අනියම් පෙමක් දුර දිග යෑම හේතුවෙන් යතුරු පැදිකරු වෙකු කපා කොටා යතුරු පැදිකරුගේ රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා යතුරු පැදිය ගිනි තැබූ සැකකරුවන් දෙදෙනෙකු දිඹුලපතන පොලිසිය වෙත භාර වී ඇත.
තුවාල ලැබූ යතුරු පැදි කරු හැටන් කොටගල පදිංචිකරුවෙකු වන අතර ඔහු කොටගල ප්රූදේශයේම කාන්තාවක් සමග මීට වසර පහකට පමණ ප්රංථම නීත්යාරනුකූලව විවාහ වී ඇත.
තුවාල කරු කොටගල පදිංචි තවත් කාන්තාවක් සමග අනියම් පෙම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර, එයට විරුද්ධ වූ කසාද බිරිදට අලවංගුවකින් හිසට පහර දි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් දිඹුලපතන පොලිසියට නීත්යාවනුකූල බිරිද, ඇයගේ පවුලේ සාමාජිකයන් සහ සැමියා (17) දින පස්වරුවේ කැදවා විභාගකර ඇති අතර එහිදි සැමියා විසින් සිය බිරිද සමග සමගියෙන් සිටින බවට පොලිසියේදි පොරොන්දු වි පැමිණ සිටියදී සිය අනියම් බිරිද සමග හැටන් නුවරඑලිය ප්රබධාන මාර්ගයේ කොටගල පිහිටි සෙල්ෆි ඡායාරූප ගිනිමින් සිටි සිය සහෝදරියගේ සැමියාව ඇගේ සහෝදරයන් විසින් පිහියකින් කපා පහර දී මාමණ්ඩිය විසින් ඔහුට ලබා දුන් යතුරුපැදියද ගිනි තබා සැකකරුවන් දෙදෙනා පොලිසියට භාර වූ බවයි දිඹුලපතන පොලිසියේ නිළධාරින් කියා සිටියේ.
තුවාලකරු වැඩිදුර ප්ර තිකාර සදහා දික්ඹය මූලික රෝහලවෙත යොමුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (18) දින හැටන් මහේස්ත්රා ත් අධීකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුලපතන පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
යතුරුපැදිය ගිනි තැබීම හේතුවෙන් කොටගල උමංමාර්ගය අසල දැඩි වාහ්න තදබදයක්ද පැවතුණි.