ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨයට ගැලපෙන ලෙස නිවැරදිව එහි ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය නොපවතින බව වරලත් ඉංජිනේරුවරයෙකු වන හර්ෂ කුමාර් සූරියආරච්චි මහතා විසින් පෙන්වා දී තිබූ අතර මේ දක්වා එකී පරිවර්තන දෝෂය නිවැරදි කිරීමට විධායකය විසින් ක්‍රියාකර නොතිබීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23වන ව්‍යවස්ථාව අනුව පරිවර්තනයක් ලෙස පළකර ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් පරීශීලනය කරන දේශිය සහ ජාත්‍යන්තර විද්වතුන්ට නිවැරදිව නෛතික කරුණු අනාවරණය නොවීම දිගටම සිදුවෙයි.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය

 

83.අ. 30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහාත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සදහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතකට,

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට අදාලව පවතින ඉංග්‍රීසි පරිවර්තනය

 

83.(b) a Bill for the amendment or for the repeal and replacement of or which is inconsistent with the provisions of paragraph (2) of Article 30 or of paragraph (2) of Article 62 which would extend the term of office of the President or the duration of Parliament, as the case may be, to over six years,

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කිරීමට 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2වන වගන්තිය මගින්ද ඒකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයේ සිංහල භාෂා පාඨය සහ ඒහි පරිවර්තන ඉංග්‍රීසි භාෂා පාඨයේ වෙනස්කම් ඇති බව යම් ප්‍රමාණයකින් පෙන්නුම් කරයි.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා පාඨයේ දෝෂය ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය පිහිටා ඇති ජනතාවට අයුක්තියක් සිදුකරයි.මෙය නිවැරදි කළ හැක්කේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනය නිවැරදි කිරීමට විධායකය විසින් පියවර ගෙන ඉංග්‍රීසි පරිවර්තන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැරදිව නැවත පළ කිරීමෙන්ය.

 

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක වන මාගේ ඉල්ලීමකට අනුව මා සහ වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ නීති අධ්‍යාපන වැඩසටහනට සහභාගී වූ ජයතිලකමුණසිංහගුණතිලක පත්මසිරි යන මහත්වරු රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් රණවක මහතා සමග 2025 ජූනි 20 දින සාකච්ඡාවක්ද මේ සම්බන්ධයෙන් රාජගිරිය ජනජයසිටි ‌ගොඩනැගිල්ලේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නිලකාමරයේදී පැවති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ ආ. ඡේදයේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා පාඨ අතර වෙනසක් පවතින බවත්එය රාජ්‍ය භාෂා උල්ලංඝනය වීමක් ලෙස සැළකිය නොහැකි බවත් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් රණවක මහතා එහිදී ප්‍රකාශ කළේය.

 

(එම සාකච්ඡාවට අදාලව රාජ්‍ය භාෂා සතිය (2025.07.01-2025.07.07) වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබූ අතර එහි පිටපත් ජනාධිපති ලේකම් කාර්යාලයඅග්‍රාමාත්‍ය කාර්යාලයකතානායක කාර්යාලයපාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයශ්‍රී ලංකා නීතීඥ සංගමයනීති කොමිෂන් සභාවනීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවඅධිකරණ අමාත්‍යාංශයඅධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයනීති ආධාර කොමිෂන් සභාවශ්‍රී ලංකා නීති විද්‍යාලය, නීති පීඨයකොළඹ විශ්ව විද්‍යාලයරාජ්‍ය භාෂා කොමිෂන් සභාවරාජ්‍ය භා‍ෂා දෙපාර්තමේන්තුවමාධ්‍ය ආයතන වෙත ලබා දී ඇත./ යොමු කර ඇත.)

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සිංහල භාෂා පාඨයට අනුව ගැලපෙන ලෙස ඉංග්‍රීසි භාෂා පරිවර්තන පාඨය නිවැරදි කරන ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීමට නීතීඥවරුන් ඇතුළු පුරවැසියන් විසින් අත්සන් කිරීම ආරම්භ කර ඇත.

 

මෙම ඉල්ලීම 2025 ජූලි මස අවසන් සතියේ දිනක ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන අතර ඒ සදහා දිනයක් සහ වේලාවක් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්තුමා වෙත ඉල්ලීමක්ද කර ඇත.

අරුණ ලක්සිරි උණවටුන

B.Sc(Col), PGDC(Col) නීතීඥ,

සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ

අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න