එක් අයෙකු මරණයට තවත් අයෙකු  රෝහලට ඉඩම් ආරවුලක් දුර දිග ගොස්  පුද්ගලයෙකු  කපා කොටා ඝාතනය  කිටීමේ පුවතක්   මාරවිල පොලිස් වසමට අයත්  කටුනේරිය ග්‍රාමයෙන් වාර්තා වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දමිත් මධුර අසංක නමැති  43 හැවිරිදි   දෙදරු පියෙකි. මියගිය පුද්ගලයාගේ මව කියා සිටියේ  මෙය පහර දීමක් සම්බන්ධයෙන් විමසීමට ගිය අවස්ථාවේදී වූ සිදුවීමක් බවයි.

මේ ඝාතනය සිදු කර ඇත්තේ  තරුණ යුවලක්  එකතුව සිදු කර ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

මේ සිදුවීමේදී  ඝාතනයට ලක්වූ  පුද්ගලයා  සමග පැමිණි  තවත් අයෙකුද තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කර ඇත .. මිට අමතරව  ඝාතනය ද මාරවිල රෝහලට ඇතුලත් කර ඇත …මේ  ඝාතනය හවුල් වූ කාන්තාව ප්‍රශ්ණ කිරීම සදහා පොලිස් භාරයට ගෙන ඇත ..ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තමන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිධයෙන් පශ්චත් උපාධිය ලබා ගෙන සිටින බවයි.

ගතකයා මනෝ උපදේශකයෙකු ලෙස හා දේව බලයෙන්  සාස්තර කියන   පුද්ගලයෙකු ලෙස පෙනී සිටි බව  ඔහුගේ මව පොලිසියට පැවසුවා ය.

හලාවත සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ උපදෙස් පරිදි මාරවිල පොලිසියේ  අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න