පුත්‍ර සෙනෙහසක මහිමය!

සිය පියාට යකඩ පොල්ලකින් පහර දුන් පුතා මැයි මස 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ මහත්මිය පෙරේදා 28 වැනිදා නියෝග කළා ය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ පදිංචිව සිටින 43 හැවිරිදි සිව් දරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරු කාලයක සිට මිලට ගත් ඉඩමක නිවසක් තනාගෙන බිරිද දරුවන් සමග පදිංචිව සිටින බවත් පියාට අයත් ඉඩම්කඩම් වලින් කොටසක් ඔහුට නොදී එකම දියණියට දී ඇති බවත් පැවසීය. සහොදරියට පමණක් නොදී තමන්ටත් ඉඩමකින් කොටසක් ලබා දෙන ලෙස පියාගෙන් සැකකරු ඉල්ලීමක් කර තිබුණ ද පියා පුතාට ඉඩම් කැබැල්ලක් ලබා දී නොමැති බවත් පැවසීය. මේ සම්බන්ධයෙන් පිය පුතු දෙදෙනා අතර කාලයක සිට අවස්ථා ගණනාවක දී බහින් බස් වී පොලිසියට පැමිණි කර අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් පැවසීය.

ඉකුත් 17 වැනිදා සවස පුතා යකඩ පොල්ලක් රැගෙන මව්පියන් පදිංචිව සිටින නිවසට පැමිණ පියාට පහර දී ඇති බවත් මව නිවසේ සිට දිව ගොස් ඇය බේරී ඇති බවත් පොලිසිය පැවසීය. පසුව මව කෑගල්ල පොලිසියට කරන පැමිණිල්ලකට අනුව  සැකකරු අත් අඩංගුවට ගෙන පෙරේදා 28 වැනිදා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා ය.

මීට පෙර අවස්ථාවක සැකකරු මව්පියන්හට පහර දීමකින් අත් අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 5 000 ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත නිදහස් කර යලි නඩුව ජුනි 05 වැනිදා ට කැදවීමට නියමිතව ඇති බවත් පොලිසිය පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න