ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන් 22 දා උදේ 8ට රට පුරා දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද කීය.
මාස දෙකක් තිස්සේ සාකච්ඡාවක් ඉල්ලනවා. ඇමතිවරයාට සෞඛ්‍ය සේවයේ ප්‍රශ්ණ ගැන තේරුමක් නෑ. ලේකම්වරයාට වුවමණාවක් නෑ. අමාත්‍යාංශය පාලනය කරන්නේ කිසිම ප්‍රශ්ණයකට උත්තර හොයන්න කැමති නැති, ප්‍රශ්ණ ඇති කරලා සතුටු වෙන නිලධාරීන් කිහිප දෙනෙක් සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටින බව පෙන්වා දිය හැකියි.
අවුරුදු 25ක් සේවා කාලයක් තියන නිලධාරීන්ටත් දැණුම මිනුම තරඟයක් තියන්න යනවා. ඔවුනන්ගේ කළමණාකරණ හැකියාව වර්ධනය වෙන උසස් වීම් ක්‍රමයක් දෙන්න කියලා ගත්ත තීරණය ආපස්සට හරවලා.
උපාධිධාරීන් බඳවා ගන්නත් දැනු මිණුම තරඟයක් බලහත්කාරයෙන් තිබ්බා. දැන් රජයේ විශ්වවිද්‍යාල වල උපාධිදාරීන් පැත්තකට විසික්කරලා, සල්ලි වලට උපාධි ගත්ත කණ්ඩායමක් විතරක් බඳවා ගන්න යන්නවා.
සීමාවාසික පුහුණුව ලබා දෙන්න රමේශ්පතිරණ ඇමතිවරයාගේ කාලේ අමාත්‍යාංශය තීරණය කලා. දැන් ඒ තීරණය ආපස්සට හරවලා. උපාධියේ ජාත්‍යන්ර පිළි ගැනීම හෑල්ලුවට ලක් කරන්න හදන්නේ.
ඇමතිවරයාට තියෙන්නේ එක පැත්තකින් නොතේරෙනකම. තව පැත්තකින් නොහැකියාව. ඊටත් වඩා සාකච්ඡාවකින් ප්‍රශ්ණ විසඳන්න බැරි තරමේ උද්දච්චකමක්.
ඒ නිසා 22 දාට උත්තරයක් ලබා නොදුන හොත් අපි අඛණ්ඩ ක්‍රියාමාර්ගයකට යන්න තීරණය අර ගෙන තියෙන්නේ.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ තාක්ෂණවේදීන් වෘත්තීය, කථන විකිරණ චිකිත්සකයින් ඇතුළු වෘත්තීන් හතක් මේ වර්ජනයට එකතු වෙන බව ද ඒ මහතා කීය.
පරිපූරක වෛද්‍ය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටළු විසඳීම සඳහා වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත් වීමක් නොවීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එලඹීමට අප තිරණය කර තිබෙනවා.
මූලික හා ප්‍රධාන පර්ශ්වකරුවන් නොසලකා පක්ෂ දේශපාලනය අමාත්‍යාංශය තුලට ගෙන ඒම,ලොව දියුණු යැයි සම්මත විවෘත සාකච්ඡාමය ප්‍රවේශය නොසලකා හැරීම,ඉතා සරල, විසඳුම් සහිත ගැටළු සංකීර්ණ හා විසඳිය නොහැකි තත්වයට පත්කිරීම ද පෙන්වා දිය හැකියි.
වර්තමාන සෞඛ්‍ය ප්‍රතිපත්තියට බවට පත්කර ඇති සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වැඩ පිළිවෙලට එරෙහිව සිදු කරන එක් දින සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගය 2025.05.22 දින උදෑසන 8.00 සිට ක්‍රියාත්මක කරනවා.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ලෙස පරිපූරක වෛද්‍ය සේවාව තුල ඇති වන ඕනෑම ගැටළුකාරී තත්වයකදී සෞඛ්‍ය සේවා ලාභියාත්, සමස්ථ මහජනතාවත්, රජයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, සෞඛ්‍ය බලධාරීන් හා නිලධාරීන් මෙන්ම පරිපූරක වෛද්‍ය වෘත්තිකයාත් ආරක්ෂා කර ගනිමින් අදාල ගැටළු විසඳා ගැනීමට නිල මැදිහත්වීම සිදු කර තිබෙනවා.
එසේම සමහර අනාගත ගැටළු පුරෝකථනය කරනමින් එවැනි ගැටළු ඇති වීමේ අවධානම පවා ඉවත් කර ගැනීමටත් අප විසින් කටයුතු කර ඇති බවද පෙන්වා දිය හැකියි.
කෙසේ නමුත් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉතාම උඩඟු ලෙස මෙම සාමය බිඳ දමා ඇති අතරම රජයේ සහ පක්ෂයේ අනුදැනුම සහිතව හෝ රහිතව ඉතාම අත්තනෝමතික තීන්දු තීරණ ක්‍රියාවට නංවමින් පහත ගැටළු වලට අදාළව පරිපූරක වෛද්‍ය සේවාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර දැඩි විරසකයක් නිර්මාණය කරමින් පවතින බව ද ඒ මහතා කීය.
උසස්වීම් වලට අදාල ගැටළුව, සතිඅන්ත හා නිවාඩු දින දීමනා වලට අදාල ගැටළුව,උපාධිධාරීන් බඳවා ගැනීමට අදාල ගැටළුව,සීමාවාසික පුහුණුව යන නාමයට අදාල ගැටළුව,වැටුප් හා දීමනා විෂමතාවයන්ට අදාල එකඟතා නොසලකා හැරීමේ ගැටළුව මේ අය විසදුම් දෙන්නේ නෑ.
සාකච්ඡා මාර්ගයෙන් උක්ත කරුණු විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ සෞඛ්‍ය ලේකම්වරයාගේ දායකත්වය ලබා ගැනීම සඳහා මෙතෙක් දැරූ සියළු උත්සහයන් ව්‍යවර්ත වී ඇති අතරම තවදුරටත් වෘත්තීය සමිති ලෙස මෙම අන්තනෝමතික ප්‍රතිචාරය අනුමත කිරීමට නො හැකි බව ද හෙතෙම කීය.