ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වරුන්ගේ  ඉල්ලීම් නො ලැබු ණොත් විරෝධතා ව්‍යාපාරයක්  අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර එය මාරාන්තික උපවාසයක් දක්වා  රැගෙන යන බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති සවන තිලක ගජධිර මහතා පැවසීය.

ඊයේ (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වරුන්ගේ සංගමයේ  සභාපති වරයා එසේ පැවසීය.

වැඩිදුරටත් මධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

ගුරු අධ්‍යාපනඥ සේවය සමාන්තර සේවා අතර විශිෂ්ට සේවයක් වෙනවා. අප ගුරුවරු පුහුණු කිරීමේ කාර්ය භාරය ඉෂ්ට කරන පිරිසක්. අපේ ගැටළු අමාත්‍යතුමිය ලේකම් තුමා සමඟ  කතා  කරන්නට කිහිප වරක්ම ඉල්ලා සිටියා. නමුත්, ඒ සඳහා අවස්ථාවක් තවම අපට ලැබුනේ නෑ.

විධායක සේවාවක් නිසා අපේ සේවයට එන්නේ විදුහල්පතිවරු, උප විදුහල්පති වරුයි. වසර කිහිපයක් සේවය කරලා විභාග සමත් වෙලා සේවයට එනවා. විභාගයෙන් සමත් වෙන පිරිස විධායක ශ්‍රේණියට එනවා. සමත් නොවන පිරිස එම සේවයේම ඉන්නවා.

නමුත් ඔවුන්ට අපිට වඩා වැටුප් වැඩියි. අපි පහුගිය ආණ්ඩු වලට කිව්වා. මේ ආණ්ඩුවට කිව්වා කථිකාවක් ඉල්ලුවා. නමුත් විසදුම් නෑ. අමාත්‍යංශය නිහඩව සිටිනවා.

අවුරුදු හයෙන් පලවෙනි තනතුරේ සිට දෙවෙනි ශ්‍රේණියට උසස් වීම් ලැබෙනවා. නමුත් දෙවෙනි ශ්‍රේණියේ සිට ඉහලට යන්න වසර දහයක් යනවා. මේ ගැටළු සඳහා කැබිනට් පත්‍රිකා දැම්මා. නමුත් සියල්ල පස්සට ගියා. අපිව නිසි තැන තියන්න නැතිනම් අපි එළ බෙන සතියේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා. අපිට සතියකට පෙර විසදුම් නොලැබුනොත් අකණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නවා.

මීට පෙර අග්‍රාමාත්‍ය තුමිය සමඟ සාකච්චා කල පසු සතියකින් මුලික ගැටළු වලට කඩිනම් විසදුමක් දෙන්නම් කිව්වා. නමුත් අද වෙන කම් කිසිම පිළිතුරක් නෑ.

වැටුප් විෂමතාව වහා විසදන්න කටයුතු කරන්න. අද අපිට විසදුම් නැතිව බලන් ඉන්න වෙලා තියනවා. අලුතින් සේවයට එන අයට අපිට වඩා වැටුප් වැඩි වෙලා මේ විෂමතාවය වහා විසදන්න කටයුතු කරන්න යැයි අප බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ද ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති සවන තිලක ගජධිර මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ගේ සංගමයේ ප්‍රියන්ත බණ්ඩාර, ධම්මික මිරිහාන, කේ.ජි.ටී සදමාලි සාමාජිකයෝ ද  මෙහි දී අදහස් දැක් වූහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න