ලෝක සාගර දිනය නිම්ත්තෙන් වැඩසටහන් රැසක්. අදට යෙදෙන (06.08) ලෝක සාගර දිනය නිමිත්තෙන් ජාතික වැඩසටහන අද කොලඹ වරාය නගර වෙරළ පරිශ්‍රයේදි පැවැත්වුණා. ඒ පරිසර අමාත්‍ය වෙද්‍ය දම්මික පටබැඳි මහතා , නියෝජ්‍ය අමාත්‍යා ඇන්ටන් ජයකොඩි මහතා, අමාත්‍යංශ ලේකම් රෝහිත උඩුවාවල මහතා , ක්ලීන් ශ්‍රි ලංකා ජාතික වැඩසටහනේ නිලධාරින් සහ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරීයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්. සාගරයේ වටිනාකම හා සාගරය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කරමින් ලෝක සාගර දිනය සමරනු ලබන අතර මෙවර එහි තේමාව වන්නේ “සුරකිමු අප රකින අසිරිමත් මහ සයුර” යන්නයි. Colombo Port City හිදී පැවති මෙවර සැමරුම් දිනයට සමගාමිව ක්‍රියාකාරකම් රාශියක් සංවිධානය කර තිබුණේ පාසල් දරැවන්ගේ හා ප්‍රජාවගේ අවධානය සාගර පරිසර පද්ධතියට යොමු කරමිිින්. සාගර පරිසර පද්ධතියට අදාලව එහිදී ප්‍රදර්ශණයක් පැවති අතර ඊට ප්‍රදර්ශණ කුටි 35ක් පමණ ඇතුලත්. සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ මුලිකත්වයෙන් සංවිධානය කල වැඩසටහන සදහා ක්ලීන් ශ්‍රි ලංකා ජාතික වැඩසටහන, පරිසර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතවල සහයෝගයද ලබා දී තිබෙනවා. සමුද්‍ර ජීවි ප්‍රදර්ශනයක් , පාසැල් ළමුන් සහ කුඩා ළමුන් සඳහා චිත්‍ර තරගයක් , සමුද්‍ර අප ද්‍රව්‍ය භාවිතා කරන නිර්මාණ, මුහුදු වැලි යොදා කරන නිර්මාණ තරගද අද දිනයේ සංවිධානය කර තිබුණා. මිට අමතරව මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහන්, සමුද්‍ර දූෂණය පිලිබද විද්වත් කතිකාවක්, ප්‍රදර්ශනාත්මක වොලිබෝල් තරගයක් සහ වීදී නාට්‍ය ද ලෝක සාගර දිනයට සමගාමීව සංවිධානය කර තිබුණා. සාගර පරිසරයට එදිනෙදා වන බලපෑම අවම කිරීමටත්, සාගර පරිසර දූෂණය වැළැක්වීමටත්, සාගර පරිසරය හා බැදුණු ධීවර මෙන්ම සංචාරක කර්මාන්තවල තිරසාර බව සහතික කිරිමටත් මහජනතාවගේ දායකත්වය ලබා ගැනීම පිළිබදව මෙම දිනයේදි සහ එම වැඩසටහන් වලදී අවධානය යොමුවුණා.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න