සහෝදර ජනපති තුමා ඔයාගේ කැබිනට් එකේ අයියලා කිහිදෙනෙක් සහෝදරත්වයෙන් සහයෝගය දෙනවා … බලන්න…. හා ද ආදරෙයි !
ලෝක බැංකු මූල්‍ය ණය ඇමරිකන් ඩොලර් මිලියන 451 ණය ගසා කෑමක්!
පළමු අදියට යටතේ තවම කර ඇත්තේ සියයට 16ක් පමණි!
එයත් අමුතුම විදයම් සඳහා ගෙවා ඇති. පරිගණක අයි බෑඩ් ගන්නත් විදම් කරලා…
ගසා කෑමට අනුර කුමාරගේ ආණ්ඩුවේ මැති ඇමතිවරු ද සිටිති.
ලෝක බැංකු මූල්‍ය ණය ඇමරිකන් ඩොලර් මිලියන 451 ණය පහසුකම් මත කෘෂි ක ර් ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩ සටහන් ප්රවේශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ දූෂණ වංචා සහ මහජන මුදල් අවභාවිතය ව්‍යාපෘතියේ සිදු වෙමින් පවතින මහා පරිමාන දුෂණ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය (11) දින පැමිනිල්ලක් සිදු කරනු ලැබීය.
ලෝක බැංකු මූල්‍ය ණය පහසුක්ම් මත කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිය ජාතික වශයෙන් ඉතා වැදගත්වන සංව ර්ධන වැඩ සටහන බව අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා පැවසීය.
කොළඹදී (11) දින පැවති මාධ්‍ය හමුවක දී අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ කීය.
මෙම ව්‍යාපෘතියේ පළමු මුදල තුලින් ගසා කෑමට සහයෝගය දී ඇත්තේ, ජාතික ජනබලවේග ආණ්ඩුවේ සමහර ඇමතිවරු හා රජයේ නිලධාරින්ද බව ද හෙතෙම කීය.
මෙම ව්‍යාපෘතිය පහත සදහන් අදියර 3 කින් වසර 10 කට අධික කාලයක් ක්‍රියාත්මක වීමට නියමිත යි.
පළමු අදියර තුළදී ගංවතුර පිළිබද වේලාසනින් අනතුරු ඇගවීම සහ කැළණි දේශගුණික අවපලපෑම් අවම කිරීමේ වැඩ සටහන සදහා ඇ.ඩො.මි. 93 ක් වෙන් වී ති බේ.
දෙවන අදියර තුළදී කැළණි දේශගණුක අවපලපෑම් අවම කිරීමේ වැඩ සටහන සදහා ඇ.ඩො.මි. 120 ක් ලබා දීමට සැලසුම් කර ඇත.
තුන්වන අදියර තුළ දී කැළණි දේශගුණික බපලපෑම් අවම කිරීමේ වැඩ සටහන සඳහා ඇ.ඩො.මි. 221 ක් ලබා දීමට සැලසුම් කර ඇත. මෙහි පළමු අදියරේ මූල්‍යමය ගිවිසුම ලෝක බැංකුව සමඟ මුදල් අමාත්‍යාංශය විසින් 2021 සැප්තැම්බර් 17 අත්සන්කර ඇති බව ද ඒ මහතා කීය.
මේ වන විට ලෝක බැංකුව විසින් මෙම ව්‍යාපෘතිය හදුන්වන්නේ ගැටළු සහගත ව්‍යාපෘතියක් යනුවෙනි. 2025 මැයි මස වන විටත් මූල්‍ය ප්‍රගතිය සියයට 16.51කි. එය කිසිසේත්ම ප්‍රමානවත් නොමැති බව ලෝක බැංකුව විසින්ම සදහන් කර තිබේ.
මෙහි පළමු අදියර තුළ දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය,වාරි මා ර් ග දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩ නැගිලි පරික්ෂණ ආයතනය යන ආයතන 4 සමග ව්‍යාපෘති කළමනාකරණ ඒකකය මගින් දේශගුණික අවබලපෑම් අවම කිරීමේ වැඩ සටහන රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අතුරින් අබතලේ ලවණතා භාධකය සැලසුම් කිරීම සහ ඉදිකිරීම් අවසන් කිරීම මෙන්ම වී ඔය ජලාශය ඉදි කිරීම සැලසුම් සැකසීම මහා පරිමාණ ව්‍යාපෘති දෙකකි. විශේෂයෙන් වර්ෂ 2030-2035 වන විට කොළඹ නගරයට සහ ආශ්රිත ප්‍රදේශවල ඇති වන උග්‍ර පානීය ජල හිගයට විසදුමක් ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ඉල්ලමී පරිදි ඉදිකිරීමට යෝජිත වී ඔය ජලාශය සදහා අවශ්‍ය අධ්‍යයන සහ සැලසුම් මෙම අදියරේ දී අවසන් විය යුතු ය. එහි ඉදිකිරීම් කටයුතු දෙවන අදියරේදී සිදු කරීි මට නියමිත ය.
කෙසේ වෙතත් වර්තමානයේ මෙම ජාතික වශයෙන් වැදගත්වන ව්‍යාපෘතිය අවස්ථාවාදී දූෂිත ලෙස බලය හා මහජන මුදල් අව භාවිතා කරන ව්‍යාපෘති අධ්යකෂ් ක වරයෙකුයටතේ 2023 සිට මෙහෙය වන නිසා කඩිනමින් විසදිය යුතු දූෂණ සහ පරිපාලන ගැටළු රැසක් මතු වී ඇත.දූෂිත සහ අත්තනෝමතික පරිපාලනයක් ගොඩ නැගීමේ පසුබිම
මෙම සංවර්ධන වැඩ සටහනේ මීට පෙර නර්ි මාතෘ (ආරම්භක ව්‍යාපෘති අධ්‍යක්ෂක) ලෙස කටයුතු කරනු ලැබූයේ වරලත් ඉංජිනෙර්යෙකි. ඔහු පසුගිය 2023 සැප්තැම්බර් මාසයේදී ව්‍යාපෘතියෙන් ඉවත් වූයේ උමා ඔය ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ලෙස ඔහු කාර්ය බහුල වූ නිසාවෙනි. මෙහිදී ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ පරු ප්පාඩුව සදහා ප්රසිදධ් පුවතප් ත් දැන්වීම් ඵල කර ඊට අයදුම්පත් කැදවන ලදී. සම්මුඛ පරීක්ෂණය සදහා අයදුම් කරුවන් 10 දෙනෙකු සහභාගී වී ඇති අතර එම 10 අතුරින් 9 දෙනෙකුම සුදුසුකම් සහති ඉංජිනේරුවරු බවට තොරතරු ැ හෙලි වී ඇත. එහෙත් එම 10 දෙනා අතුරින් ඉංජිනේරු උපාධියක් නැති (කෘෂිකර්ම උපාධියක් ඇති) ආර්. බී. බන්දුල සිරිමල් මහතාව එම ව්‍යපෘති අධ්‍යක්ෂක දූරයේ හෙබවීමට එවකට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ලෙස සිටි ශෂේනද්ර් රාජපක්ෂ මහතා කටයුතු කරන ලදී. දේශපාලන බලපෑම මත මෙම පත් කිරීම සිදු වූ නිසා සෙසු වරලත් ඉංජිනේරුවරු කිසිවෙකු ඒ පිළිබදව ප්‍රශ්න නොකරණ ලද බවට තොරතුරු හෙලි වේ.
එහෙත් මෙම ව්‍යාපෘතිය යසටය එැජයබසජ්ක ව්‍යාපෘතියක් නිසා එය මෙහෙය වීමට පුළුල් තාක්ෂණික දැනුමක් හා පලපුරුද්ධක් ඇති වරලත් ඉංජිනේරුවරයෙකු සිටිය යුතු බවට අවිවාදයෙන් පිළිගතයුතු කරුණකි. මන්ද යත් මෙම ව්‍යාපෘතියේ පවතනි තාක්ෂණික ගැඹුර පිළිබදව නිපුණත්වයක් නොමැති අයෙකුට ඉදිකිරීමට යෝජිත උප ව්‍යාපෘති සැලසුම්කරණය සහ එහි අඩුපාඩු හදුනා ගැනීමට හෝ අදාල වැඩිදියුණු කිරීම් සදහා උපදෙස් දීමට, අධීක්ෂණය කිරීමට මෙන්ම පරිපාලන කටයුතු සදහා තාක්ෂණික දැනුම අත්‍යවශ්‍ය වන හෙයිනි.
කෙසේ නමුදු සුදුස්සාට සුදුසු තැන නොලැබීමත් නොසුදුසු අයෙකු තනතුරට තේරිපත් වීමත් හේතුවෙන් අද වන විට මෙම ජාතික ව්‍යාපෘතිය විනාශ වෙමින් පවතී. වර්තමාන ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා තනතුරේ රැදී සිටීම සදහා නිරතුරුව ඉහල නිළධාරීනට් හා එන එන දේශපාලන නායකත්වයට බොරු කියමින්, සන්තෝෂම් ලබාදෙමින් ඔහුගේ වාසියටම පමණක් සිතා මතා අත්තනේාමතිකව කටයුතු කිරීම තුළ අද වන විට ව්‍යාපෘතියේ ප්‍රගතිය ඉතා දුර්වල මට්ටමක ඇත. මෙහිදී ඔහු විසින් සිදු කරන මහජන මුදල් අවභාවිතයන් සහ දූෂණයන් පහත සදහන් පරිදි පෙළ ගැස් විය හැක.
අත්තනෝමතික සහ දූෂිත ලෙස ව්‍යාපෘතියේ රථවාහන පරිහරණය කිරීම පැවති රජයේ දේශපාලන බලපෑම මත ව්‍යාපෘති අධ්‍යක්ෂක දූරයට පත් වූ හෙයින් ව්‍යාපෘතියේ රථවාහන රැයක් දවාලක් නැතිව දේශපාලන×යන්ගේ ඕනෑ එපාකම් අනුව පාවිච්චි කරීි මට අවස්ථාව ලබා දීම තුළ රාජ්‍ය දේපල දූෂිත ලෙස පරිහරණය කිරීම ප්‍රභල වරදකි. මෙහිදී වැය වන ඉන්දන සදහා ද අහිමි වනුයේ ව්‍යාපෘතියේ ණය මුදල්ය. කාර්ය මණ්ඩලය සදහා රජකාරී කටයුතුවලට ප්‍රවාහණ පහසුකම් සපයා ගැනීමේදී විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු විය. එහිදී fඏ්ත්ර නිරීක්ෂණ කටයුතු සැලසුම් කිරීමේදී සෙසු නිළධාරීනට් සිදු වූයේ ඔහුගේ රාජකාරී අවශ්‍යතාවයට අනවු fඏත්ර කටයුතු සිදු කිරීමට වඩා වාහන තියෙන වෙලාවට පමණක් එය සිදු කිරීමයි.
ව්‍යාපෘතියේ අරමණු කරා ලගා වීමටfඏ්ත්ර කටයුතු අඩාල විම තුළ ව්‍යාපෘතියේ ප්‍රගතියට ලගාවීම කඩිනම් නොවනු ඇත.
එමෙන්ම පසුගිය 2024 ජනාධිපතිවරණයේදී හිටපු වාරිමාර්ග ඇමති තුමිය විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ මැතිවරණ ක්‍රියාවලියේ නිරත වූ රථ වාහන සදහා ව්‍යාපෘතියේ මුදල් භාවිතා කරමින් අවස්ථා කිහිපයක දී ඉන්දන ලබාදීම තූළ මහජන මුදල් අවභාවිතයක් සිදු වී ඇත (ලේඛණ 01). මේ පිළිබදව වැඩි දුර තොරතුරු රථ වාහන කළමනාකරණ අංශය භාර කළමනාකරණ සහකාර වෙතින් ලබාගත හැක. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේ අවසාන සති 2-3 තුළ අනුර සහෝදරයා දිනන බව දැනගත් පසු ඔහු කඩිනමින් ජාතික ජනබලවේගය වැලද ගන්නට විය. වර්තමානයේ ඔහු සිය පුද්ගලික හිතවත්කම් හරහා ඉහළ නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය සම්ග සම්බන්ධ වී ඔවුන් නොමග යවමින් මෙම ආණ්ඩුවේ ප්‍රභලයෙකු ලෙස රග දක්වයි.
2023 ව්‍යාපෘති අධ්‍යක්ෂක තනතුරේ වාඩි වූ දින සිට මේ වන තුරු තම පරිහරණය සදහා කැබ් රථ 2 ක් (අංක ඡන්-3465 සහ ඡන්-3463) භාවිත කරන ලදී. මෙයින් නිරතුරුව එක රථයක් සිය බිරිදගේ සහ දියණියගේ නිවසේ වැඩ කටයුතු සදහා දවසට කිහිප විටක් රියෙදුරෙකු සමග භාවිතා කරයි. මේවායේ ධාවන සටහන් පහල සේවකයන් ලවා කාර්යාලීය කටයුතු සදහා යොදවාගත් බවට අත්සන්කර ගැනේ. අනෙත් රථය ඔහුගේ රජකාරී කටයුතු සදහා රියදුරෙකු සමග යොදවා ගැනේ. මේ අනුව ඔහු රියදුරන් දෙදෙනෙකු භාවිතා කරන බව සදහන් කළ යුතුය. මේ පිළිබදව බොහෝ තොරතුරු වසන් කිරීම සදහා රථවාහන ධාවන බලපත්‍ර සූක්ෂම ලෙස වෙනස්කර ඇති අතර රියදුරන්ගෙන් ගැඹුරින් ප්‍රශ්න කිරීම් තුළ සත්‍ය තොරතුරු හෙලිකරගත හැක.
ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාට ඔහුගේ නිළ රථය සදහා මසකට ඩීසල් ලීටර් 145 ක් සදහා ඉන්දන පිරිවැය හිමි වේ. ඔහු එම මුදල් පසුම්බියේ දමාගෙන කාර්යාලයේ සෙසු වාහන සදහා ඉන්දන ලබාදෙන කූපන් පතින් ඉන්දන පුරවාගෙන මූල්‍ය අවභාවිතයක් සිදු කරන බවට තොරතුරු හෙලි වේ (ව්‍යාපෘතියේ රථවාහන කළමනාකරණ කරන අංශයෙන් මේ පිළිබදව තොරතුරු විමර්ශණය කළ හැක).
ජංගම දුරකථන සහ i-pad මිලදී ගැනීම සිදු කර තිබේ.
මේ අනුව ව්‍යාපෘති අධ්‍යක්ෂක විසින් විදේශීය ණය ගැතිභාවයෙන් හෙම්බත් වී සිටින රටක, බහුතර මිනිසුන්ට ජල බිල සහ විදුලි බිලවත් ගෙවා ගැනීමට අපහසු ආර්ථිකයක් තුළ රටේ සංවර්ධනයට ලැබී ඇති ණය මුදල් භාවිත කරමින් රුපියල් 408515 ක ජංගම දුරකථන යන්ත්‍රයක් මිල දී ගැනීම තුළින් මහජන මුදල් දූෂිත ලෙස අවභාවිතා කිරීම සිදු කර ඇත. එමෙන්ම තව දුරටත් එවා මිලදී ගැනීමට සැලසුම් කිරීම සිදු කර තිබේ.
මොහු ව්‍යාපෘතියේ නොසුදුසු තනතුරක් දැරීම හේතුවෙන් එම තනතුර රැක ගැනීම සදහා නිරතුරුව ඉහල නිළධාරීන්ගේ හත දිනා ගැනීමි ට සංවර්ධන කටයුතු සදහා ලැබී ඇති විදේශීය ණය මුදල් භාවිතාකර විවිධ සන්තෝෂම් ලබා දීම සාර්ථකව සිදු කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස 46,80,000,00 ක් වැනි විශාල මුදලක් වැය කරමින් i-pad 4 ක් මිලදී ගෙන ඉහල නිලධාරීන්ට බෙදා දී ඇත.
මෙහි දී අනුර දිසානායක ජනාධිපති තුමා බලයට පත් වූ පසු ඔහු යටතේ මාස දෙකක් පමණ කෘෂිකර්ම, ඉඩම්, පශුසම්පත්, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යංශයේ සිටි ලේකම් තුමා විසින් මේ පිළිබදව විගණනයක් සිදු කිරීමට නියෝග දී ඇති අතර විගණනයෙන් පසු i-pad 4 සදහා වැය වූ මුදල ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාගේ පුද්ගලික මුදලින් අයකර ගන්නා ලෙස නියෝග කර තිබුණි.
එහෙත් මෙය එවකට සිටි අතිරේක ලේකම් පාලන විසින් සූක්ෂම ලෙස කල්මරමින් මගහැර පාර්ලීමේන්තු මැතිවරණයෙන් පසු මෙම අමාත්‍යංශයට අලුතේන් පත් වූ ඩී. පී. වික්‍රමසිංහ නම් වූ ලේකම් තුමා වෙත ඉදිරිපත් කරනු ලැබූයේ එම අයකර ගැනීම ගැටළුසහගත බවයි. පසුව එම ස-ච්ා වලින් එකක් වර්තමාන ලේකම් තුමාද ලබාගත් බවට තොරතුරු හෙලි වේ. එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්යක්ෂ ජනරාල් ලගද තවත් i-pad යන්ත්‍රයක් පවතින බවට තොරතුරු හෙලි වි තිබේ.
Samsung Microwave සහ ඩිජිටල් තිර මිලදී ගැනීම
ව්‍යාපෘතියේ ණය මුදල් පාවිච්චි කරමින් ව්‍යාපෘතියේ කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව අයත්තනෝමතිකව දූෂිත ලෙස Samsung Microwave 4 ක් මිලදී ගෙන ඇත.
මේ සදහා මහජන මුදල් රු 353,995.00 ක් වැය කර ඇති අතර මෙය කුමක් සදහා කාගේ අවශ්‍යතාවයට මිලදී ගත්තේ ද යන්න ගැටලුවකි. එමෙන්ම මේ වන විට ඒවා තබා ඇත්තේ කොහේ ද යන්න ද පරීක්ෂා කළ යුතුව ඇත.
රුපියල් ලක්ෂ 200 ක් පමණ වැය කර ඩිජිටල් තිර දෙකක් ලබාගෙන ඇති අතර ඉන් එක් තිරයක් කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුවේ ස්ථාපිත කරන බවට තොරතරු ැ හෙලි විය. කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුකෙව් ස්ථාපිත කරන තිරය කාලීන අවශ්‍යතාවයක් ලෙස සැලකිය හැකි වූවද සෙසු තිරය මිලදී ගනු ලැබූයේ කුමක් සදහා කාගේ උවමනාවටද යන්න මෙන්ම එහි ඇති ඵලදායිතාවය කුමක්ද යන්න පරීක්ෂා කර යුතුව ඇත.(තොරතුරු සත්‍යාපනය සදහා ප්‍රසම්පාදන අංශයෙන් විෂයභාරව සිටි නිළධාරියාගෙන් කරුණු විමසන්න).
Lap top 45 ක් මිලදී ගැනීමේදී මහජන මුදල් අවභාවිතා කිරීම
ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සදහා රාජකාරී පරිහරණයට අවශ්‍ය (Lap top) පරිගණ යන්ත්‍රයක් ගැනීම සදහා උපරිම වශයෙන් වැය වනුයේ රු 300000-400000 ක් පමණී. එහෙත් මෙම ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ අවශ්‍යතාවය මත එක් පරිගණකයක් සදහා රු 671420 ක් වැනි විශාල මුදලක් වැයකර ඇත. ඒ අනුව රු 671420 බැගින් වැයකර එබදු පරගණක 45 මිලදී ගෙන මහජන මුදල දූෂිත ලෙස අවභාවිතාකර ඇත.
ව්‍යාපෘතියේ මූල්‍ය ඉලක්කය ඉහලදමා පෙන්වීමට ගගේ මුහුදේ දමා හෝ මුදල් ටික වියදම් කිරීම මොහුගේ අරමණු යි. නිසියාකාර නියාමනයක් ඉහලින් සිදු නොවීමත් කොමිස් මුදල් ගැනීමත්, පහසුවෙන් මුදල් වියදම්කර පෙන්වීමත් යන හේතු නිසා මෙලෙස පරිගණක සහ වෙනත් අත්‍යවශ්‍ය නොවන උපකරණ මිලදී ගැනීම හා ඒවා බෙදා දීම මොහහුගේ ඉතා ජනප්‍රිය ක්‍රියාවලියකි.
ව්‍යාපෘතියේ පුරප්පාඩු වී ඇති කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත තනතුරු බදවා නොගෙන දූෂිත ලෙස බලය අවභාවිතා කිරීම
කළමණාකරණ සේවා දෙපාර්තමේනතුවේ අනුමත ව්‍යාපෘතියේ පුරප්පාඩු වී ඇති වැඩ සටහන් විශේෂ තනතුර සදහා බදවා ගැනීමට අවස්ථා 3 ක දී පමණ ප්‍රසිද්ධ පවු ත්පත් දැන්වීම් ඵල කළ අතර ඒ සෑම අවස්ථාවකදීම සුදුසුකම් සහිත අයදුම්පත් අස්ථානගත කර අනතුරුව සම්මුඛ පරීක්ෂණය සදහා සුදුසුකම් ඇති අය සහභාගී නොවූ බව පවසමින් දිගින් දිගටම එම තනතුර පුරප්පාඩු ලෙස පවත්වාගෙන එහි රාජකාරී ආවරණය කරන බව පවසා රුපියල් 38000 ක පමණ මුදලක් පඩියට අමතරව 2023 අග භාගයේ සිට මේ දක්වා ලබා ගැනීම සිදු කර ඇත.
මෙහි අනර්තයන් රැසකි. එනම් ප්‍රසිද්ධ පුවත්පත් දැවීම් සදහා රුපියල් ලක්ෂ ගණන් මහජන මුදල් නිකරුණේ වැය කිරීම, එම රාජකාරිය නිවැරදිව ඉටු නොවීම මෙන්ම මූල්‍ය අවභාවිතයන් සිදු වීමයි.
මෙලෙසම ප්‍රසම්පාදන විශේෂ×වරයා බදවා ගැනීම සදහා ද ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් අවස්ථ කිහිපයක් ඵල කර ඇති අතර පෙර සදහන් කළ පරිදිම සුදුසුකම් ඇති අයදුම්පත් අස්ථානගත කර උපදේශන පදනමෙන් මාස 3 හෝ 6 ක සේවා කාල සදහන්කර ලක්ෂ 3-4 ක වැඩි වැටුපකට බදවා ගැනේ.
උපදේශන පදනමේ බදවාගත් අයෙකුට වගකීමක් සහිත බලයක් හිමි නොවන අතර ඔවුන් කෙටි කලකින් ඉවත්ව යන අතර යලිත් නවකයෙකු එලෙසම බදවා ගැනේ (සියළු විෂයන්වල බලය තමන් සතුව තබා ගැනීමේ ගෝත්‍රික මානසිකත්වය නිසා මොහු මෙලෙස සිදු කරයි). ඕනෑම ව්‍යාපෘතියක ප්‍රසම්පාදන විශේෂ×වරයා සතුව විශාල වැඩ කොටසක් හා වගකීම් ඇත. මොහුගේ දූෂිත ක්‍රියාවලිය
නිසා මෙම ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන අංශය ඉතා දුර්වල වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපෘතියේ ඉලක්ක කරා ලගා වීමද ඉතා ප්‍රමාද වී ඇත.
ව්‍යපෘතියේ අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා දූෂිත ලෙස අත්තනෝමතිකව උපදේශන පදනමෙන් කාර්යමණ්ඩලය බදවා ගැනීම සිදු කර තිබේ.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලය 28 ක් වන අතර වර්තමානයේ එය 100 කට ආසන්න වී ඇත. සැබවින්ම ව්‍යාපෘතියේ කටයුතු සාර්තකව ක්‍රියාත්මක කිරීම සදහා 28 ක කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන අතර ඒ සදහා තවත් කාර්ය මණ්ඩලය 20-30 ක පමණ අවශ්‍යතාවයක් පවතී. එහෙත් එම ප්‍රමාණයද ඉක්මවා වර්තමානයේ මෙපමණ සහායක කාර්ය මණ්ඩලයක් බදවාගෙන ඇත්තේ අධ්‍යක්ෂකවරයාගේ හිතු මතේටය.
විශේෂයෙන් ඔහු සිය තනතුරේ රැදීම සදහා ඉහල නිලධාරීන්ගේ සහ දේශපාලන අධිකාරියේ හිතවතුන්ගෙන් අයදුම්පත් ගෙන්වාගෙන කිසිදු පදනමක් නොමැතිව අත්තනෝමතිකව සහයක කාර්ය මණ්ඩලය බදවා ගැනේ.
මෙහි දී ඇතැම් අංශවල එකම රාජකාරිය ඉටු කිරීම සදහා දෙතුන් දෙනා සිටින බව දැකිය හැකිය. පසුගිය ආණ්ඩුව සමයේ දේශපාලන අධිකාරිය නියෝජනය කළ සේවකයෙකුට කාර්යාලයේ අත්සන් ලේඛණයේ කිසිදු අත්සන් තැබීමකින් තොරව (සේවට වාර්තා නොකර) වැටුප් ගෙවා ඇති බවට ද තොරතුරු හෙලි වේ.
එමෙන්ම උපදේශන පදනමේ සේවකයනට් වැටුප් ලබාදීමේදී ද කිසිදු ප්‍රමිතියකින් තොරව තම මනාපය අනුව කටයුතු කරන අතර සුදුසුකම් හා පලපුරුද්ධ පිළිබදව ද නිසි ප්‍රමිතිගත සැලකිල්ලක් නොදක්වයි.
ප්‍රසම්පාදන කටයුතු සදහා බලපෑම් සිදු කිරීම
ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමේදී ප්‍රසම්පාදන අංශයට විවිධ අයුරින් බලපෑම් එල්ල කරමින් එය වැරදි ලෙස හසුරුවන අතර තම හිතවතුන්ට කොන්ත්‍රාත් ලබාදීමට කටයුතු කිරීම නිසා ඇතැම් විට සෙසු කොත්‍රාත් ආයතන දෝෂාරෝපණය කළ අවස්ථා මෙන්ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ගිය අවස්ථා ද දැකිය හැක.
එමෙන්ම ප්‍රසම්පාදන කිමිටු පත් කිරීමේදී ද ඊට අයුතු බලපෑම් අති කරෙන අතර සෑම කමිටුවකටම ව්‍යාපෘතියේ ගණකාධිකාරීවරයා ඇතුළත් කර ගනී.
ව්‍යාපෘතියේ මූල්‍යමය විනය පවත්වාගෙන යන ගණකාධිකාරී ප්‍රසම්පාදන කමිටුවලට සහභාගී වීම ජදබකෙසජඑ දf සබඑැරුිඑ තත්ත්වයකි.
නිරතුරුව තම හිතවතුන්ට කොන්ත්‍රාත් ලබා දීම සදහා ප්‍රසම්පාදන කමිටුවලට පැමිණ බලපෑම් කිරීම සුලභව දැකිය හැකය.
බලය දූෂිත ලෙස අවභාවිතා කිරීම රටේ සංවර්ධන කටයුතු සදහා ලබා දී ඇති මුදල් භාවිතා කරමින් නිකරුණේ ඔහුගේ පුද්ගලික අවශ්‍යතාවය අනුව ක්‍ක්‍ඔඪ කැමරා සවිකර සෙසු කාර්ය මණ්ඩලය නිරතුරුව නිරීක්ෂණය කරන අතර සෑම අවස්ථාවකම සියලු දෙනා සැකකරන මානසිකත්වයක් ඇත. කාර්ය මණ්ඩලයේ එක් අංශයක සිටින අයෙකු වෙනත් අයෙකුගේ කාමරයකට රජකාරී සදහා ගියහෝත ඔහුව ගෙන්වා නිරතුරුව ප්‍රශ්න කිරීමේ පුරුද්දක් ඇත. මෙම තත්ත්වය තුළ කාර්යාලයේ ව්‍යාපෘති කාර්ය මණ්ඩලය අතර කණ්ඩායම් හැගීමක් හෝ අත්දැකීම් බෙදාහදාගෙන මතු වන ගැටලු සදහා පිළියම් සෙවිය නො හැක.
තමන්ට ව්යාපෘතුය තුළ ඔීනෑම තීරණයක් ගත හැකි බවත් ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙකු ඉවත් කිරීමට ඔහුට අමාත්‍යාංශ ලේකම් ගෙන් බලය ලැබී ඇති බවත් (ඔහු සදහන් කරනුයේ ලේකම් තුමා නිතර ඔහුගේ සාධවලට පවා සහභාගී වන බවයි), කව්රු මොනව කිව්වත් හැන්ද තියෙන්නෙ ඔහු අත බවත් පවසයි (මෙහිදී ඔහුට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමතිවරයාගේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති භාර අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතාගේ සහය නිරතුරුව ලැබෙන බවත් පවසයි.
එහිදී සේවකයින් ඉවත්කරන බවට තර්ඡනය කිරීම්, භිය වැද්දීම් ආදිය සුලභව දැකිය හැකිය. සේවකයෙකුගේ කාර්ය සාධනය කෙතරම් සාර්ථක වූවත් ඔහුගේ මනාපය නැති අයෙකු නම් සූක්ෂම ලෙස සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරේ. එවැනි අවස්ථා අනන්ත ඇත. මෙය ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ බලය දූෂිත ලෙස අවභාවිතා කරීි මකි. (මොහු විසින් බලහත්කාරයෙන් රැකියා අහිමි කළ සේවකයින්ගෙන් මේ පිළිබදව තොරතුරු විමර්ශණය කළ හැකිය).
විදේශ ණය මත ක්‍රියාත්මක වන මෙම සංකර්ී ණ ව්‍යාපෘතියේ කණකාධිකාරීවරයා සතුව රාජ්‍ය මුල්‍ය විනය පිළිබදව විශාල වගකීමක් ඇත. එහෙත් මෙම ව්‍යාපෘතියේ එම මූල්‍ය විනය දැකිය නොහැකි වනුයේ වත්මන ් ගණකාධිකාරීවරයාට නියමිත සුදුසුකම් නොමැති නිසාවෙනි.
ඔහු ගණකාධිකාරී අංශයේ මූලික උපාධියක් නොමැති අතර කලා උපාධි ධාරියෙක් බවට තොරතුරු හෙලි වේ. පසුගිය රාජපකෂ් කාලයේ දේශපාලන බලය මත මෙම තනතුර ලබාගෙන ඇති අතර මොහු මෙහි දිගින් දිගටම රදවා ගැනීම වැරදි බව දැන දැනත් ඔහු සමගම සියලු මූල්‍ය කටයුතු සිදු කිරීම ව්‍යාපෘති අධ්යකෂ් ක විසින් සිදු කරන වංචාවකි.
මෙහිදී වත්මන් ගණකාධිකාරීවරයා ද ඔහුගේ රැකවරණය සදහා ව්‍යාපෘති අධ්‍යක්ෂකට අවශ්‍ය ආකාරයට සෑම අවභාවිතාවක් සදහාම සහය ලබා දී එය විධිමත් ගණුදෙනවු ක් ලෙස ලිපි ලේඛණ සැකසීමට පෙලබී ඇත.
මහජන මුදල් මූල්‍ය විනයකින් තොරව හැසිරවීම තුළ රටට සිදු වී ඇති පාඩුව හෙලි කරමින් මොහුගේ සුදුසකම් පරීක්ෂා කර බලා අදාල විමර්ශණයන් සිදු කළ යුතුව ඇත.
දූෂිත ව්‍යාපෘති කළමනාකරණය තුළ ජාතික ව්‍යාපෘතියක් විනාශ කිරීම හා මහජන මුදල් නිකරුණේ වැය කිරීම
කිසිදු තාක්ෂණික දැනුමක් නොමැතිව ව්‍යාපෘතිය හැසරවීම නිසා මතුවන කිසිදු තාක්ෂණික ගැටලුවකට පිළියම් සෙවීමට මොහු අසමත් වී ඇත. මේ වන විට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ මූල්‍ය ගිවිසුමේ ඇති මූලික ව්‍යාපෘති අරමුණුවලින් පරි භාහිර ව යි.
මේ වන විට ව්‍යාපෘතියේ පලමු අදියරේදී සැලසුම් කර ඉදිකිරීම් අවසන් කිරීමට තිබූ අබතලේ ලවණතා භාධකය ඉදිකිරීමේ උප ව්‍යාපෘතියේ සැලසුමවත් තවම අවස්න වී නො මැත.
එහි සැලසුම් සැකසීම සහ ඉදිකිරීම් අධීක්ෂණය කිරීම සදහා විදේශීය උපදේශන සමාගමක් බදවා ගෙන සිටින අතර එය නිවැරදිව අධීක්ෂණය හා මෙහෙයවීම සිදු කර ලංකාවට අවශ්‍ය සැලසුම් නිම කර ගැනීමට තාක්ෂණික දැනුම මෙම ව්‍යාපෘති අධ්යකෂ් කවරයාට නොමැත.
මෙය නිවරදවි අමාත්‍යංශ මට්ටමෙන්ද සිදු නොවන නිසා පලමු අදියරේ ව්‍යාපෘති කටයුතු ඉතා දුර්වල මට්ටමක ඇත. මේ නිසා පලමු අදියරේ ඉදිකරීි ම් සිදු කර අවසන් කිරීමට නියමිතව තිබූ අබතලේ ලවණතා භාධකය දෙවන අදියර දක්වා තල්ලු වී ඇත.
මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මන්ද යත් ඔක්තෝම්බර් -2021 අත්සන් කරන ලද මූල්‍ය ණය ගිවිසුමට 2025 ආරම්භය වන විට ශ්‍රී ලංකා රජය විසින් ලෝක බැංකුව වෙත ගෙවිය යුතු කැපකිරීම් ගාස්තු commitment amount රුපියල් මිලියන 198.96 ක් පමණ ඉහළ ගොස් ඇත. මෙම ව්‍යාපෘති නිසා ශ්‍රී ලංකා රජය ලෝක බැංකුවට ගෙවිය යුතු සම්පූර්ණ කැප කිරීම්
ගාස්තුව ඹී/ 310 million කි. සංවර්ධන කටයුතු සදහා ලැබුණු මුදල් නිසි පරිධි කළමනාකරණය නොකරි ීම මහත් අපරාධයකි. එමෙන්ම කොළඹ නගරය හා ඒ ආශ්‍රීත ප්‍රදේශවලට පානීය ජල අවශ්‍යතාවය සදහා ඉදිකිරීමට යෝජිත වී ඔය ජලාශයේ අවසන් තාක්ෂණික නිමවුම් වාර්තාව සැකසීමට මේ වන මේ වන විට විදේශීය උපදේශන සමාගමක් පැමිණ ඇති අතර එයද නිවැරදිව මෙහෙය වීමේ දැනුම මොහුට නොමැති නිසා එයට ද අබතලේ ලවණතා භාධකයට අත්වූ ඉරණම අත්වෙමින් පවතී. වර්තමානයේ ලෝක බැංකුව මෙම ව්‍යාපෘතිය හදුන්වන්නේ දුර්වල ව්‍යාපෘතියක් මෙන්ම චරදඉකැප චරදවැජඑ එකක් ලෙසය.
මෙහි ඇති ඊලග භයානක ගැටලුව වනුයේ පලමු අදියර අවසන් වනුයේ 2025 දෙසැම්බර් 31 වන දින වන හෙයින් තව ඇත්තේ මාස 17 ක් තරම් ඉතා කෙටි කාලයකි. මේ වන විටත් මූල්‍ය ප්‍රගතිය සියයට 16 ක් වැනි දුර්වල මට්ටමක පවතී. මෙහි පලමු අදියරේ එකග වූ ක්‍රියාකාරකම් අවසන් කිරීමට නො හැකි වූවහොත් සෙසු අධියරයන් ද නො ලැබෙනු ඇත.
එහිදී පලමු අදියරේ වියදම් කළ ණය මුදල්වල කිසිදු ප්‍රතිඵලයක් නොවන බව පැහැදිලිය. විදේශීය ණය කන්දකට යට වී දුක් විදින ජාතියකට මෙය තවත් උසුලාගත නොහැකි බරක් වනු ඇත. ඒ නිසා කඩිනම්න් වැරදිකරුවන් සම්බන්ධව විමර්ශන පවත්වා ඔවුන් මෙම ව්‍යාපෘතිය තුළ දූෂණ වංචා සිදුකර තිබේ නම් කඩිනමින් නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා වැඩිදුරටත් පැවසීය.