ඇය විසින් මේ මාධ්‍ය හමුවේදී අනාවරණය කරනු ලැබුවේ ඇයට අයත් පාරම්පරික අවුරුදු සිය ගණනක් පමණ පරණ සින්නක්කර ඔප්පු ඇති ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ සිට ඔවුන්ට අයිති වූ අක්කර දහස් ගානක ඉඩම් රාශියක් තිබෙන බවත් ඒ සමහර ඉඩම් අක්කර 5000 කට වැඩි ප්‍රමාණයක් මන්නාරම රදගුරු පදවියට අයත් මඩු දේවස්ථානයට පවා ඔවුන් පරිත්‍යාග කර තිබෙන බවත්, අනිත් ඉඩම් සියල්ලම මේ වන විට ඔවුන් සතුව තිබෙන බවත්, ඒවා සමහරක් වල් වැදී ඇති අතර ඒ සමහර ඉඩම් මේ වන විටත් ඉතාමත් සංවිධානාත්මක කල්ලියක් විසින් ඉතාමත් කූඨ ලෙස ව්‍යාජ ලේඛන, ව්‍යාජ හොර ඔප්පු සාදා ඒ සියල්ලම අත්පත් කර ගනිමින් සිටින බව ඇය මාධ්‍ය හමුවේදී හෙලිකර සිටියාය. ඇය කෙලින්ම මේ සම්බන්ධයෙන් චෝදනා කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදුර්දීන් ඇමතිවරයා ප්‍රමුඛ කණ්ඩායමකටයි. ඇය පවසන පරිදි මේ කණ්ඩායම විසින් කාලාන්තරයක් තිස්සේ අනුන්ගේ ඉඩම් තමන්ගේ නමට හොරෙන් ඔප්පු හදා අයිතිකරගෙන විදේශ ව්‍යාපාරිකයින්ට ඒවා පවරා විකුණා තිබෙන බව ඇය විසින් පෙන්වා දෙනවා. විශේෂයෙන් රජයට අයිති රජයේ ඉඩම් රැසක් ද මේ විදිහට හොර ඔප්පු හදා ඔවුන් විසින් විකුණා තිබෙන බවත් තවත් වෙනත් පුද්ගලයින්ගේ පෞද්ගලික ඉඩම්ද මේ විදිහට ඔවුන් හොර ඔප්පු සාදා ඒවා අයිතිකර ගනිමින් ඒ සියල්ල විදේශ ව්‍යාපාරික ආයතනවද වලට විකුණා තිබෙන බවත් ඇය පෙන්වා දෙනවා. එසේම ඇයට අයිති අක්කර ගණනාවක ඉඩමුත් එසේම අයිති කර ගැනීමට උත්සාහ කිරීමේදී ඇය මැදහත් වී විරෝධය ප්‍රකාශ කර ඇගේ ඔප්පු පෙන්වා මේ සියල්ල වෙනුවෙන් සටන් කරමින් සිටිනවා. මෙය කාලාන්තරයක් තිස්සේ පැවැත්වෙන ඉතාමත් බරපතළ විදිහේ දැවැන්ත ඉඩම් ජාවාරමක් බව ඇය හෙළි කර සිටිනවා. මේ වන විටත් රිෂාඩ් බදූයුදීන් ඇමතිවරයා අදානි සමාගමට මෙලෙස හොර ඔප්පු සාදා කූඨ ලෙස අයිති කර ගත් ඉඩම් රැසක් විකුණා තිබෙන බවත් ඉදිරියේදීද මෙවැනි ඉඩම් රැසක් විකිණීමට උත්සාහ කරන බවද ඇය පවසනවා. එසේම ඇය පෙන්වා දෙන්නේ ඔවුන්ගේ කණ්ඩායම් රෑට එම ප්‍රදේශයේ තිබෙන හිස් ඉඩම් වලට පැමිණ ඒ ඉඩම් ඩෝසර් කර සුද්ද කර එහි තිබෙන වටිනා ගස් කොළන් දහස් ගණනක් කපා බිම හෙළා ඒ වටා වැටක් ගසා ඒවා අත්පත් කර ගැනීමට කණ්ඩායමක් විසින් උත්සාහ කරනවා. එසේම එම කණ්ඩායමේම තව කණ්ඩායමක් විසින් හොරප්පු සාදා ඒ අර ඉඩම් කපා දමා අත්පත් කරගන්නා තමන්ගේම අනිත් කණ්ඩායමට විරුද්ධ උසාවි යනවා. එතකොට උසාවියේදී මේ කණ්ඩායම් දෙක එකම කණ්ඩායමකට අයත් උනත් පෙනී සිටින්නේ එකිනෙකාට විරුද්ධ කණ්ඩායම් දෙකක් විදියට තමයි මේ නඩුවෙදි මුහුණ දෙන්නේ. එතකොට උසාවි විසින් මේ පිළිබඳ සලකලා බලා අර ඔප්පුව තිබෙන හොර ඔප්පු හදාගෙන තිබෙන කණ්ඩායමට උසාවි තීන්දුවක් ලබා දෙනවා මෙයාට ඔප්පුවක් තිබෙනවා. ඒ නිසා මේ මෙයාගේ ඉඩම කපන්න එපැයි කියලා තීන්දුවක් ලබා දෙනවා. අන්න ඒ උසාවි තීන්දුව අතේ තියාගෙන ඒ ඔහොර ඔප්පු හරහා ඔවුන් විසින් අනුන්ට අයත් ඉඩම් වෙනත් විදේශීය සමාගම් රැසකට විකුණා තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන් හොරුප්පු සාදා මේ විදිහට උසාවිය පවා නොමඟ යන විදිහේ වෙනම සැලසුම් සහගත රංගනයක් සිදු කරමින් උසාවි තීන්දුත් වැරදි විදියට අවභාවිතා කරමින් තමයි මේ කූට ජාවාරම සිදු කරනු ලබන්නේ. ඇය ප්‍රකාශ කරන විදිහට ඇය විසින් අවස්ථා ගණනාවක ඇයගේ ඉඩම් මේ විදිහට හොර ඔප්පු සාදා අත්පත් කර ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී අය අධිකරණයට ගොස් මේ සම්බන්ධයෙන් නඩු පවරා තිබෙනවා. එසේ නඩු පැවරූ පසුව ඔවුන් විසින් එම ඉඩම් විකිණීම අතහැර ගොස් තිබෙනවා. ඒ ගොස් තිබෙන්නේ උන්ට ඔප්පු කරන්න අවශ්‍ය කරන සැබෑ ලියකියවිලි ඔවුන් සතුව නැති නිසා. මේක කාලාන්තරයක් තිස්සේ රජයේ නිලධාරින්, රජයේ හිටපු මැති ඇමතිවරුන් කලින් රජයේ සහයෙන් ඉතාමත් කූට අයුරින් සිද්ධව කරන ලද දැවැන්ත ඉඩම් ජාවාරමක් කර අක්කර දහස් ගණනක් අයිති කරගෙන තිබෙනවා. ඔවුන් ඇතැම් ඉඩම් හිමියන්ව බයකරනවා. ඉඩම් හොරා කන්නෙ මිනිස්සුන්ව භය කරලා. මිනිස්සු බය නිසාම මේ වෙනුවෙන් පෙනී හිටින්න ඉදිරිපත් වෙන්නේ නෑ. ඊට අමතරව රජයට අයත් රජයේ ඉඩම් අක්කර දහස් ගානක් මේ විදියට කූට ලේඛන හදලා විකුනලා තියෙනවා. ඊටත් අමතරව මොවුන් විසින් අධිකරණය නොමඟ යවමින් අධිකරණ තීන්දු වැරදි විදියට භාවිතා කරලා තියෙනවා. මේක සම්පූර්ණ ලංකාව තුළ මහා පරිමාණයෙන් සිද්ධ වෙච්ච ඉඩම් ජාවාරමක් බව මේ තැනැත්තිය විසින් සාක්ෂි සහිතව ඔප්පු කරනවා. ඇය ඉල්ලා සිටින්නෙ NPP රජය යටතේවත් මේ මහා පරිමාණ ඉඩම් මංකොල්ලකෑම් නතර කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සදහා මැදිහත් වී පරීක්ෂණයක් ආරම්භ කර වරදකරුවන්ට දඬුවම් කරන ලෙසයි.
මුල් පිටුව පුවත් මන්නාරම පේසාලේ පදිංචි ප්‍රියදර්ශනී රොද්‍රිගු මහත්මිය පාරම්පරිකව අක්කර දහස් ගානක ඉඩම් හිමි...