((012)
ඔන්මැක්ස් ඩී.ටී පිරමීඩාකාර මූල්යි වංචාවට හසුවූ තැන්පත්කරුවන්ගේ සියලු පැමිණිලි ලැබීමෙන් අනතුරුව ඔවුන්ට මුදල් ලබාදීමට අදාළ වැඩ පිළිවෙලක් සකස් කර ඒ පිළිබඳව කරුණු ඇතුළත් වාර්තාවක් ජූලි මස 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රකධාන මහේස්ත්රා ත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
එමෙන්ම එළඹෙන මැයි 30 දිනට පෙර එම සිද්ධියට අදාළ සියලු පැමිණිලි භාර ගන්නා ලෙස දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දෙන ලෙසද මහේස්ත්රායත්වරිය වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කළාය.
මෙම නඩුව වසර ගණනාවක් තිස්සේ විභාග වෙමින් පවතින බවත් තවදුරටත් එලෙස සිදුවීම තුළින් තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටු නොවන බව පෙනීයන බැවින් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කරන ලෙසට හා සියලු පැමිණිලි මැයි 30 දිනට පෙර භාරගෙන අවසන් කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසට රජයේ ජ්යෙිෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරුණි.
මේ වන විට සිද්ධියට අදාළව පැමිණිලි 5000ක්  පමණ ලැබී ඇති බවත් සිදුකළ විමර්ශනවලට අනුව මෙම වංචාකාර පිරමීඩ  මූල්යල ජාවාරම හරහා තැන්පත්කරුවන් සතු කෝටි 19ක පමණ මුදලක් වංචා කර ඇති බවත් නීතිඥවරයා සඳහන් කළේය.

එම වංචාකරුවන් සතු මිලියන දෙකයි දශම හයක පමණ දේපල අධිකරණයේ නියෝග මත අත්හිටුවා ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.
මෙම තැන්පත්කරුවන්ගෙන් වංචා සහගතව ලබාගෙන ඇති මුදල් ඔවුන්ට නැවත ලබාදීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව නීතිපතිවරයාට ශ්රීම ලංකා මහ බැංකුවට, හා අපරාධ පරීක්ෂතණ දෙපාර්තමේන්තුවට අවශ්යය නියෝගයක් ලබා දෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
මෙම සිද්ධියට අදාළව මේ වන විටත් පැමිණිලි ලැබෙමින් පවතින බවත් එම නිසා මෙම වංචා සහගත සිද්ධියේ ඇතැම් කරුණු කාරණා විමර්ශනය කිරීම පවා දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ත ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
වින්දිතයන් වෙනුවෙන් නීතිඥයා අචලා සෙනෙවිරත්න මහත්මියද අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර මෙම සිද්ධියට අදාළව 2019 වසරේදී මහ බැංකුවට පැමිණිලි ලැබී තිබූ නමුත්  මහ බැංකුව ඒ පිළිබඳව අවධානය යොමු කලේ 2023 වසරේදී නිසා තැන්පත්කරුවන්ට අසාධාරණයක් සිදුවූූ බවද සිද්ධියෙන් පීඩාවට පත් වූ ඇතැම් තැන්පත්කරුවන් සියදිවි නසාගෙන ඇති බවද ඇය සඳහන් කළාය.
සිද්ධියට අදාල සැකකරුවන් ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජය පේමරත්න මහතා කියා සිටියේ තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටු කිරීම සම්බන්ධයෙන් උපරිම සහාය ලබාදෙන බවය.
දෙපාර්ශවයේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාලත්වරිය සිද්ධියට අදාළ කරුණු ඇතුළත් වාර්තාවක් ජූලි මස 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එසේ නියෝග කළාය.
(13)
අනුරාධපුර සිට මතුගම බලා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් ඊයේ  (02) පස්වරුවේ කැකිරාව දුම්රිය හරස් මාර්ගයේදී  ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන්ගත් තිස් අට හැවිරිදි කාන්තාවක් මරුමුවට පත්ව ඇත.
කැකිරාව ඔළුකරද ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් මෙම අනතුරින් මියගොස් ඇත.
මේ අතර එම ත්‍රීරෝද රථයේ ගමන් ගත්  මියගිය කාන්තාවගේ පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවෙකු අනතුරින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සදහා කැකිරාව   දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.
  (02) පස්වරු 2.10 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
අධික වේගයෙන් ධවනය කොට ඇති බස් රථය දුම්රිය හරස් මාර්ගය මතදී එකවරම ඉදිරියෙන් ගමන්ගත් ත්‍රීරෝද රථය දෙසට ධාවනය කොට ඇති අතර  එම අවස්ථාවේ බස් රථය ඉදිරියට එනු දැක ත්‍රීරෝද රථයේ රියැදුරු ඉන් පැන දිවි ගලවාගෙන තිබේ.
අනතුරට ලක්වූ මව දරු දෙදෙනා කැකිරාව ඔළුකරද විද්‍යාලයේ සිට  සිය නිවස බලා  කුලියට ත්‍රීරෝද රථයෙන් ගමන් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ උපදෙස් මත කැකිරාව  පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන්  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
(014)
වත්තල හේකිත්ත ප්‍රදේශයේ  නවාතැන්පොළක කාමරයක් තුල යම් අයෙක් ගෙළවැළලා ගෙන මියගොස් ඇතැයි  වත්තල පොලිසියට ලද දුරකථන  ඇමතුමක්  අනුව එම ස්ථානයට ගිය පොලිසියට ලැඟුම් හලේ නානකාමරයක් තුල සිහිමුර්ජා වී සිටි කාන්තාවක් හමුවී ඇත.
පොලිස් කාන්තාවකගේ සහාය මත වතුර ඉස  සිහිය ලබා ගැනීමෙන් අනතුරුව කාන්තාවගේ තොරතුරු විමසා ඇති අතර ඇය සියදිවි හාණිකර ගැනීමට සූදානම්ව  සිටි බවට තොරතුරු හෙලිවි ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය හැඳ සිටි ඇඳුමේ සාක්කුවක තිබීම අයිස් ග්‍රෑම් 6යි මිලි ග්‍රෑම් 100ක ප්‍රමාණයක් පොලිසිය  විසින් සොයාගෙන ඇත.
දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින  සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බ්ලූ මැන්ඩල් රවී සමග එක්ව  වසරක පමණ කාලයක  සිට  මත්ද්‍රව්‍ය ජාවාරමෙහි නිරතව සිටි බව පවසා ඇත.
රාගම හීන් කෙන්ද ප්‍රදේශයේ පිහිටි ඇගේ දෙවන විවාහයේ පුරුෂයා සමග ඇය පදිංචිව  සිටි  නිවස පරීක්ෂා කල පොලිසිය කොංක්‍රීට්  දැමූ ස්ථානයක බැරල් එකක් තුල  සුරක්ෂිත අන්දමින් අසුරා වළදමා තිබූ බ්ලූ මැන්ඩල් රවීට අයත්  ටී පනස්හය ගිනිඅවියක්, ඊට යොදන මැගසින් හතරක්, ටී පනස් හය උණ්ඩ 113 ක්ද විද්‍යුත් තරාදියක් සහ සීලර් එකක්ද සුරක්ෂිතව වළදමා තිබියදී  සොයාගෙන ඇත.
පොලිසිය තමා අත් අඩංගුවට ගැනීමට සිටින බැවින් සැඟවී සිටීමට මෙම ස්ථානයට පැමිණි බවත් පොලිසියට හසුවීමට පෙර  මෙසේ සියදිවි නසා ගැනීමට තීරණය කල බවත් ඇය පවසා ඇත.
එම කාමරයේ පිහිටි  විදුලි පංකාවේ ගැටගැසූ ඇඳ ඇතිරිල්ලක් පොලිසියට හමුවි ඇති  අතර සියදිවි හාණිකර ගැනිමට යාම පිලිබදව තම  සිතට ඇතිවූ බියෙන්  නාන කාමරයේදී සිහිමුර්ජා වන්නට ඇතැයි ඇය ප්‍රකාශ කර ඇත.
මෙම කාන්තාව කොළඹ 15, බ්ලූ මැන්ඩල් පාරේ පදිංචිකාරියක බවත් පෙරදින රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ඇය මෙම නවාතැන් පොලට   ගෙනැවිත් නතර කල බවත් ඇය පවසා ඇත.
කාන්තාව සහ ඇගේ  ස්වාමිපුරුෂයාද අත්අඩංගුවට ගෙන ඇති  සැකකරුවන් දෙදෙනා 02 වනදා  වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින අනූවක් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
කැලණිය  කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස්  අධිකාරී නුවන් අසංක, කැලණිය දිස්ත්‍රික් අංක 1 භාර ජේෂ්ඨ  පොලිස් අධිකාරී ප්‍රසන්න ද සිල්වා,වත්තල  පොලිසියේ  ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරීක්ෂක  අනුර ගුණවර්ධන,අපරාධ  අංශයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිළ හේරත් පොලිස්  කොස්තාපල් වරුන් වන 86070 පතිරන 103397 ඩිල්ෂාන්  කාන්තා පොලිස්  කොස්තාපල්  1110 විදූෂාජනී, රියදුරු  15925  අනුරුද්ධ යන නිලධාරීන්  විසින් මෙම විමර්ශන  සිදුකර ඇත.
(015)
උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් තම පුද්ගලික ලේකම් ශාන්ති චන්ද්‍රසේන යන අයට අයුතු ලාබයක් ලබාදීමට කටයුතු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුණු උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා (02)  වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය.
රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කිරීම හේතුවෙන් ආර්ථිකයටද එය දැඩිව බලපෑම් එල්ලවීම මත අධිකරණ නිලධාරීන්, රජයේ නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයන් සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු නොකර උපරිම දඬුවම් නියම කරන බවට ප්‍රකාශ කරමින් විනිසුරුවරයා එලෙස දඬුවම් නියම කළේය.
එසේම විනිසුරුවරයා විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින්  දඩ මුදල් ද ගෙවීමට නියම කළේය
2012 හා 2014 කාලය අතර තුර එස්. එම්. රංජිත් සමරකෝන් යන අය උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වරයා ලෙස කටයුතු කරමින් පුද්ගලික ලේකම් ශාන්ති චන්ද්‍රසේන යන අයට අයුතු ලාබයක් ලබාදීමට කටයුතු කිරිම, ඉන්ධන දිමනාව වැටුප සමග ලබාදි තිබියදි ඉන්ධන ඇනවුමපත් මගින් රුපියල් 2680528.10ක්(රුපියල් 26 ලක්ෂයකට අධික මුදලක් ) ලබාගැනිම,එසේ ලබාගැනිමට රජයේ නිලධාරින් පෙලඹවිම ඇතුලු අල්ලස් පනෙත් දුෂනය නම් වරද සිදුකිරිම යන අධි චෝදනා අටක් යටෙත්   අල්ලස් කොමිසම  විසින් පවරා තිබූ නඩුවේ තීන්දුව ලබා දෙමින් විනිසුරුවරයා එලෙස දඬුවම් නියම කළේය.
මෙහි පළමු චූදිත අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් උතුරු මැද පළාත් සභාවට හිටපු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තේරී පත් වූ අයෙකු බවත් අනුරාධපුර වැනි තරමක් දුෂ්කර දිස්ත්‍රික්කයකින්, තේරී පත්වුණු මොහු මහජන නියෝජිත ලෙස මහජනතාවගේ මුදල් අවභාවිතා කර ඇති බවත් 2012 වසරේදී සිදුවූ මෙම දූෂණයේ දී රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් අවභාවිතා කර ඇති බවත් සලකා බලා ඒ අනුව මෙම චූදිත සම්බන්ධයෙන් උපරිම දඬුවම් නියම කරන ලෙස අල්ලස් කොමිසම වෙනුවෙන් පැමිණිල්ල  මෙහෙය වූ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
මෙම නඩුව 2012 වසරේ සිදුවූ සිද්ධියක් සම්බන්ධ නඩුවක් වන බවත් සිය සේවා දායකයන් විසින් මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණයට පූර්ණ සහයෝගය ලබාදීම යන කරුණු ද සැලකිල්ලට ගෙන සම සේවා දායකයන්ට  ලිහිල් දඬුවම් ලබා දෙන ලෙසට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම නඩුවෙන් අනාවරණය වන්නේ ආර්ථික අපරාධයක් වන බැවින් වෙනත් නඩු සම්බන්ධයෙන් වන අධිකරණය විසින් අනුගමනය කරන ක්‍රියා පටිපාටි මෙම නඩුව සඳහා අනුගමනය කළ නොහැකි බවත් ප්‍රකාශ කළ විනිසුරුවරයා මෙවැනි දූෂණ චෝදනා එල්ලවන රජයේ නිලධාරීන්ට මෙන්ම මහජන නියෝජිතයන්ට, අධිකරණ නිලධාරීන්ට උපරිම දඬුවම් නියම කරන බවට ප්‍රකාශ කරමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න