නිදහස් සෞඛ්‍ය සේවයේ දුෂිත නිලධාරින් ඇමතිවරයා දඩු කදේ ගසා ඇති බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට බලහත්කාරය යොදවන්න යන බවත් බලහත්කාරයෙන් පවත්වන්නට සැරසෙක විභාග අප ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම කීය.
හැම දාම වැඩ අවුල් කරපු නිලධාරීන් ඇමතිව සහ ලේකම්ව යට කරගෙන සිටින බව ද ඔහු කීය.
සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා මෙසේ ද පැවසීය.
ඇමතිවරයාට ෆුල් ටයිම් දේශපාලනය කරන්න වුව මනා නිසා සෞඛ්‍ය පාලනය සම්පූර්ණයෙන්ම නිලධාරීවාදයට යට කරලා. වෘත්තිකයන්ගේ සහ සේවාවේ ගැටළු ගැන ඔහුට අවබෝධයක් නෑ. ඇතැම් නිලධාරීන් බොර දියේ මාළු බානවා.
සම සෞඛ්‍ය උපාධිධාරී ගැටලුවට බලහත්කාරය යෙදෙව්වොත් වෘත්තිකයින් ලෙස ඊට සහයෝගය දෙනවා. ගැටලුව සාකච්ඡා කරන්න සෞඛ්‍ය ඇමති ලේකම් කට්ටුවට තවම වෙලාවක් නෑ.
ඇතැම් නිලධාරීන්ට ඕනෑ කර තිබෙන්නේ වසරක් පාසා රට පුරා තරඟ විභාග තියමින් ඕටී බටා ගන්න. සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ගැටලු විසඳන්න්ට නොදී රාජ්‍ය සේවා කොමිසම නොමග යැවූ නිලධාරීන් ඇමතිවරයාගේ ඔඩොක්කුවට වැටිලා. ප්‍රශ්ණ තේරුම් ගන්න ඇමතිවරයාට වෙලාවක් නෑ. වැඩ අවුල් කරන නිරධාරීන් තේරුම් ගන්න ඇමතිවරයාට අද්දැකීමක් නෑ.
කිසිදු ප්‍රශ්ණයකට උත්තර නෑ. සාක්ච්චා නෑ. උපාධිධාරීන්ට බලෙන් විභාග තියන්න හදනවා. බලෙන් තියන විභාග අපි ප්‍රතික්ශේප කරනවා.