ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ දිස්ත්‍රික්කය තුළ පිහිටි බද්දේගම, අක්මීමන, හබරාදුව, ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22ක සේවයේ නියුතු 5,662 ක් වූ කාර්යය මණ්ඩලයෙන් සියයට 73.6% ක ප්‍රතිශතයක් ස්ත්‍රීන් බව, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවකයින් පිළිබඳව කළ නවතම සංගණනයේදී අනාවරණය වී තිබේ. එකී රාජ්‍ය ආයතන 23 තුළ 5,662 ක් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාවෙන් 1,492ක් හෙවත්, සියයට 26.4%ක් පුරුෂයන්ය. 4,170 ස්ත්රීන්ය.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කාර්යය මණ්ඩලයේ ප්‍රතිශතයක් ලෙස, සියයට 16%ක් වූ අඩුම පිරිමි කාර්යය මණ්ඩලයක් සේවය කරන්නේ ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේය. එහි සමස්ත සේවක සංඛ්‍යාව 169කි. ඉන් 27ක් පුරුෂයින් වන අතර, 142ක් ස්ත්රීන්ය. අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 229ක් වූ සමස්ත කාර්යය මණ්ඩලයෙන් 43 දෙනෙක් පුරුෂයන්ය. එහි ප්‍රතිශතය සියයට 18.8%කි. ඉන් 186 දෙනෙක් ස්ත්රීන්ය.
බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 268ක් වූ සමස්ත කාර්යය මණ්ඩලයෙන් 59 දෙනෙක් පුරුෂයන් ය. එහි ප්‍රතිශතය සියයට 22%කි.
එම සංගණන දත්ත අනුව, එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අදාළව සිටින පුරුෂ කාර්යය මණ්ඩලයේ ප්‍රතිශතය මෙසේය, බෙන්තොට 20.8%ක්, බලපිටිය 22.4%ක්, කරන්දෙනිය 29.5%ක්, ඇල්පිටිය 24.4%ක් නියාගම 27.5%ක්, තවලම 33.8%ක්, නෙළුව 34.7%ක්, නාගොඩ 28.3%ක්, වඳුරඹ 25.7%ක්, වැලිවිටියදිවිතුර 30.6%ක් මාදම්පාගම 19.8%ක්, හික්කඩුව 27.1%ක්, රත්ගම 20.9%ක්, කඩවත් සතර 21.4%ක්, බෝපේ පෝද්දල 25.5%ක්, අක්මීමන 23.4%ක්, යක්කලමුල්ල 31.7%ක්, ඉමදූව 32.2%ක්, හබරාදුව 24.4%ක් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිරිමි සේවකයන් සිටිති.
මෙහි ඇති සුවිශේෂත්වය වනුයේ දිස්ත්‍රික්කය තුළ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 න් සියයට 35% ඉක්මවූ පිරිමි සේවකයන් සිටින එකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්වත් නොමැතිවීමයි.
මෙකී කාර්යාල 22 තුළ, සියයට 34.7%ක් වූ වැඩිම පිරිමි කාර්යය මණ්ඩලය සිටින්නේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේය. එහි සමස්ත කාර්යය මණ්ඩලය 190කි. ඉන් 66 දෙනෙකු පුරුෂයන්ය. ඒ හැරුණවිට, සියයට 30%ට වැඩි පුරුෂ කාර්යය මණ්ඩලයක් සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණන 04කි. තවලම 33.8%කි, ඉමදූව 32.2%කි, යක්කලමුල්ල 31.7%කි, වැලිවිටිය දිවිතුර 30.6%කි.
පුරුෂ කාර්යය මණ්ඩලය සියයට 20%ට අඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගණන 03කි. ගෝනපීනුවල 16%, අම්බලන්ගොඩ 18.8%, මාදම්පාගම 19.8%කි.
සමස්තයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22න්, 17ක ම, පුරුෂ කාර්යය මණ්ඩලයේ සංඛ්‍යාව සියයට 30%ට අඩු අතර, සියයට 20%-30% අතර කාර්යය මණ්ඩලය සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංඛ්‍යාව 14කි.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 488ක් වූ සමස්ත කාර්යය මණ්ඩලයෙන් 179 දෙනෙක් පුරුෂ වන අතර, එහි ප්‍රතිශතය 36.7%ක් බවද සංගණන වාර්තාවේ සඳහන් ය.