ගොවි බිමට පුනරුදය නම් වූ නවතම කෟෂි සංවර් ධන වැඩ සටහනක් ආරම්භ කෙරේ.

ගොවි බිම්වල පවතින වාරි පද්ධති, කෘෂි මාර් ග ආදි යෙ හි ව්‍යාපෘති 1000 ක් සඳහා ගොවි සංවිධාන 1000 ක් වෙත රුපියල් මිලියනක උපරිමයකට යටත් ව  රුපියල් මිලියන 1000 ක් ලබා දීමේ ව්‍යාපෘති ය ගොවි බිමට පුනරුදය නමින් ආරම්භ කළ බව ඉඩම් හා මර් ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පැවසීය.

ඊයේ (29) ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පැවති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා එසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැ ක් වූ ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ගොවි සංවිධාන 1000 ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 1000 ක් සළකා බලා එම පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව ද ඇමති වර යා කීය.

ගොවිතැනේ දී ගොවි ජනතාවට ගැටළුවක් ව පවතින විවිධ පුනරුත්ථාපන කටයුතු පිළිසකර කර දෙන ලෙස ගොවි ජනතාව විසින් ම මෙම යෝජනා ඉදිරිපත් කර ඇති අතර  ඒවා පිළිසකර කිරීම ගොවි සංවිධාන මැදිහත්ව සිදු කෙරෙනු ඇති බව ද හෙතෙම කීය.

මෙම යෝජනා සඳහා ඇස්තමේන්තු සකස් කොට කොන්ත්‍රාත් එම ගොවි සංවිධාන වෙත ම ප්‍රදානය කිරීමට කටයුතු කොට ඇති අතර මැයි 15 වන දා සිට එම කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට නියමිත බව ද ඇමතිවරයා කීය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත හේරත් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වසන්ති සෙනෙවිරත්න පිරිස ද මෙම අවස්ථාවට එක්ව සිටිය හ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න