රටේ ජනතාව පැතු නිවැරදි දේශපාලන දිශාන්තය වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් හෝ අනුර කුමාර දිසානායක සහෝදර ජනාධිපති වරයාගෙන් ඉටු වන බවක් දැකිය නො හැකි බව සමාජ ක්‍රියාකාරී නව අරගල සංවිධානයේ කැඳවුම්කරු ගෝල් ෆේෂ් අරගලයේ මුල්ම අරගල සටන් කරුවා ලෙස ලංකා ඉතිහාසයට එක්වන සාගර ධනංජය කැටපේආරච්චි මහතා පැවසීය.
(15) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේස ද පැවසීය.
අප රට දිනාගත් අරගලයේ සැබෑ ජනතා බලාපොරොත්තුව මේ රටේ කිසිදු බලවේගයකින් උදා නොවන නිසා නව අරගල කාරි ජනතාමය දේශපාලන ප්‍රවාහහයකට ගමන් කරන්නට රටම එක්කරමින් සිටින බව ඒ මහතා කීය.
අරගලයෙන් බලයට ආ කිසිදු දේශපාලන නායකයෙක් රටේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන්නේ නැති නිසා ජනතාවගේ ඉල්ලීම මත නව අරගල කාරි දේශපාලන ප්‍රවාහයකට ගමන් කරන්ට පියවර ගන්නා බව ද ඒ මහතා කීය.
ජනතාවගේ හදවතට කතා කර රට ගොඩ නඟන ගමනක් දක්වා සත් භාවයෙන් ගමන් කරමින් කිසිදු සිත් රිදීමක් හෝ කිසිදු විනාශයක් සිදු නො කර සත්‍යව වූ ජනතාවගේ සිතුම් පැතුම් ජන ගත කර සමාජ ගත කරන්නා වූ ගමනකට අප මේ වන විට ප්‍රවේෂවී සිටින බවත් මේ සඳහා මේ වන විට ගමින් ගමට දොරින් දොරට ජනතාව දැනුවත් කරමින් බිම් මට්ටමේ සිට මෙම ජනතා ව්‍යාපාරය ශක්තිමත් කරමින් සංවිධානය කරමින් සිටින බවත් ඒ මහතා කීය.
රට දිගු කාලයක් රට පාලනය කළ දේශපාලඥයින් අපයෝජනය කළා. විජාතික බලවේගවල තෝතැන්නක් බවට ලංකාව පත් කළා . එයබේරා ගන්න බලය ලබා දුන් මේ ආණ්ඩුව ද ඒ ගමන වෙනත් ආකාරයට ගමන් කරමින් සිටිනවා.
අනුර කුමාර සහෝදර පාලනය අප බලා පොරොත්තු වූ දේ ඉටු කරන්නට එතුමාට නො හැකි වී තියනවා. රට කාබාසිනියා කළ විනාශයට මේ අයගෙන් කිසිදු විසදුමක් සිදු වන බවක් දැකිය නොහැකියි.
අරගලයේ දි අපේක්ෂා කර ගත් බලාපොරොත්තු ඉටු වී නෑ. මේ පාලනයේ නොහැකියාව හා වැඩ බැරි බව මේ වන විට දැකිය හැකියි.
ජනාධිපතිවරයා පටු දේශපාලන සංකල්පයක් මත ගමන් කරමින් ජනතාව මුලා කරමින් සිටිනවා. රාජ්‍ය දේපල අත්පත් කරගෙන විකුණනමින් නිවැරදි විදෙස් විදෙස් ප්‍රතිපත්තියක් නොමැතිව විදේශිය රටවල්වලට වාසි සහගත ආකාරයට රටේ ආර්ථිකය මෙහෙය වන සමාජ, දේශපාලන ක්‍රමවේදය එකමිකට අරගෙන රට පෙරට අනුර ජනපතිතුමා රැගෙන යන තත්ත්වයක් අප දකිනවා.
මේ අප ජනතාව බලා පොරොත්තු වූ අරගලයේ සැබෑ ව නොවෙයි. ඒ නිසා ජනතාවට තවත් පියවරක් ඉදිරියට ගමන් කරන්නට අපට සිදු තියනවා. අද ජනතාවට ජීවත් වෙන්ට හැකියාවක් නෑ. සමාජ ආර්ථික, පරිසර, දේශපාලන ප්‍රශ්ණ නිසා ජනතාව හෙම්බත් වී ජනතාව නැත්තටම නැති වී අගාධයට වැටෙමින් තිබෙනවා.
ජන සහභාගිත්ව දේශපාලන ක්‍රමවේදයක් රටේ ඇති කර අදට රටට ලොවට ගැල පෙන ආකාරයට දුක්විදින ජනතාවගේ නාමයෙන් ඉදිරියට ගමන් කරන්නට දැන් අපට සිදුව තියනවා.
මේ නිසා ජනතාවට නායකත්වයක් ලබා දෙන දේශපාලන ක්‍රමවේදයකට ගමන් කරන්ට අප සැලසුම් සකස් කරමින් සිටින බව ද එය කිසිදු සන්නද්ධ අරගලයක් නොව ජනතාවාදී අරගලයකින් රටේ වෙනසකට ගමන් කරන්නට සැලසුම් සකස් කරමින් සිටින බව ද සමාජ ක්‍රියාකාරී නව අරගල සංවිධානයේ කැඳවුම්කරු ගෝල් ෆේෂ් අරගලයේ මුල්ම අරගල සටන් කරුවා ලෙස ලංකා ඉතිහාසයට එක්වන සාගර ධනංජය කැටපේආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.