ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති විසින් කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියට ලක්ෂ 13 ක වැටුප් දීම හා වත්කම්  පරීක්ෂා කිරීමට වහාම පියවර

ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති විසින් කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියට ලක්ෂ 13 ක වැටුප් දීම හා වත්කම්  පරීක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්  කර තිබේ.

(26) දින මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබුවේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි.

මේ සම්බන්ධයෙන් කොළඹ දී ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවක දී අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ  සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා මෙසේ පැවසීය.

ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති විසින් පසු ගිය දිනක අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශ  නිකුත් කිරීම පිළිබඳව සමාජ මාධ්‍යයේ දී පළ වු කරුණු අනුව කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියට  මසකට ලක්ෂ 13 බැගින් මාස 14 කට වැටුප් ගෙවා ඇති බව පවසා තිබූ බව ද ඒ මහතා පැවසී ය. 

මේ පිළිබඳව අප සංවිධානය දීර්ඝව සිතා බැලීමේ දී අපට පෙනී යන කරුණක් වන්නෙ අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළුව සෞඛ්‍යය නිලධාරීන්ට හා සැපයුම්  කරුවන් විසින් ඉමියුනොග්ලොබියුලින් ව්‍යාජ එන්නතකින් උපයා ගත් ලක්ෂ 14000 ආසන්න මුදලට  සිදු වූ දේ කුමක් ද? යන්න බව ද ඒ මහතා කීය.

එම මුදල් සැපයුම් කරුගේ ගිණුමට බැර වී දින දෙකකට ආසන්න කාලයක දී  ගිණුමෙන් ලබා ගැනීමත් එය කා හට ලබා දුන්නා ද යන ප්‍රශ්නයට පිළිතුරක් නොමැති නො මැති බව ද ඒ මහතා පැවසීය.

මේ අනුව කෙහෙළිය රඹුක්වැලල්ගේ දියණියට ලක්ෂ 13 ක පඩියක් ගෙවීම වංචා සහගත විය හැකි බව ද ඒ මහතා පැවසීය.

ලක්ෂ සියයකට ලක්ෂයක පොලී මුදලක් ලංකාවේ බැංකුවල ගෙවීමක්  සිදු කරන බව ද ඒ මහතා පැවසීය. එවිට මෙය සංසන්දනය කිරීමේ දී ලක්ෂ 1300 ක් පමණ මුදලක් ඇවන්ගාර්ඩ් සභාපති  නිශ්ශංක සේනාධිපති හට ලබා දුන්නොත් එහි පොළිය වශයෙන් ලක්ෂ 13 ක් ලැබිය හැකි බව ද ඒ මහතා කීය.

එලෙසම  මාස 14 ක් ගෙවා ඇත්නම් මෙම ගණු දෙනුව සිදු වීම හා ඉමියුනොග් ලාබියුලින් නඩුවට අදාළ  ගණුදෙනු සිදුවීමක් මේ ආසන්න කාලයේ දී සිදු වී ඇති බව ද ඒ මහතා පැවසීය.

එම නිසා මෙම ගණු දෙනුව සැකයට තුඩු දෙන  කාරණාවක් බවද ඒ මහතා කීය. ඒ නිසා අප සංවිධානය පවසන කාරණාව පිළිබඳව අවධානය යොමු කර පරීක්ෂණ සිදු  කරන ලෙස අප ආයතනයෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසීය.

එමෙන් ම ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති උපයා  ඇති ධනය සාධාරණ ලෙස ඉපැයීම් සිදු කර ඇත් ද?  නැති නම් නීති විරෝධී ලෙස උපයා තිබේ ද?  යන්න පුළුල්  පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත් ඔහු විසින් මුදල් විසුද්ධිකරණය සිදු කර ඇත් ද යන්න පිළිබඳවත්  පරීක්ෂණයක් ආරම්භ කර නීති විරෝධී කටයුතු  සිදු කර ඇත්නම් තරාතිරම නො බලා නීතිය ක්‍රියාත්මක  කර සියලු වත්කම් රජයට පවරා ගෙන දඬුවම් ලබා දෙන ලෙස අප ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න