ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුනා.
එක්සත් ජාතින්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධාන ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකිමට හා අබාධිත ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් සිදුකරන මැදිහත්වීම් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ගැනුන අතර අමාත්‍යංශයය සිදුකරන වත්මන් කාර්යභාරය එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයන්ගේ විශේෂ ඇගයිමට ලක්විය. ආබාධිත ප්‍රජාව සඳහා වඩා විධිමත් රාජ්‍ය මැදිහත් ලබාදීම වෙනුවෙන් සිදුවන නීති ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙම සකච්ඡාව සඳහා එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නේවාසික නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩි්‍ර මහතා, එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය, එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ සබදතා, සංවර්ධන මූල්‍ය විශේෂඥ අසාම් බකීර් මාකර් මහතා, ලෝක ආහාර වැඩසටහනේ ස්ත්‍රීපුරුෂ සමාජභාවය හා ආරක්ෂක ඒකකයේ ප්‍රධානී හෙෂානි රනසිංහ මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආබාධිත ප්‍රජාව පිළිබද දක්ත විශ්ලේෂක කසුන්ජිත් සටනාරච්චි මහතා, අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා සහභාගි වූහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න