ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා මෙම උපදෙස් නිකුත් කර තිබේ.
ඉහත වාර්තාව මත පදනම්ව නිගමනයකට එළඹිය හැකි බවත් , ඊළඟ පියවර ගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
ත්‍රිකුණාමලයේ කුචාවලි මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ බව කියන ධීවරයෙකුට නාවික හමුදාව විසින් ඊයේ (2025.06.03) සිදු කළ බව කියන වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලබා ඇත.
මෙය අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර ඇති අතර , අමාත්‍ය වරයා විසින් සිද්ධිය පිළිබඳ වාර්තාවක් ඉල්ලා ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා මෙසේ පැවසීය,
‘නීති විරෝධී ධීවර කටයුතු මුහුදට සහ රටට හානිකරයි. ධීවරයින් කිහිපදෙනෙකුගේ ආදායම වෙනුවෙන් ධීවරයින් බහුතරයකගේ ආදායම අහිමි වේ.
ඒ නිසා නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීමට නාවික හමුදාවට උපදෙස් දී ඇත.
ත්‍රිකුණාමලයේ සිදුවීම ද නීති විරෝධී මසුන් ඇල්ලීම නිසා සිදු වූවක් බව කියනු ලැබේ. සත්‍යය දැනගත හැක්කේ පරීක්ෂණවලින් පසුව පමණි.
නීති විරෝධී මසුන් ඇල්ලීම ද වැරදියි, වෙඩි තැබීම වැරදියි, ඒ සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම වැරදියි. එබැවින්, වාර්තාව ලැබුණු පසු සුදුසු ක්‍රියාමාර්ග ගනු ලැබේ.” ඔහු පැවසීය