මගින් මූලික වැටුප සමාන කර තිබෙනවා. වෘත්තීය භාවයන් සම මට්ටමක පැවතියද දිමනා ලබා දීමේදී ආයුර්වේද වෛද්යව සේවාවේ නිරත වෛද්යයවරුන් නොසලකා හැර කටයුතු කිරීම වෘත්තීයභාවයට , රාජකාරී ස්වභාවයන්ට හා වෘත්තීය අයිතීන් වලට සිදු කරන බලවත් අසාධාරණයක් .
බටහිර වෛද්යභ සේවාවේ නිරත වෛද්යවවරුන් සඳහා වර්තමානයේ අමතර සේවා දීමනාව ලෙස පැය 180 ක් සඳහා දීමනාවක් ලබා දෙනවා.නමුත් අප සේවාව සදහා එය පැය 20 කට සීමා කළා. වෛද්යව සේවා දෙක අතර වැටුප් පරතරය සාධාරණ නොවන ලෙස විශාල අගයක් ගෙන තිබෙනවා. ප්රාවථමික ශ්රේදණියේ බටහිර වෛද්යධවරුන් ලබන දීමනාවන් හා එම ශ්රේ ණියේම අයුරේද වෛද්යවවරුන් ලබන දීමනාවන් අතර පරතරය රුපියල් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න වෙනසක්ව පැවතීම අප සේවාවට කරණ බලවත් අසාධාරණයක් .
මේ පිළිබඳව සෞඛ්ය් අමාත්ය වරයා වෙත විටින් විට ලිපි හයක් මගින් දැනුවත් කළා. එහි සියලු පිටපත් ජනාධිපතිවරයා වෙතද යොමු කළා. මෙතෙක් ඒ කිසිවකට කිසිදු ප්රලතිචාරයක් ලබාදී නොදී අපව මගහරිමින් රජය කටයුතු කරනවා.
මෙම විෂමතා පිළිබඳව රාජ්යද පරිපාලන අමාත්යාංනශයේ සහ මුදල් අමාත්යාං ශයේ නියෝජනය සහිතව 2024 පත් කළ කමිටු වාර්තාව අනුව දීමනා ලබාදීම නිර්දේශ කළා. ඒ අනුව 2025 ජනවාරි සිට උදය ආර් සෙනෙවිරත්න රාජ්යම සේවයෙ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශයන් මගින් විසදුම් ලබා දෙන බව සදහන් කර එතෙක් අන්තර් කාලීන දීමනාවක් ලෙස පැය 20 කට අදාල අමතර සේවා දීමනාවක් ලබාදුන්නද ජනවාරි පලමුවනදා සිට වැටුප් සමාලෝචන වාර්තා ප්රමසිද්ධ කිරීමකින් තොරවම අන්තර් කාලීන දීමනාව නවතා දැමුවා. මේ පිලිබදව අදාල අමාත්යංිශ සියල්ල දැනුවත් කර තිබුණද එම ඉල්ලීම් ඉටු නොවීම බලවත් අසාධාරණයක්.
ආයුර්වේද වෛද්යීවරුන් සිදුකළ කිසිදු ඉල්ලීමකට සවන් නොදීම හා ඒ සඳහා අවම වශයෙන් සාකච්ඡාවක් හෝ ලබාදීමට අමාත්යිවරයා ප්රනධාන රාජ්යා යාන්ත්ර්ණය ක්රියයාත්මක නොවීම හේතුවෙන් පසුගිය 04 වැනිදා සිට ආයුර්වේද වෛද්යය සේවයේ වෛද්ය නිලධාරීන් ජනාධිපතිවරයා වෙත යොමු කිරීම සදහා දීමනා ඉල්ලීම් පෙත්සමක් අත්සන් කිරීමේ කටයුත්තේ නිරත වනවා. එය ඉදිරි සතිය තුල ජනාධිපතිවරයා වෙත ලබාදීමට පියවර ගන්නවා.
(05)
මුද්‍රා තැබූ පොහොර ගබඩාව කඩූ එහි සේවකයින් දෙදෙනා අත්අඩංගුවට….
පසුගිය දා පොලොන්නරුව සිරිපුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු ප්‍රමිතියෙන් තොර පොහොර රැස්කර අලෙවි කර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇප මත මුදා හැර තිබේ.
එම ව්‍යාපාරිකයාගේ බිරිදට අයත් යැයි කියන ගිරාඳුරුකෝට්ටේ නගරයේ පිහිටි වෙළඳ සැලෙහි බාල පොහොර අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුව පසුගිය 2025.05.20 දින ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බදුල්ල ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ බංඩාර මහතා ඇතුළු නිලධාරීන් විසින් වටලා එහි බාල පොහොර මිටි 160 ක් හමුවූ ගබඩාව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරණ තෙක් මුද්‍රා තබන ලදී.
ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බදුල්ල ශාඛාවේ නිළධාරීන් විසින් පසුගිය 13 දින එම මුද්‍රා තබා තිබුණු ගබඩාවේ පොහොර තොගය ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනිම සදහා පාරිභෝගික සේවා අධිකාරියේ බදුල්ල ශාඛාවේ දිස්ත්‍රික් ප්‍රධානී ශාන් යාපා රත්න මහතා වෙත ලබා දීමට පැමිණෙමින් සිටි ඇත.
එම නිළධාරීන් පැමිණෙන අතර ගිරාඳුරුකෝට්ටේ පොලීසිය මගින් ඔවුන්ට දැනගන්නට ලැබී ඇත්තේ මුද්‍රා තැබූ පොහොර ගබඩාව කඩා ඇති බවට තොරතුරක් ලැබී ඇති බවයි. ඒ අනුව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සමග ගිරාඳුරුකෝට්ටේ පොලීසිය එම ස්ථානයට ගොස් එහි විමර්ශන කටයුතු සිදු කල අතර එම ගබඩාවේ තිබු පොහොර මිටි තොගයක් එහි මුද්‍රා නොකඩා ඉතා සුක්ෂම ලෙස ගබඩාවේ පිටුපස යකඩ දැල් ආවරණය කඩා රැගෙන ගොස් ඇති බවයි. ගබඩාවෙන් රැගෙන ගිය පොහොර ප්‍රමාණය සහ එම රැගෙන ගිය පොහොර වර්ගය පිලිබද විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම වෙළෙද සැලහි සේවකයින් දෙදෙනෙකු ගිරාඳුරුකෝට්ටේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය බව පොලිසිය පවසයි…
අපි පසුගිය 2025.05.20 දින ගිරාඳුරුකෝට්ටේ පොහොර අලෙවි කරන වෙළෙද සැල් කිහිපයක්ම ලද තොරතුරු අනුව පරීක්ෂාවට ලක් කලා බාල පොහොර තියනවා ද බලන්න. මේ වෙළෙද සැලහි තිබෙන පොහොර ගබඩාව පරීක්ෂා කරද්දී අපට ප්‍රමිතියෙන් තොර බාල පොහොර මිටි 160 ක් හමුවුණා.. එම පොහොර ගබඩාවේ තිබෙන ගුණාත්මක පොහොර ටික ඒ අයට ඉවත් කර ගන්න කිව්වා.අපි ගබඩාවට දැන් මුද්‍රා තබනවා කියල . ඒ අය ඉන් කොටස් ඉවත් කර ගත්තත් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගත්තේ නෑ. අපි මුද්‍රා තබා ගිය පසු අද13 දින පාරිභෝගික සේවා අධිකාරියට අධිකරණ කටයුතු සදහා මෙම පොහොර භාර දෙන්න ආවේ. අපි මුද්‍රා තැබූ ස්ථාන වලට හානි සිදු නොකර ගබඩාවේ පිටුපස යකඩ දැල් ආවරණය කඩා ගබඩාවේ පොහොර ඉවත් කර ඇති බව අපට නිරීක්ෂණය වුණා. ඒ අනුව මම පොලීසියට පැමිණිල්ලක් කරා ,සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියල. ගිරාඳුරුකෝට්ටේ පොලීසිය විසින් මේ වෙළෙද සැලහි සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ගෙන් මම මේ ගැන ඇසුවම ඔවුන් විසින් ගබඩාවේ දැල් ආවරණ කැඩු බවට මා හට පැවැසුවා. මම ඇහුවා කවුද කඩන්න කිව්වේ කියල ඔවුන් කිව්වා කවුරුවත් කිව්වේ නෑ කියලා.මෙම ගබඩාවේ පොහොර අලෙවි කර ඇති බව නීරීක්ෂණය වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අපි මේවන විටත් පුළුල් විමර්ශන කටයුතු සිදු කරනවා. නීතිය ක්‍රියාත්මක කර වැරදි කරුවන් හට නිසි දඩුවම් ලබා දෙනවා. යැයි ජාතික පොහොර ලේකම් කාර්යාලයේ බදුල්ල ශාඛාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රෝහණ බංඩාර මහතා පැවසීය.
(06)
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල පන්සල පාරේ ප්රකදේශයේ ව්යාාපාරිකයකුගේ තෙමහල් නිවසට අද (15) අලුයම වෙඩි ප්ර හාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි වැඩ බලන මාධ්යඅ ප්ර5කාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යු කේ වුට්ලර් මහතා පැවසීය
වෙඩි ප්රමහාරය කිපයක් එම නිවසේ ගේට්ටුවට එල්ල වී ඇතැයි පොලිසිය කියයි
එයින් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි වැඩ බලන මාධ්යී ප්රසකාශකවරයා පැවසීය
අද අලුයම 3.00 පමන කලය අතර කාලයේදී පමණ යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් රිවොල්වර වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි ප්රදහාරය එල්ල කර . ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
වෙඩි ප්ර.හාර 5 ක් පමණ නිවස ඉදිරිපිට ගේට්ටුවට එල්ල කර එක් වෙඩි ප්ර හාරයක් උඩට තබා ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
පිටකොටුව ප්රොදේශයේ පරිගණක උපාංග ව්යාීපාරිකා ස්ථානයක් පවත්වාගෙන ව්යාොපාරිකයකුගේ නිවසට මෙම වෙඩි ප්රයහාරය එල්ල කර ඇතැයි දැනගන්නට ඇත
මුදල් ආරවුලක් හේතුවෙන් එම වෙඩි ප්ර හාරය එල්ල කර ඇතැයිද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත
පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද එම ස්ථානයට කැඳවා ඇත
ඊට අමතරව සිදුවූ අපරාධය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන්ද කැඳවාඇත
ඊට අමතරව පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීසී ටීවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කෙරේ. ගල්කිස්ස කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්රපසන්න බ්රා්හ්මණ මහතාගේ උපදෙස් මතකොහුවල පොලිසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්රෙධාන පොලිස් පරීක්ෂක නිලන්ත ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් ඒකාබද්ධව විමර්ශන කටයුතු සිදු කරයි.
(07)
මත්ස්‍යයින් සහ ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ (2025) මුල් මාස හතර තුලදි ( ජනවාරි- අප්‍රේල්) ඇමරිකානු ඩොලර් මිලියන 34.3ක මුදලක් වැයවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂයේ (2024 ) මුල්මාස හතර තුලදි මත්ස්‍යයින් සහ ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරිම සදහා ඩොලර් මිලියන 39.3ක මුදලක් වැයවි තිබුණි. ඉකුත් වර්ෂයේ මුල් මාස හතරට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස හතර තුලදි මත්ස්‍යයින් සහ ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරිම සදහා වැයකොට ඇති මුදල රුපියල් ඩොලර් මිලියන 05කින් එනම් සියයට 12.7කින් අඩුවි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
කෙසේවුවද මෙම වර්ෂයේ මුල්මාස තුන තුලදි මත්ස්‍ය නිෂ්පාදනය කිලෝග්‍රම් මිලියන 102.3 දක්වා සියයට 5.7කින් අඩුවි ඇත. 2024 වර්ෂයේ මුල්මාස තුන තුලදි මත්ස්‍ය නිෂ්පාදනය කිලෝග්‍රැම් මිලියන 108.5කි.
(08)
රජය විසින් ගෙවිය යුතු දේශිය හා විදේශිය ණය ප්‍රමාණය මෙම වර්ෂයේ (2025) ජනවාරි මස වනවිට රුපියල් බිලියන විසිනමදහස් එකසියතිස්හතරයි දශම පහ දක්වා (29,134.5) දක්වා ඉහළගොස් ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2024 වර්ෂය අවසානය වනවිට ගෙවිමට තිබු ණය ප්‍රමාණය රුපියල් බිලියන විසිඅටදහස්,හත්සියතිස්අටයි.දශම හතකි. (28,738.7) එම ණය ප්‍රමාණය මෙම වර්ෂයේ ජනවාරි මාසය වනවිට රුපියල් බිලියන 395.8 කින් වැඩි වි ඇත.
මෙම වර්ෂයේ ජනවාරි මස අවසන් වනවිට රජය විසින් ගෙවිය යුතු දේශිය ණය ප්‍රමානය රුපියල් බිලියන 18,512.4කි. ගෙවිය යුතු විදේශිය ණය ප්‍රමාණය 10,622.1ක් බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.
(09)
සෙවනගල සීනි කර්මාන්තශාලාවේ ධාරිතාවය පුළුල් කිරිමේ ව්‍යාපෘතියක් සදහා රුපියල් විසිකෝටි දාහත්ලක්ෂ,අසුදෙදහස්,හාරසියතිස්තුනක් වටිනා (201,782,433) යන්ත්‍ර ආනයනය කොට ඇතත් මෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ අගෝස්තු මස වනවිටද ආරම්භකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
එම යන්ත්‍රවල වගකිම් කාලය ද මේ වනවිට ඉකුත් වි තිබේ. මෙකි යන්ත්‍ර ආනයනය කිරිමේ ක්‍රියාවලියේ දුර්වලතා හේතුවෙන් රුපියල් තිස්හයලක්ෂ,විසිදෙදහස්පහක මුදලක් (3,622,005) ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවා තිබුණි. එමෙන්ම මෙකි ව්‍යාපෘතිය සදහා ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය අනුගමනය කිරිමකින් තොරව රුපියල් හැත්තැහත්ලක්ෂ, විසිතුන්දහස්,පනස්අටක (7,723,058) යන්ත්‍රයක් ද ආනයනය කොට තිබුණි. මෙම යන්ත්‍රය සවිකිරිම සදහා ඉන්දියාවේ සිට පැමිණි සැපයුම්කරුවන්ගේ සේවකයින් වෙත ආහාරපාන හා ප්‍රවාහන පහසුකම් ලබාදිම සදහාරුපියල් විසිඅටලක්ෂ,විසිහතරදහස්,හත්සියහතරක(2,824,704) මුදලක් වැයකොට තිබුණි.
මේ සම්බන්දයෙන් පරික්ෂණයක් පවත්වා ඇති අතර ඒ සම්බන්ද වාර්තාව කඩනමින් ලබාදිමට කටයුතු කරණ බවට සීනි සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
(11)
කොළඹ ග්රෙරගරි පාර ප්ර දේශයේ පිහිටි ඉඩමකට අදාලව ලබාදී තිබූ වාරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් මෙම 23 දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා ප්රනසිද්ධ කැසිනෝ ව්යාේපාරිකයකු වන රවී විජේරත්නට හා ඔහුගේ සහායකයකු වන විශ්ව ඇලන්සන් නමැත්තෙකුට සිතාසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු එච්.එම්.බී.ආර් විජේරත්න මහත්මිය නියෝග කළාය.
අදාළ සිතාසි පිස්‌කල් මගින් හා ලියාපදිංචි තැපෑගෙන් ඔවුන් වෙත යොමු කරන ලෙසද අධිකරණ රෙජිස්ටර්වරයාට නියම කෙරුණි.
එම ඉඩමට අදාලව පවතින නඩුව සම්බන්ධයෙන් දිසා අධිකරණය මගින් මීට පෙර රවී විජේරත්නට හා ඔහුගේ සහායකයකු වන විශ්ව ඇලන්සන් නමැත්තාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බවත් එම නියෝගය උල්ලංඝනය කරමින් ඔවුන් තම සේවාදායකයා වන වෛද්යත පී.ඩී විතාරණ මහතාට විවිධ බාධා හා අවහිරතා ඇති කරන බැවින් ඔවුන් අධිකරණය හමුවට කැඳවීමට අවශ්යඩ සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලමින් පෙත්සම්කාර පී.ඩී විතාරණ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා දැක්වූ කරුණු සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණි.
එම අතුරු තහනම් නියෝගය කඩ කිරීමට අදාළ ලිඛිත දේශන මෙම මස 23 හා 24 යන දෙදින තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද දිසා විනිසුරුවරිය නියෝග කළාය.
ප්රිසිද්ධ කැසිනෝ ව්යානපාරකයකු වන රවි විජේරත්න හා වෛද්යු පී.ඩී විතාරණ අතර මෙම ඉඩම් නඩුව පවතින බවත් මෙම සිද්ධියට අදාළව පෙත්සම්කාර වෛද්යනවරයා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවටද අධිකරණයෙන් අනාවරණය විය.
පෙත්සම්කාර වෛද්යි විතාරණ මහතා වෙනුවෙන් ගයාන් දර්ශන,කෙවින් ඩයස්,අනුරුද්ධ ධර්මරත්න යන නීතිඥවරුන් සමග ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා පෙනී සිටියේය.
(012)
මැදගම කැන්දවින්න ප්‍රදේශයේ පුද්ගලයකු, පෙරේදා ( 14 ) පස්වරුවෙි තම බිරිඳට, වෙඩිතබා ඝාතනකර, එම වෙඩිතැබු ගිනි අවියද රැගෙන පලාගොස් ඇතැයි, මැදගම පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ,මැදගම, කැන්දවින්න,බලගස්ආර, කොන්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි එන්.ජී නිරෝෂා ප්‍රියදර්ශණි නැමති කාන්තාවකි.
මෙම කාන්තාව හා ඇගේ සැමියා අතර, පෙරේදා ( 14 ) පස්වරැවෙි ඇති වු කථාබහක් දුරදිග ගොස්, ඇති වු ආරවුලකින් පසු මෙම කාන්තාව නිවසින් පිටවගොස් ඇති අතර, සැකකරු මෙම කාන්තාව හඹාගොස්, මෙරට නිෂ්පාධිත බෙහෙත් කොටන තුවක්කුවකින් ඇයට වෙඩිතබා තිබෙන බව, මෙි සමිබන්ධයෙන් විමර්ශණ කටයුතු සිදුකරන මැදගම පොලිසිය පවසයි.
මෙම වෙඩිතැබිමෙන් තුවාල ලබා , බලගස්ආර මාර්ගයේ වැටි සිටියදී, පොලිසිය පැමිණ, මෙම කාන්තාව මැදගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත්කරන විටත්, ඇය මියගොස් සිටිබව මැදගම ප්‍රාදේශීය රෝහලේ ප්‍රකාශකයකු අපකල විමසිමකදී පැවසීය.
සිද්ධියෙන් පසු සැකකාර සැමියා, වෙඩිතැබිමට යොදාගත් ගිනි අවියද රැගෙන ප්‍රදේශයෙන් පලාගොස් තිබෙි.
මේ සමිබන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ ( 15 ) සිදුකිරිමට නියමිතව තිබුණි.
මොණරාගල කොට්ඨාශයභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන් ගුණරත්න මහතාගේ උපදෙස් මත, මැදගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.පී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.
(013)
කුලියට වාහන සපයන බවට (Rent A CAR) ඵලවන දැන්වීම් ඔස්සේ දුරකථන ඇමතුම් දී හිමිකරුවන් රවටා වටිනා වාහන පැහැරගෙන ගොස් කූඨ ලේකන සකස් කර අලෙවි කිරීමේ නිරතවූ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කංඩායමක් සිදුකල වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු මහර අධිකරණයටද එක් සැකකරු වෙක් අළුත්කඩේ අංක 5 අධිකරණයටද 14/15 යන දෙදින තුලදී ඉදිරිපත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රශ්ණ කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
මෙම සැකකරුවන් මෙරට සහ විදෙස් ගත සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ගේ මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධතා පැවැත්වූ බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත.
වාහනය කුලීපදනම මත ලබා ගැනීමට පෙර එම වාහනයේ ෆිනෑන්ස් ගෙවීමට තිබේද යන්න විමසා බැලීමෙන් පසුව කුලියට ගෙන ඇති අතර සමහර හිමිකරුවන් රවටා වාහනයේ හිමිකම සදහන් ඔරිජිනල් පොතද මොවුන් විසින් ලබාගනිමින් වාහනය අලෙවි කර ඇත.
අනෙක් වාහන අලෙවි කිරීමේදී ව්‍යාජ හැඳුණුම් පත් ඇතුළු සියළුම ලිපිලේකන කූඨ අන්දමින් සකස් කර ඇත.
මෙම සැකකරුවන් තිදෙනා අවුරුදු 29,30,39 වයස් කාණ්ඩවල අයත්වන අතර කූඨ ලේකන සකසා අන්සතු වාහන අලෙවි කල සොයා ගත් මුදලින් කැසිනෝ ක්‍රීඩා කිරීම සහ විදේශීය කාන්තාවන් ඇසුරු කිරීමත් සිදුකල බවට පොලිස් විමර්ශන වලදී අනාවරණය කර ගෙන ඇත.
මාසික කුලී පදනම මත ගිවිසුම් ගතව නීත්‍යානුකූල හිමිකරු සමඟ ගිවිසුම් ගතව ඇප මුදලක් තැන්පත් කිරීමෙන් පසුව ලබාගන්නා වාහනයට ව්‍යාජ ලේකන සකස් කර මෙම අලෙවි කිරීම සිදුකර ඇතැයි පොලිසිය පැවසීය.
සැකකරුවන් විසින් සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 300ක් වටිනා ඇක්ෂියෝ වර්ගයේ කාර් රථ දෙකක්, රුපියල් ලක්ෂ 150ක් වටිනා කේ ඩී එච් වෑන් රථයක්,ලක්ෂ 50ක් වටිනා වෙසල් කාර් එකක්, ලක්ෂ 55ක් වටිනා ස්පේසියා කාර් එකක්,රුපියල් ලක්ෂ 15ක් වටිනා ත්‍රීරෝද රථයක් සැකකරුවන් ගෙන් ප්‍රශ්ණ කිරීමෙන් පසුව ලබා ගත් තොරතුරු ඔස්සේ පොලිසිය මේ වන විට සොයාගෙන ඇත.
එක් ඇක්සියෝ කාර් රථයක් සහ ස්පේසියා කාර්‍රථයක් පෑලියගොඩ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් පෑලියගොඩදී අත් අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර පොලිස් වසමේදී කේඩිඑච් වෑන් රථයත් පානදුර, පොලිස් වසමේදී එක් ඇක්සියෝ හයිබ්‍රිඩ් කාර් රථයක්ද, අනෙක් ඇක්සියෝ කාර් රථය පෑලියගොඩ පොලිස් වසමේදීද මොරගහහේන පොලිස් වසමේදී වෙසල් කාර් රථයද,කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයද පොලිසිය විසින් සොයාගෙන ඇත.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ මෙහෙයුම් හා පාලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී කුමාරදාස මහතා ගේ අධීක්ෂණය මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් ඒ සී පදුමසිරි මහතාගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්ෂක තිසේරා,පොලිස් සැරයන් 9377 දයාරත්න,පොලිස් කොස්තාපල් වරුන් වන 73380 මුණසිංහ 81534 අබේකෝන්82086 මැද්දෙකැටිය කාන්තා පොලිස් කොස්තාපල් 12159 මධුෂිකා පොලිස් කොස්තාපල් රියදුරු 80882 ජානක යන නිලධාරීන් එක්ව මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
0(14)
පහළොස් හැවිරිදි දැරියක් පෙම්වතා විසින් ස්ත්‍රී දූෂණය කරලා
වැල්ලවාය පොලිස් වසමට අයත් වදිනහෙළයාය ප්‍රදේශයේ පදිංචි එකොළොස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් ස්ත්‍රී දූෂණයකළ 17 හැවිරිදි දැරියගේ පෙම්වතා (12) වෙනිදා වැල්ලවාය පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
අතවරයට පත්වූ දැරිය ජූනි හයවෙනිදා නිවසෙන් පාසල් යන බව පවසා පිටව ගොස් ඇතත් ඇය පාසලට නොපැමිණි බවට විදුහලෙන් ඇයගේ මවට දැනුම්දී තිබේ.
පසුව දැරිය පාසල නිමවන වේලාවේ නැවත නිල ඇඳුමෙන් නිවසට පැමිණ ඇත.දැරියගේ මව ඇයව පොලීසියට කැඳවාගෙන ගොස් ඇය පාසල් වෙලාවේ කොහේ සිටියේද,ඇයට ලිංගික හිංසනයක් සිදුවී ඇතිදැයි සොයාබලන ලෙස පොලීසියට පවසා තිබේ.
ඇය පවසා ඇත්තේ හයවෙනිදා බස් නැවතුම්පොළේ පෙම්වතා සමඟ කතාකරමින් සිටි බවයි.
දැරිය සිරිගල මහ රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඇය ස්ත්‍රී දූෂණයට ලක්වී ඇති බව හෙළිවී ඇත.
නැවතත් (12) වෙනිදා ඇයව නැවතත් පොලීසියට කැඳවාගෙනවිත් ප්‍රශ්නකිරීමේදී ජූනි පස්වෙනිදා පෙම්වතාගේ උපන්දිනය තිබූ බවත් ඔහු හමුවීමට බස් නිල ඇඳුමෙන් බස් නැවතුම්පොළට ගොස් පොදු වැසිකිළියේදී සිවිල් ඇඳුමෙන් සැරසී ඔහු සමඟ මහවෙලමුල්ල ප්‍රදේශයේ කැළෑබද ස්ථානයකට ගොස් පාලු නිවසක් පිටුපස ඇති කැළෑබද ප්‍රදේශයේදී තම පෙම්වතා සමඟ කැමැත්තෙන් ලිංගිකව එකතුවූ බවත් පවසා තිබේ.
ඒ අනුව දැරියගේ පෙම්වතා වන දාහත් හැවිරිදි තරුෂ නමින් හඳුන්වන මහවෙලමුල්ල ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි සැකකරු අත්අඩංගුවටගෙන
වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ටී.එම් කරුණාතිලක මහතා පරීක්ෂණ පවත්වයි.
(015)
පුපුරණ ද්‍රව්‍යය යොදා මරණ ලද මසුන් තොගයක් විකිණීමට යාමේදී පෙරේදා(14)මාළු කිලෝ 75 ක අත් අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නිලාවැලි ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර මසුන් තොගය සමග ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට 1966 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ චෝදනා ගොනු කර ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් ගොඩයා හා පරවා නැමැති මසුන් ලංකා ධීවර සංස්ථාව භාරයට පත් කළ බව වැටලීමට එක් වූ ධීවර නිලධාරීහු පැවසූහ. නාවික හමුදා විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමලය සහකාර අධ්‍යක්ෂ ඉෂාර ටි. කම්කානම්ගේ ධීවර නිලධාරීන් වන ජේ.ඒ. ජේ. එන්. ජයසූරිය ඒ.එම්.එස්. දිල්රුක් යන මහත්වරුන් විසින් සිදු කළහ.
(017)
මිගමුව පෝරතොට වෙරළ තීරයේ කොච්චිකඩේ පොලිස් වසමේදී හඳුනා ගැනීමට නොහැකි ලෙස ත්‍රිවීලයක් තුළ සම්පූර්ණයෙන් පිළිස්සී මියගොස් සිටි පොලිස් නිලධාරියෙකුගේ බවට සැකකරන සිරුරක් 14 වෙනිදින කොච්චිකඩේ පොලිසිය සොයාගෙන ඇතැයි කියයි.
එදින පෙරවරුවේ එම ස්ථානයෙන් ගමන් කළ ඇය මේ බව දැක කොච්චිකඩේ පොලිසියට දැනුම් දී ඇත..පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව මියගිය අයගේ සිරුර මීගමුව කොට්ඨාස පොලිස් කාර්යාංශයේ සේවය කරන පොලිස් සැරයන් ජයන්ත පුෂ්ප කුමාර (57)නිලධාරියාගේ බවට සැක කරන බව ප්‍රකාශ කර ඇත,මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා ස්ථානීය පරීක්ෂණයක් කර මියගොස් ඇති බවට සැක කෙරෙන සැරයන් වරයාගේ බිරිඳ හා දුව එම ස්ථානයට කැඳවා මියගිය ඇයගේ සිරුර හඳුනා ගැනීමට සලස්වා තිබේ ,සිරුර දරුණු ලෙස පිළිස්සී තිබුණු බැවින් එම සිරුර හඳුනා ගැනීමට නොහැකි වී ඇත ,ත්‍රීවීල් රථයද සම්පූර්ණයෙන් පිළිස්සි තිබුණු නමුත් එහි අංක තහඩුව තිබී ඇත ,ඒ අනුව මෙම ත්‍රිවිලය තම මියගිය සැමියාගේ ත්‍රීවීල් ලය බවට හඳුනාගත් බව පරීක්ෂණයේදී අනාවරණය වී ඇත,
පිළිස්සී තිබූ සිරුර නිවැරදිව හඳුනා ගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබාගන්නා ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා පොලිසියට නියෝග කර ඇත,එම ඩීඑන්ඒ පරීක්ෂණය සිදු කරනතුරු එම සිරුරේ කොටස් මීගමුව රෝහලේ මෘත ශරීරයාගාරයේ තැන්පත් කර තබන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට වැඩිදුරටත් නියෝග කරන ලදී.ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාව 16 වැනි දින ලැබීමට නියමිතය,කොච්චිකඩේ පොලිසිය හා මීගමුව පොලිස් කොට්ඨාය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරයි.