පුරවැසියෙකුගේ හෘද සාක්ෂිය(2)……………

2022 ජන අරගලයට හදවතින්ම ගෞරව කරමි.පෙම් කරමි……..

1953 හර්තාලය, 1971 තරුණ විමුක්ති අරගලය, 1987- 89 තරුණ විමුක්ති අරගලය මෙරට ප්‍රභූ, වලව් දේශපාලන තන්ත්‍රයට එරෙහි පොදු ජනයා තුළින් මතුවූ විමුක්ති අරගලයේ අදිරයන් කීපයක් ලෙස හඳුනා ගැනීමේ වරදක් නැතැයි සිතේ……………………..

මේ සෑම අරගලයක් හරහාම මෙරට ප්‍රභූ, වලව්, දේශපාලන තන්ත්‍රයට තිගැස්සෙන බිහිසුණු අත්දැකීමක් ලබා දුන්නද ඒවා හමුදා බලය, සන්නද්ධ බලය හරහා තාවකාලිකව යටපත් කළත් මෙරට පීඩිත පංතිය තම නොනිමි අරගලය අඛණ්ඩව කරගෙන ආ බව සිහිපත් වන විට අපට ඇත්තේ ආශ්වාදයකි. ගෞරවයකි. ආඩම්බරයකි…………..

සුවහසක් උගත්, බුද්ධිමත් තරුණ තරුණියන්ගේ ජීවිත මතින්, ලේ මතින් රාජ්‍ය බලය පවත්වා ගත් ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨා,රනිල් එකම කඳවුරක දේශපාලන ලේ නෑයින් බවට පොදු ජනයාට ඒත්තු ගැන්වීමට හැකියාව ලැබුණේ 2022 පොදු ජන අරගලයය නිසාවෙනි………………..

එදා මෙදා තුර මේ රට පාලනය කළ සෑම පාලකයෙක්ම පොදු ජනයාගේ ලේ මතින්, දුක් කඳුළු සහ ජීවිත මතින් තම රාජ්‍ය බලය පවත්වා ගත් බව අතීතාවර්ජනයක් කරන ඕනෑම අයෙකුට තහවුරු කර ගත හැකිය…………

ජේ ආර් තම රාජ්‍ය බලය පවත්වා ගැනීම සඳහා උතුරේ දේශපාලන පක්ෂ තහනම් කර උතුරේ ජාතිවාදී යුද්ධයක් නිර්මාණය කරන අතරම දකුණේ ජනතා විමුක්ති පෙරමුණු වැනි පක්ෂ සහ එහි නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයෙන් පලවා හැර දකුණේ තරුණ සංහාරය නිර්මාණය කළ බැව් දේශපාලනය දන්නා අය දනී. 1980 වැඩ වර්ජනය මර්ධනය කළ ආකාරය, 1983 කළු ජූලිය, ලාම්පු- කලගෙඩි සෙල්ලම හරහා ප්‍රජාතන්ත්‍රවාදය වළදමමින් ජේ.ආර් තව පාලන රැගෙන ගියේ බලහත්කාරයෙනි…….

ඉන්පසු ප්‍රේමදාස ,රනිල්, ජයවික්‍රම පෙරේරා ආදී එජාප පිරිස් නැවතත් 87-89 කාල වලදී මෙරට බුද්ධිමත් තරුණ තරුණියන් සමූල ඝාතනය කරමින් රාජ්‍ය පාලනය පවත්වා ගත්තේේද ද ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට බලහත්කාරය සහ සන්නද්ධ බලය භාවිතයෙනි…………….

විහාර මහා දේවිය ලෙසින් බලයට පැමිණි චන්ද්‍රිකා බටලන්ද කොමිසම් වාර්තාව සඟවමින්ද, කුප්‍රකට වයඹ ඡන්දය හරහා භීෂණය වපුරමින්ද රාජ්‍ය බලය පවත්වා ගත්තේ මෙරට ජනයාගේ ලේ මස් සහ ජීවිත මතිනි. අවසානයේදී පොදු ජනයා ඇය බලයෙන් පලවා හැරියේද චෞර රැඳි රැජිණ ලෙසිනි. එමෙන්ම ජනපති ලෙස පොදු දේපළ අව භාවිතය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඇය වරදකරුවකු බවට පත්විය. ඒ ජනතාවාදී ජනපතිනි චන්ද්‍රිකාගේ දේශපාලන ගමනේ අවසානයයි……………

ඉන්පසු මහින්ද මහරජාණෝ රට බංකොලොත් කිරීමේ වරදකරුවකු ලෙස අධිකරණයෙන් වරදකරු වූවා පමණක් නොව සුනාමි ආධාර වංචා කිරීම, මිනිස් ඝාතන පොදු දේපල සොරකම් කිරීම වැනි චෝදනා රැසක් සමග දේශපාලන කුණු භක්කියට තල්ලු විය……………………..

මෛත්‍රීගේ තත්ත්වය අතිශය ශෝචනීය. ජනපති ලෙස කටයුතු කරන සමයේ කළ වැරදි වෙනුවෙන් අධිකරණයෙනි වරදකරු වී වන්දි ගෙවමින් එම අපරාධ සඳහා නොනිමි වන්දියක් මෙන්ම දේශපාලන වන්දියද ගෙවමින් සැඳෑ සමයේ දැවි දැවී ජීවිතය ගෙවමින් සිටි……………..

ගෝඨා යනු ජනපතියෙ කුට වඩා සරණාගතයෙකි. නොදන්නා ජනපතිකම් කිරීමට ගොස් සියල්ල අහිමි කර ගනිමින් අධිකරණයේද වරදකරු වී තවමත් විඳවීම ආරම්භ කර නැත. මිනීමරුම් ,දේපළ අවභාවිතය වැනි දේ පිළිබඳ චෝදනාා එමටය…………………..

රනිල්ටද ජීවිතයේ අවසාන භාගයේදී දිට්ඨධම්ම වේදනීය කර්මය ඵලදෙමින් තිබේ. “මිස්ටර් ක්ලීන්” දැන් “බටලන්ද වධකයා” ලෙස සමාජයේ තහවුරු කරගෙන හමාරය………

2022 ජන අරගලයේ කූඨප්‍රාප්තිය වන්නේ මේ සියලු මිනීමරුවන්, වංචනිකයන්, දූෂිතයන්, ත්‍රාඩයන් එකම මල්ලකට දමා දේශපාලන කුණු භක්තියට කොටු කිරීමට හැකියාව ලැබීමයි………

දැන් දැන් එහි අවසාන රංගනයන්ද දැකිය හැකිය. රනිල් සමග අමනාප වී යන්නේ සජිත් ළඟටය. සජිත් සමග අමනාප වී යන්නේ රනිල් ළඟට හෝ මහින්ද ලගටය. මහින්ද සමඟ අමනාප වී යන්නේ දිලිත් සහ රනිල් ළඟටය. රංජන් නොදන්නාකමට හෝ කිව් දේ 2022 ජන අරගලය විසින් “උන් ඔක්කොම යහළුවෝ මල්ලී” කියල දැන් හොඳටම සනාථ කර අවසන්ය………………

2022 ජන අරගලයේ ඇවෑමෙන් දේශපාලන ඉතිහාසය විසින් ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන, ගෝඨා සහ රනිල් එකම කල්ලියක් ලෙස ගොනුකර හමාරය. ඒ මෙරට දේශපාලනයේ ප්‍රභූ, දූෂිත ,ත්‍රාඩ, මිනීමරු, කල්ලිය ලෙස වරින් වර ජනතා රුහිරය මතින් බලය ලබා ගත් හා පවත්වාගත් කල්ලිය ලෙසය. එම කල්ලියේ ඊළඟ පරපුර ලෙස නාමල්ලා සජිත්ලා ශ්‍රී ලාංකික දේශපාලන රඟ මඩලේ රැගුම් පෑවද ඔවුන්ගේ මව්වරුන් පියවරුන් විසින්ම ඔවුන්ගේ දේශපාලන අනාගතයද අවසන් කර ඇති බැව් සමාජය ප්‍රත්‍යක්ෂ කරගෙන අවසන්ය………………..

2022 ජන අරගලය විසින් නිර්මාණය කළ ඒ නව දේශපාලනයේ යෂ්ටිය පොදු ජනයා විසින් අනුර කුමාර දිසානායක ජනපතිට ලබාදී ඇත. යශ්ටිය ලබා දුන් පොදු ජනයා සංයමයෙන්, ඉවසීමෙන් සහ අපේක්ෂා සහගතව බලා සිටි………………….

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න