පාසල් දරුවන් ලක්ෂ 40 කගේ දත් ආරක්ෂා කරන්නට ආණ්ඩුව යළි පාසල් යයි!
මෙරට ඉගෙනුම ලබන ලක්ෂ 40 ක් වන පාසැල් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය ආරක්ෂණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකසන ලද නව චක්‍රලේඛයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ
ඒ අනුව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් චක්‍රලේඛයක් ඉදිරපත් කර තිබේ.
ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් මෙවැනි චක්‍රලේඛයක් එළිදැක්වීම ප්‍රථම බව නාලක කළුවැව මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් සියයට 63 ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බවත් වැඩිහිටි ජනගහනයෙන් අඩක් විදුරුමස් රෝගවලින් පෙළෙන බවත් මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව මුඛ පිළිකාව බව නවතම සෞඛ්‍ය දත්ත වාර්ථාවල සදහන් වේ.
ඊයේ (20) යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවයට එක් වෙමින් ගාලු මුවදොර පිටියේ දී පැවති වැඩසටහනක දී අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා මේ බව සඳහන් කළේය.