සමස්ත ලංකා රැකියා අපේක්ෂිත උපාධිධාරින්ගේ සංගමය

සමස්ත ලංකා රැකියා අපේක්ෂිත උපාධිධාරින්ගේ සංගමය නිල වශයෙන් පිහිට වූ බව සංගමයේ මාධ්‍ය සම්බන්ධිකාරක ඒ. එස් ශ්‍රීමාල් මහතා පැවසීය.

උපාධිධාරින් 35000 ක සාමාජිකත්වය දරණ මෙම සංවිධානයේ  ජාතික කමිටු මංගල සැසිවාරයෙන් පසු පවත්වන පළමු මාධ්‍ය හමුව දෙවන පරපුර පක්ෂය සමඟ ඒකාබද්ධව අද (23) වන දින සවස 2.00ට එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද ඒ මහතා පැවසීය.

මෙම අවස්ථාවට දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා ද සහභාගි වීමට නියමිත ව ඇති බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න