දවල් කොළඹ රෑ කොළඹ ලෙස කොළඹ මහ නගර සභාව එක්කර නගරයේ ජීවත්වන ජනතාවට මෙන්ම දිනපතා නගරයට එන පිරිසට ද විදේශිය ජනතාවට ද උපරිම සහන පහසුකම් සහිත වූ සුන්දර අභිමානවත් අපේ කාලයේ කොළඹ නගරයක් ලෙස කොළඹ නගර සභා බල ප්‍රදේශය දියුණු  කරන්නට පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පැවසූවා ය.

අප කළ විමසුමක දී කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය මෙසේ ද කීවා ය.  

කොළඹ අලුත් කරන්න වෙනවා. පිටට පෙනෙන කොළඹ ද නො පෙනන කොළඹ ද ආදි ලෙස බලා කොළඹ ජීවත්වන ජනතාව සහන සලස්සන පරිදි අපි කොළඹ දියුණු කරනවා. එය වෙනස් කළ යුතුව තියනවා.

මේ සඳහා නගර සභාවේ සියලුම මන්ත්‍රිවරුද කිසිදු පක්ෂ පාට භේදයකින් තොරව එක්ව වෙනසක් වී පවතින දේශපාලන සංස්කෘතිකයේද වෙනසක් ඇති ව ජනතාව ගේද වෙනසක් ඇතිව වෙනස්වන සිතුවිලි මත පදනම් වූ නවතම කොළඹ නගරයක් සකස් කරන්නට අප ක්‍රියා කරනවා. ඒ සඳහා අපට සියලුම දෙනාගේ සහයෝගය ලබා දෙන්න යැයි ද ඇය කීවා ය.

කොළඹ මහනගර සභාව පක්ෂ හා කණ්ඩායම් 17ක් සභාව නියෝජනය කරනවා. මන්ත්‍රීවරු 117ක් මෙයට සම්බන්ධයි. ජන්ද කොට්ඨාස  47ක් අප සතුව තියනවා. තරුණ, කාන්තා නියෝජනයක් ද  තියනවා. ඒ සියලුම දෙනාගේ සහයෝගයෙන් අප කොළඹ මහ නගර සභාව ජනතාවගේ ආයතනයක් ලෙස දියුණු කරන්නට සැලසුම් සකස් කරනවා.

සියලුම මන්ත්‍රිවරු අපි සක්කීය කරනවා. අපි සියලු ම දෙනා එකට එක් වී අපි වැඩ කරමු. අපි එකට එක්ව වැඩ කරනවා. අප කොළඹ මහ නගර සභාවේ පක්ෂ විපක්යක් නෑ. අපි එක කණ්ඩායමක්. අපි එක්ව නගරය හදමු. අපි ඉතාමත්ම හොඳට කොළඹ සකස් කරන්නට පියවර ගන්නවා.

කොළඹ දුප්පත් ජනතාව ද පොහොසත් ජනතාවට සේවය කළ යුතුව තියනවා. හැම අංශයකම දියුණු කරන්න උවමනායි අපේ ජනතාවට සහන දෙන්නට. කොළඹ ජනතාවට අභිමානයක් ඇති කරනවා. කාර් යංශම විද්‍යාමක නගර සභාවක් ඇති කරනවා.

කසළ ප්‍රණ්නයට විසදුම් දෙන අතරේ සුන්දර පිරිසිදු සියලුම ජනතාවට නිදහසේ සාමයෙන් සහජීවනයෙන් ජීවත් විය හැකි පරිදි අභිමානවත් වු සුන්දර පුරවරයක් ලෙස කොළඹ අභිමානය ජනතාවට ලබා දෙන්නට අපි පියවර ගන්නවා.  

ජනතාවගේ ප්‍රශ්ණවලට විසදුම් ලබා දෙනවා. ළමා කාන්තා තරුණ වැඩිහිටි ආදි සියලු පිරිසගේ අභිමානය රැකෙන පරිදී නගරය දියුණු කරනවා. 

නගරයේ මාර්ග නිසි පරිදි සංවර්ධනය කර වාහන ගාල් කරන ස්ථාන නිසි පරිදි සකස් කර එහි නියාමනයක් සිදු කර එකි පහසුකම් ද ඇති කර ජනතාවට නිදහසේ සිටින්ට හැකි සුන්දර ස්ථාන සකස් කරන්නට ද අප පියවර ගන්නවා.  

කොළඹ හදන්න නිලධාරින් සම්බන්ධ කර ගන්න වෙනවා. කොළඹ මහ නගර සභාවේ සමහරක් නිලධාරින් දුෂිතයි කියලා සමහරු කියනවා. මම එය පිළි ගන්නේ නෑ. නගර සභාව කළමනාකරණය කරනවා. නිලධාරින් දැනුම ඇති අය හා සියලුම දෙනා එක්ව මන්ත්‍රිවරුන්ගේ ද සහයෝගය ඇතිව එක්ව ගමනක් යන්නට කටයුතු කරනවා.  අප රජයේ දැක්ම නිසි පරිදි ජනගත කරනවා.

නගර සභාවේ සෑම අංශයක්ම කාර්යශම කරන්න අප පියවර ගන්නවා. නොමිලේ දෙන සේවා පහසුකම් සියලුම ඒ ආකාරටම ජනතාවට ලබා දෙන්නට අප පියවර ගන්නවා.

මහ ජනතාව මහජන නියෝජිතියන් ද එක්ව අප සේවාවන් සැමට කළමණාකරනය කර රැගෙන යනවා.

කොළ නගරය සංවර්ධය කරන්න යන විට සමහර විට දැඩි නිතී රිති ගන්නට සිදු වෙනවා. නමුත් ඒ සියල්ලම අප සිදු කරන්නේ ජනතාවට කිසිදු අසාධාරණයක් සිදු නොවන ආකාරයටයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න