අම්පාර මහා රෝහලේදි . අඩු බර උපත් දරුවන් පස් දෙනෙකු සාර්ථක සිසේරියන් සැත්කම් දෙකකින් බේරා ගැනිමෙන් අනතුරුව අම්පාර මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්රනථිකාර ලබමින් සිටි දරුවන් පස්දෙනා එම මව්වරුන් දෙදෙනාට නැවත භාරදිම ඊයේ 06 සිදු කරනු ලැබිය.
මා ර් තු 15 වෙනිදින අම්පාර මහා රෝහලේ ප්රසසව සහ නාරි විශේෂඥ වෛද්‍ය තරිදු එදිරිසුරිය මහතා ඇතුලු වෛද්යෙ කණ්ඩායම විසින් දරු ප්‍රසුතිය ඇතිවු මවකට සිසේරියන් සැත්කමක් සිදුකල අතර එම මවට නිවුන් දරුවන් දෙදෙනෙකු හමුවු අතර එම දරු දෙදෙනාම සති 30 කාලයකදි හමුවු නිසා නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයට යොමු කරනු ලැබිය.
ඉන් පැයකට පසුව සමන්තුරේ සිට අම්පාර මහා රෝහලට හදිසියේ එවන ලද මවකටද දරු ප්‍ර සුතිය ඇතිවු අතර එම මවටද හදිසියේම සිසේරියන් සැත්කමක් සිදුකර අතර එම මවට තුන් නිවුන් දරුවන් හමුවු අතර එම දරුවන් සති 29 කාලයක දරුවන් විම නිසා එම දරුවන් ද නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබේ.
එසේ ළදරු දැඩි සත්කාරඒකකයට යොමු කරන ලද දරුවන් පස්දෙනා අම්පාර මහා රෝහලේ ළමා රෝග විශේෂඥ දිමුතු සුභසිංහ මහතා ගේ අධික්ෂණය යටතේ දින 22 ක කාලයක් අවශ්‍ය ප්රෂථිකාර ලබාදි නියමිත බර පැමිනිමෙන් පසුව දෙමව්පියන්ට භාරදීම සිදුකරනු ලැබිය.
අම්පාර වැනි රෝහලක එක් දිනකදී එවැනි දරු උපත් සිදුවිම විරල සිද්ධියක් බව අම්පාර මහා රෝහලේ වෛද්යද අධ්‍ය ක්ෂක විශේෂඥ වෛද්යි රංග චන්ද්රෙිස්න මහතා සදහන් කලේය.
මෙම දරුවන් ගේ ජීවිත බේරා ගැනිම සදහා කටයුතු කල අම්පාර මහා රෝහලේ ප්ර්සව සහ නාරි වෛද්‍යා විශේෂඥ තරිදු එදිරිසුරිය සහ ළමා රෝග විශේෂඥ දිමුතු සුභසිංහ මහත්වරුන් ඇතුලු සියලුම වෛද්යරවරුන්ට හෙද කාර්ය මණ්ඩලයට කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුලු සියලුදෙනාටම ස්තුතිවන්ත වෙන බවද පැවසිය.