දිනය පසුගිය 19 වනදාය. වේලාව හිමිදිරි පාන්දරයි. මධ්‍යම අධිවේගයේ දෑස් දල්වාගෙන සිටි යක්ෂයා එක්වරම අම්මා තාත්තා තුන් නියුන් දරුවන් රැගෙන ගමන් කළ රථයට කඩා නැන්නේය. ගත වූයේ නිමේෂයකි. සියල්ලම කඳුළින් නිමාවට පත් වූහ. කැළණිය  සරසවියේ ගයන්තගේ හා සතීෂාගේ ශෝකි කතාන්දරය එසේ සටහන් විය.

කැළණිය සරසවියේ ඇඳුරු ගයන්ත සහ ඔහුගේ බිරිද සතීෂා නිලන්ති සදහටම තුන් නියුන් දරු තිදෙනා තනිකර දෑස් පියා ගන්තහ.

කැළණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය එන්. ඩී. ජී. ගයන්ත ගුනේන්ද්‍ර මහතා පසුගිය එනම් 2025 මැයි මස 19 වන දින අලුයමදී හදිසි රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය පැවසීය.

මේ කතාන්දරයේ දී තුවාල ලබා ප්‍රතිකාර බලමින් සිටි ගයන්ත ගුනේනුද්‍රෙග් සෙනෙහෙබර බිරිද වූ සතීෂා නිලන්ති (42) දින හතකට පසුව (26) වන  දින මිය ගියේ ය.

මෙම සටහන ලියන විට ඇයගේ දේහය (26) ගොතටුව  පුද්ගලික මල් ශාලාවක තැම්පත් කර තිබිණි. ඉන් අනතුරුව 29 වන දින පැය කිහිපයක් ගයන්ත මහතාගේ මාකොල රජකෙත්යාය නිවසේ තැම්පත් කරන්නට සැලසුම් කර ඇති අතර පසුව සපුගස්කන්ද නෙල්ලිගොඩ පොදු සුසානයේ දී ඇයගේ අවසන් කටයුතු මළහිරු බසිනා නිමේෂයේ දී සිදු කිරීමට නියමිත ව තිබේ.

රාජ්‍ය ආයතනයක රැකියාවක් කළ ඇය සත්තකින්ම මෙම ගයන්තගේ කැදැල්ලට සුන්දරත්වය ගෙන දෙන්නට සමත් වූවාය.

මොවුන් සිය කුඩා දරුවන් තිදෙනා සමග යාපනය නාගදීපයේ සංචාරයකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව තිබුණේ මීරිගම පොලිස් වසමේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේදී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ගයන්ත මහතා මරුමුවට පත්ව තිබිණි. ඒ මහතා මියයන විට 46 වැනි වියේ පසුවිය. අනතුරින් තුවාල ලැබූ ඒ මහතාගේ බිරිඳ දරුවන් තිදෙනා රියැදුරු හා තවත් අයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

ඒ අනුව  ඉකුත් (19) දින අටකට පසුව ඇය ද ගයන්ත සොයා ගියාය. ගයන්ත සොයා ගිය සතීෂා නිසා තනි වූයේ මේ ආදර කැඳල්ලේ තුන් නිවුන් කුරුළු පැටවුන්ය.

ඒ පැටවන් තිදෙනාට ගයා තාත්ති හා සතීෂා අම්මී ආදරයට කීවේ අයියා, ලොකු, ටුටූ යන ආදරණීය සුරතල් නාමයෙනි. මේ අයට අප්‍රේල් පළමු වෙනිදාට යාන්තමට වසර දෙකක් පමණ වු සුරතල් වයසට පා තබන්නේ ය. ඒ බව අපට කීවේ අම්මා තාත්තා නැතිව හඬන තුන් නිවුන් පැටවුනගේ තාලයට හඬ එක් කල කොහාමිලාගේ පැටවුන්ය.

කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථය එහි රියැදුරුට පාලනය කර ගත නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී අනතුර සිදුව තිබුනු බව මූලික පොලිස් පරික්සන ව දී අනාවරණය වී තිබිනි.ඒ නිසා මේ කැදැල්ලේ සෙනෙහස වියකී ගියහ.

කැළණිය විශ්වවිද්‍යාාල සිසු දරුවන් දහස් සංඛ්‍යාවගේ නුවණ සරණක් වූ  ආචාර්ය ගයන්ත මහතාගේ වියෝවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුහු දැඩි කම්පාවට දුකට පත්ව සිටියහ.

ඔහුගේ වියෝව හේතුවෙන් කැලණිය විශ්ව විද්‍යාලය සුදු සැරසිලිවලින් හා ශෝක බැනර්වලින් කැළණිය සරසවි බිම ශොකි දසුන් දැකිය හැකි වීය.

වෙන දා විප්ලවීය සටන් පාඨවලින් පෝස්ටර් බැනර්වලට පන්නරය එක් කරන අපේ කාලයේ සරසවි සඟයෝ මේ නිසා තම සටන් පාඨ වෙනුවට දුක් කඳුළු සහිත සටන් අඩ හැරයකට නතු වී තිබුණු බව දැකිය හැකි වූහ. 

ආචාර්ය ගයන්ත මහතාගේ බිරියගේ වියෝව හේතුවෙන් ඔහුගේ සරසවි සිසුන් සටහන් කළ සංවේදී සටහන් රැසක් වූහ. ඉන් ගයන්ත නම් වූ සුන්දර ගුරු උතමාගේ සුන්දරත්වය මනා කොට ගයනා කල ඇති බව දැකිය හැකි වූහ.

අපේ සර් පුදුම නිහතමානී මනුසත් ගුණදම් පිරුණු දක්ෂ ආචාර්යවරයෙක්. සර්ට සිදුවූ මේ දේ තාමත් හීනයක් වගේ..සත්තකින්ම එය සුන්දර වු වදනකි.

හුදෙක් දේශකවරයකුට වඩා ඉන් ඔබ්බට ගිය මානුෂීය හදවතක් තිබුණු පුදුම නිහතමානී මනුසත් ගුණදම් පිරුණු දක්ෂ ආචාර්යවරයෙක් යැයි සමහර සරි සවි ‍සිසු සඟයෝ සටහන් එක් කර තිබිණි.

ඉතිං අපේ ගයන්ත සර් උදේ පාන්දර මේ වගේ ආරංචි අහන්නේ කොහොමද? ජීවිතයේ කොයිතරම් නම් බලාපොරොත්තු තියෙන්න ඇති ද? ඊයෙත් සර් යාපනේ ගිහින් දාපු ෆොටෝ බැලුවේ කොච්චර සතුටින්ද? යැයි තවත් ශෝකි පුවතක සටහන් කර තිබිනි.

අසාමාන්‍ය මනෝ විද්‍යාාව විෂය ඉගැන්නුවේ අපේ සර්….සත්තකින්ම පුදුම නිහතමානී දක්ෂ ආචාර්යවරයෙක්. ගිය ඉරිදා අන්තිමට අපි විභාගයට ලිව්වේ සර්ගේ ප්‍රශ්න පත්‍රයට. මේ සිදුවීම තාමත් හීනයක් වගෙයි. තවත් වැඳනකි.

ගොඩක් හොඳ මිනිසුන්ට ඉක්මනින්ම යන්න වෙන එක පුදුමයක්….හ්…ජීවිතයේ අරුමුය මෙය නොවන්නේ ද?

ඉතිං අපේ ආදරණීය ගයන්ත සර් අවසානයේ ඔබ අපට ජීවිතයේ යථාර්ථය ඉතාමත් ගැඹුරින් අවබෝධ කරදී මේ ජීවිතයෙන් නික්ම ගොස් ඇත. අපට දරාගත නොහැකි වුවත් ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. මෙවන් අකල් මරණයක් යළි කිසිදු දවසක සිදු නොවේවා…!

හිනාවකින් විහිළුවක් කරගෙන ඇතුළට ඇවිත් දේශනය ඉවර වෙනකම්ම අපිට යාළුවෙක් වගේ හිතවත්ව උගන්වපු ඔබේ ඒ සරල හිනාව ජයවර්ධනපුර සරසවියේවත්, කැලණිය හෝ ඔබ ඉගැන්වූ වෙනත් කිසිදු ආයතනයක සිසුනට නැවත විඳින්නට නොලැබීම මහත් දුකකි.

හුදෙක් දේශකයකුටත් වඩා ඔබ්බට ගිය මානුෂීය හදවතක් තිබූ ආදරණීය ගුරුවරයකු ලෙස ද බොහෝදෙනා ඔහුව හඳුන්වනු ලැබීය.

ආචාර්ය ගයන්ත මහතා බෙලිඅත්ත ප්‍රදේශයේ උපත ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාාලයෙන් උපාධිය ලබාගෙන ගෙන පසුව ඔහු එම විශ්වවිද්‍යාලයෙන්ම මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය (PHD) ලබාගෙන තිබිණි.

ආචාර්ය ගයන්ත මහතා කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල දෙකේම සිසුන් අතර ඉතා ජනප්‍රිය හා ගෞරවයට පාත්‍රවූ ආචාර්යවරයකු ලෙස ප්‍රකටව සිටි අතර, විශේෂයෙන්ම ඔහුගේ නිහතමානී ස්වභාවය මානුෂීය ආකල්ප හා ශිෂ්‍යයන් සමග පැවැත්වූ මිත්‍රශීලී සම්බන්ධතාවය නිසා බොහෝදෙනාගේ ආදරය දිනාගත් චරිතයක් වූ බව අප සමග අදහස් එක් කළ කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති තුමා නියෝජ්‍ය කුලපතිතුමන් ප්‍රමුඛ සහෝදර ඇඳුරුමඩුල්ල මේ ගයන්ත හා සතීෂාගේ ශෝකය නිසා දැඩිව සංවේගයට පත්ව සිටිති. ඒ අතරට කැළණිය සර සවියේ සිසු දරුවන්ද එක්ව සිටියහ.

අපට කළ හැකි සෑම දෙයක්ම අප ඒ අය වෙනුවෙන් කරන්නට සුදානම් බව කැළණි සරසවියේ ඇඳුරු පිරිස කියා සිටියහ.

අම්මා තාත්තා නැතිව තනි වූ තුන් නිවුත් පැටවන්ට සරණ සඳහා ගයන්තගේ හා සතීෂාගේ දෙමාපියන් එක්ව කටයුත කරන්නට රැකවරණය ලබා දෙන්නට මේවන විටත් තීන්දු කර තිබේ. එය සත්තකින්ම අගනේ ය. අම්මා නැති දරුවන්ට අත්තම්මාලා සීයා තාත්තලා එක්ව රැකවරණය දෙන්නාහුය.

නමුත් අම්මා නැති අපට බඩගිනි වන්න එපා යැයි කියන කතාවට අම්මා නාත්තා නැති අපට බඩගින් වෙන්නම එපා යැයි කියනා පැටවුන්ගේ සිනාව දෙස බලමින් මේ ශෝකි ජනක පුවත හමාර කරන්නෙමු. 

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න