අවුරුදු සමයේ දී ගිණි කෙළි භාවිතය නිසා සිදු වන අනතුරු අවම කිරීම සඳහා ජනතාව සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටිති.
ඊයේ (09) කොළඹ අක්ෂි රෝහලේ පැවති මාධ්‍ය හමුවක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.
මෙහි දී අදහස් දැක් වූ ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙසේ කීය.
ගිනි කෙළිවලින් සිදු වන අනතුරු ප්‍රමාණය දෙස බැලීමේ දී අත් පා හා ඇඟිලිවලට සිදු වන අනතුරු ප්‍රමාණය සියයට 46 ක් පමණ වන බවත් එම අනතුරුවලින් සියයට 17ක්ම ඇස්වලට සිදු වන අතර මුහුණ හිස ඇතුළු ප්‍රදේශවලට සිදු වන ගිනිකෙළි අනතුරු ප්‍රමාණය සියයට 17ක් පමණ වෙනවා.
කුඩා දරුවන් හා තරුණ පිරිස් ගිනි කෙළිවලින් සිදු වන අනතුරු වලින් වැඩි පුරම පීඩාවට පත්වන පෙන්වා දිය හැකියි.
ලංකාවේ රතිඥ්ඤා දැල්වීම නිසා සිදු වන අනතුරු ප්‍රමාණය සියයට 32 ක් වන බවත් වෙනත් ගිනි කෙළි භාණ්ඩ නිසා ද ගිනි කෙළි අනතුරු රැසක් දැකිය හැකි යි.
ජනතාව තුළ ගිනි කෙළි භාවිතය හා ඒ සම්බන්ධයෙන් සිදු විය හැකි අනතුරු පිළිබඳව දැනුවත් භාවය නිසා ලෝකයේ ගිනි කෙළි අනතුරුවල අඩුවක් දැකිය හැකි ව තියනවා.
ගිණි කෙළි නිසා සිදු වන අනතුරු අතර ඇසට වන හානිය ඉහළ මට්ටමක පැවතීම ඉතා බරපතල කරුණක් නිසා ගිණි කෙළි භාවිතයේ දී වඩාත් සැලකිලිමත් වන්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
අවුරුදු සමයේ දී ගිණි කෙළි නිසා ඇතිවිය හැකි අනතුරු වලක්වා ගන්නට සියලුම දෙනාගේ වගකීමක් වෙනවා.
ගිණි කෙළි භාවිතයේ දී නො දැනීම, අවදානය අඩු වීම, නො සැලිකිළිමත් වීම ද හේතු වන බව ද පෙන්වා දිය හැකියි.
පසුගිය වසරවලට සමගාමීව දැනට ලංකාවේ ගිණි කෙළි අනතුරු අඩු වීමට මාධ්‍ය විසින් ලබා දුන් අනගි සහායට අගය කළ විය යුතුයි. බෝබ්බය මෙන් රතිඤ්ඤා සමාන ජනතාව දැනවත් විය යුතුයි. ඕනෑම කෙනෙක් රතිඤ්ඤාව පුපුරා දමන්නට හැකියි.
ගිණි කෙළි නිසා ඇසේ සියළු පටක හා ස්නායු පුපුරා දමන් බව ජනතාව මතකයේ රදවා ගත යුතුයි.
එසේ හානි වූ ඇසක් නැවත පෙනීම ලබා ගැනීම අති දුෂ්කර හෝ නො හැකි වෙනවා. මෙය මුදල් වියදම් කර ගෙන කර ගන්න හානියක් බව පෙන්වා දිය හැකියි.
ගිණි කෙළි නිසා අවුරුදු කාලයේ වැඩියෙන් අනතුරු සිදු වන්නේ ළමා පිරිසටයි. ළමයින් ගිණි කෙළි භාවිතා කරන්නේ නම් වැඩිහිටියන්ගේ අනු දැනුම මත පමණක් ගිණි කෙළි භාවිතා කළ යුතු වෙනවා.
මොළය වැඩෙන කාල සමයේ ළමයින් රතිඤ්ඤා අනතුරු වලට ලක් විමෙන් සිදු වන හානිය යලි ආපස්සට හැරවිය නො හැකි බරප තල කරුණක් බව පෙන්වා දිය හැකියි.
රතිඤ්ඤා පමණක් නොව නිලා කූරු ද ළමයින්ට හානි සිදු සිදු කරනවා.
ඇස් දෙකම හානි වූ අසරණ ළමයි අනාගතයම අඳුරු කර ගන්නා බව ගිණි කෙළි භාවිතා කරන ජනතාව දැන ගත යුතුව තිබෙනවා.
විශේෂඥ වෛද්‍ය නිලධාරියෙකු ඇතුළුව අවශ්‍ය සියලු ඖෂධ උපකරණ කාර්ය මණ්ඩලය සහිත විශේෂ හදිසි අනතුරු කාලයේ ජාතික අක්ෂි රෝහලේ ක්‍රියාත්මක වෙනවා. මෙම හදිසි අනතුරු ඒකකය දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක යි.
පැරණි කාලයේ අවුරුදු කලයේ චක්ගුඩු ගැසීමෙන් ඇස් අන්ධ වූ අවස්ථා එවක බහුල දක්නට ලැබුනා. දැන් ඒ වෙනුවට රතිඤ්ඤා ක්‍රීඩාව පැමිණ තියනවා. ගිණි කෙළි නිසා සෑම වසරකම සමහර දරුවන්ගේ ළමා ජීවිත අඳුරු වෙනවා.
ගිණි කෙලි නිසා ඇසට හානියක් වූ විට ගලා යන වතුරෙන් සේදීම හැර වෙන කිසි ප්‍රතිකාරයක් නොකර ආරක්සිත වැස්මක් දමා යොදා ලඟම රෝහලට රෝගියා රැගෙන යන්නට ජනතාව කටයුතු කළ යුතුව තියනවා.
අතට අනතුරක් වූ විට ජලය දමා සීතල කරමින් ලේ වහනය වීම නිවැරදිව වලක්වා ගෙන වහා රෝහලට යන්න. වැඩි පුර නොදැන එතීමෙන් තවත් හානි වේ. ලේ ගමනා ගමනය නතර නොවේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් සැලකිලි මත් වන්න යැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රතිඤ්ඤා ප්‍රමිති සහතිකයක් ඇත්නම් ඒවා ගන්න ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රතිඤ්ඤා පත්තු කර අනෙක් අයට දමන්න එපා.වැරදි සෙල්ලම් කරන්න එපා. රතිඤ්ඤා පත්තු කරන්නේ නම් එය කල යුත්තේ සිදු විය හැකි හානි දැන ගෙනයි. ප්‍රමිති ගත රතිඤ්ඤා ශ්‍රී ලංකාවේ තිබේ ද යන්න තමන් නො දන්න බව අක්ෂි වෛද්‍ය වරු ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකාවේ රතිඤ්ඤා පත්තු කිරීමේ දී ඇස් ආරක්ෂා වන කණ්ණාඩි පැලඳීම අත්‍යවශ්‍යයි අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුනගේ මත යයි. මත්පැන් පානය කර රතිඤ්ඤා පත්තු කරන්න එපා.
ලංකාවේ රතිඤ්ඤා වල භාවිත කරන පිළිවෙල හා ප්‍රථමාධාර සඳහන් කරන ලෙස ආණ්ඩුවේ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව විශේෂඥ වෛද්‍ය වරුගේ අදහසයි.
රතිඤ්ඤා සතුන්ගේ හා මිනිසුන්ගේ ඇඟට දැමීම කරන්න එපා. අහස් කූරු පත්තු කර හරහට යවන්න එපා. මේ කාලයේ සුරතල්. සතුන් ගේ ඇතුලේ තබා ගන්න. එක් වරක් දැල්වූ පසු පත්තු නොවූ රතිඤ්ඤා ව නැවත අල්ලා පත්තු කිරීමට යාමේ දී අනතුරු වීමට ඉඩකඩ ඉතා වැඩියි.
එබැවින් වරක් දැල්වූ රතිඤ්ඤා ව යලි අල්ලන්න එපා. අහස් කූරේ පසු පසට විසි වෙන දැල්ලට ඇස් පිච්චීමට ඇති බව පෙන්වා දිය හැකි යි.
රතිඤ්ඤා කෙනෙකුගේ ඇඟට දැමූ විට නීතිය දැඩ්ව ක්‍රියාත්මක කල යුතුය. ශ්‍රී ලංකා පොලීසියෙන් මේ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් කරන්නට කැමැතියි.
වැඩෙන කාලයේ ඇසට හානි වීම නිසා ඒ හානිය යථා තත්වයට පත් කල නො හැකි වන බවත් එය මොළය ද වැඩෙන අවධියක් නිසා ඇසට වන හානිය ළමයින්ගෙ ස්ථීර බව පෙන්වා දිය හැකියි.
වෙළද පලේ ඇති අතේ තබා ගෙන පත්තු කල හැකි රතිඤ්ඤා නීති විරෝධී යි. එසේ තිබේ නම් වහාම ඒ ගැන පැමිණිලි කරන්න. රතිඤ්ඤා ඈත තබා පත්තු කරන දෙයක් බවත් අතේ තබා ගන්නා එකක් නොවන බව ද ඒ මහතා පැවසීය.