පාසලේ කොල්ලො දෙන්නාගේ වලියට අම්මාලා දෙන්නා මැදට පැන අලි වලියක්!
තඹුත්තේගම ප්‍රදේශයේ විදුහලක පන්තියේ දහය වසරේ එකම අධ්‍යාපනය ලබන සිසුවියන් දෙදෙනෙක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ඊට මැදිහත්ව ඇති එම සිසුවියන්ගේ මව්වරුන් දෙදෙනා විදුහලේ දී කෙහිවලු පටලාගෙන මවකට පහර දුන් බව කියන ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතු කාන්තා සෙබළියක් තඹුත්තේගම පොලීසිය මගින් (19) සවස සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසියට ලද පැමිණිල්ලක් මත පොළොන්නරුව ප්‍රදේශයේ යුද හමුදා කදවුරක සේවයෙහි නියුතු තිස් පස් හැවිරිදි සෙබළියක් මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
සිය විදුහලේ පන්ති කාමරය අතු ගෑම සදහා කොස්සක් මිලදී ගැනීමට මුදල් රැස් කරමින් සිටි අවස්ථාවක මුදල් ප්‍රශ්නයක් මත සිසුවියන් දෙදෙනා අතර හටගත් ගෙන තිබූ බහින් බස්වීමක් මව්වරුන් දෙදෙනා අතර කෙහි වලු පටලා ගෙන ගැටුමක් දක්වා ඇතිවී තිබේ.
එකී සෙබළිය නිවාඩු ලබා සිය නිවසට පැමිණ සිටි අතරතුර මෙම සිද්ධිය වී තිබේ.
සැකකාර සෙබළිය (20) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.