සිංහල දෙමළ අළුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර ශ්‍රී දළදා මාලිගා චතුරස්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භුමියේ දී   (16) පැවැත්විණි.ඒ අනුව  පෙරවරු 9.04 ට යෙදුන සුබ නැකතින් පුරාණ චාරිත්‍රානුකූලව හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය සිදු කළ අතර මෙවර හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශවයේ අතිපුජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව සංවිධානය කර තිබුණු අතර  කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන්පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව මෙවර  අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් ව තිබුණි.

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක්  එක් ව සිටියහ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න