ශ්‍රී ලංකා තායිලන්ත රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආරම්භ කර වසර 70 ක් ගතවීම නිමිත්තෙන් සහ තායිලන්ත මහා චක්‍ර සිරින්දෝන් කුමරියගේ 71 වැනි ජන්ම දිනය සමරා ලංකාවේ පුද්ගලයින් 71 දෙනෙකු තාවකාලිකව පැවදි කරවීමට කොළඹ රාජකීය තායි තනාපති කාර්යාලය කටයුතු කර තිබේ.
ඒ අනුව මෙම පිංකම 28 දින සිට අප්‍රේල් 11 දින දක්වා තායිලන්තයේ දි පැවැත්වේ. එම පිංකමට සහභාගි වන කංඩායම 28 දින රාත්‍රි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
මෙම පිංකම සංවිධානය කරනු ලබන ලබන්නේ ශ්‍රී ලංකා තායිලන්ත තානාපති කාර්යාලය සහ කොළඹ කොටහේන දීපදුපත්තාරාම තායි විහාරස්ථානයේ විහාරාධිපති අමරපුර සම්බුද්ධ සාසනෝදය මහ සංඝ සභාවේ මහනායක ආචාර්ය වස්කඩුවේ මහින්ද වංශ හිමියන් ය.
සහභාගි වන කංඩායමට තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන වැද පුදා ගැනීමට, භාවනා වැඩ සටහන් වලට සහභාගි වීමට අවස්ථාව ලබා දීමට තායිලන්ත රජය කටයුතු කර තිබේ.