(01)
කොළඹ ප්රසදේශයේ විශ්ව විද්යාපලයක උප කුලපතිවරයෙකුට මරණීය තර්ජනය සිදුකර ඔහු සතු රුපියල් 50,000 ක මුදලක් වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධියට අදාළව  සොයාගෙන ඇති පත්රිදකාවක්  රජයේ රස පරීක්ෂක වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්රා්ත් පසාන් අමරසේන මහතා එම සිද්ධියට සම්බන්ධ සැකකරු මෙම මස 17 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද නියෝග කළේය.
බාලසූරියගේ අනිල් නමැති පුද්ගලයෙකු  එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
සැකකාර පුද්ගලයා මුදල්  ඉල්ලා තර්ජනය කරමින් පැමිණිලිකාර උපකුලපතිවරයාගේ නිවස ඉදිරිපිටට දමා ගොස් තිබූ තර්ජනාත්මක කරුණු ඇතුළත් පත්රිුකාවක් සොයාගෙන ඇති බවත් එම පත්රිාකාවේ තිබෙන අකුරු සැකකරුගේද යන්න පිළිබඳව හඳුනා ගැනීම සඳහා එම පත්රිතකා රජයේ රස පරීක්ෂකක වෙත යවා වාර්තාවක් කැඳවීමට අවසර ලබාදෙන ලෙස බම්බලපිටිය පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියෝග කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පොලිසි අධිකරණය හමුවේ කියා සිටියේ  පැමිණිලිකාර උපකුලපතිවරයාට සැකකරු අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් තර්ජනය කළ ඇති බවත් තර්ජනාත්මක ලිපි කීපයක්ද පැමිණිලිකරුගේ නිවස ඉදිරිපිට දමා ගොස් තිබියදී සොයාගෙන ඇති බවත්ය.
එම තර්ජනවලට බියවී ඇති උප කුලපතිවරයා සැකකරුට රුපියල් 50,000 ක මුදලක් ලබාදී ඇති බවත් තවදුරටත් ඔහුගෙන් එසේ තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලබාදීම හේතුවෙන් පැමිණිලිකරු සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදුකරණ බවත් පැමිණිලිකරුගේ නිවස ඉදිරිපිට දමා ගොස් තිබූ තර්ජනාත්මක පත්රි්කාවල සඳහන් අකුරු සැකකරුගේද යන්න පිළිබඳව හඳුනා ගැනීම සඳහා එම පත්රිාකා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියෝගයක් ලබාදෙන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
බම්බලපිටිය පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාවත්වරයා.  සිද්ධියට අදාළ ප්රරගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් නියෝග කළේ ය.
(02)
රියදුරු බලපත්‍රයක් නොමැතිව, බීමතින් වැරදි දිසාවෙන් මෝටර් රථයක් පදවා කුරුණෑගල වැහැර ප්‍රදේශයේදී  නිවැරදි දිසාවෙන් ගමන් කරමින් තිබූ තවත් මෝටර් රථයක හප්පා, එම මෝටර් රථය පදවමින් සිටි නීතිඥවරයෙකුට බරපතල තුවාල සිදු කර මරණාසන්න තත්ත්වයට පත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  චෝදනා ලබා ඊයේ  (7දා) අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටින සැකකාර ව්‍යාපාරිකයෙකුගේ පෙර ඇප වහාම අවලංගු කරන ලෙස කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය  මහතා නියෝග කළේය.
ඒ අනුව තමා විසින් අප අවලංගු කල සැකකාර ව්‍යාපාරිකයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින් වරෙන්තු නිකුත් කළේය.
මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව මෝසමක් මගින් අද (8දා) කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ  යළි කැඳවා පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කළ විශේෂ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
ඇප අවලංගු කර වහාම අත්අඩංගුවට  ගන්නා ලෙස මෙසේ නියෝග කළේ කුරුණෑගල ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයකු වන  ප්‍රදීප් ලංකා එදිරිසිංහ නැමති සැකකරුවෙකි.
මෙම සිද්ධියට අදාල නඩුව කුරුණෑගල අතිරේක  අධිකරණයේදී   යලි කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ තමා මෙම කරුණු දැක්වීම සිදු කරන්නේ තුවාලකරු නීතිඥයෙකු වීම නිසාම නොවන බවයි.
සියලු දෙනාට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවද අවධාරණය කළ නියෝජ්‍ය සොලිසිටර්  ජෙනරාල්වරයා මෙම රිය අනතුර සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී කුරුණෑගල පොලිසිය සැකකාර ව්‍යාපාරිකයාට අයත් අනතුර සිදු කල වාහනයේ අංකය පවා සටහන් කර ඇත්තේ වැරදි ආකාරයට බවද කීවේය.
ඉලක්කම් හතරක් නිවැරදිව ලියා ගැනීමට පවා පොලිසියට නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්  මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය නිසි ලෙස විමර්ශන සිදු කර නොමැති බවත් තුවාලකරු මරණාසන්නව සිටියදී නීතිඥ සහයක් පවා නොමැතිව සැකකාර  ව්‍යාපාරිකයා ඇප ලබා ගැනීම ගැටලු සහගත බවත් පවසා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා,
මෙම අනතුරින්  පසුව සැකකරු  තමන්ට වාසි සහගත ලෙස සියලු කටයුතු සිදුකරගෙන ඇත්තේ චණ්ඩි කමින් බවත්  ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වගන්තිය ප්‍රකාරව  නඩු පැවරීමට අවැස පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය.
මෙම අනතුර සිදුවූ අවට ප්‍රදේශයේ ඇති සීසීටීවී දර්ශන සැකකාර ව්‍යාපාරිකයා විසින් මකා දැමීමේ උත්සාහයක් පවතින බවටත්, ඔහු රටින් පිටවීමේ අවදානමක් තිබෙන බවත්, මෙම අනතුරින් බරපතල තුවාල ලබා සිටින නීතිඥවරයාගේ  බිරිය වන නීතිඥවරිය විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා, අවධාරණය කළේය
මාරක රිය අනතුරකින් බරපතල තුවාල ලබා මරණාසන්නව  තම සැමියා සිටින පසුබිමක  විමර්ශන වලට බාධා සිදු කරන බව පවසමින් සහ විමර්ශන හරි හැටි සිදු නොවන බව පවසමින් බරපතල තුවාල ලැබූ නීතිඥවරයාගේ බිරිඳට පොලිසියට ගොස් පැමිණිලි කිරීමට සිදුවීම යුක්තිය ඉටුවීම බිඳ වැටීමක් බවද හෙතෙම සඳහන් කළේය.
සැකකාර ව්‍යාපාරිකයා මෙම අනතුර සිදු කොට ඇත්තේ බීමතින් වලංගු  රියදුරු බලපත්‍රයක් නොමැතිව  මාර්ගයේ වැරදි දිසාවෙන්  මෝටර්රථයක් පදවමින්   බවද කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සැකකරු සිය මෝටර් රථයේ ගැටීමට සලස්වා ඇත්තේ  නීතිඥ බුද්ධ දේව ගුණරත්න මහතා පදවමින් සිටි මෝටර් රථයේ බවද කීවේය.
ඒ අනුව සැකකාර ව්‍යාපාරිකයාට නියම කර ඇති පෙර ඇප අවලංගු කර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට  වරෙන්තු නිකුත් කරන ලෙසටද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණ යෙන් ඉල්ලා සිටියේය.
මෙම කරුණු දැක්වීම් කෙරෙහි අවධානය යොමු කළ කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය  මහතා මෙම රිය අනතුර සිදු කිරීමේ චෝදනාවට මීට පෙර ඇප මත මුදා හල සැකකාර ව්‍යාපාරිකයාගේ ඇප අවලංගු කිරීමට නියෝග කළේය.
ඒ අනුව සැකකාර ව්‍යාපාරිකයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මගින්  වරෙන්තු නිකුත් කළේය.
මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නීතිපති දෙපාර්තමේන්තුවේ  අධීක්ෂණය යටතේ සිදු කළ යුතු බවටද තවදුරටත්  නියෝග කෙරිණ.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයාය  නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවයේ අයිතිවාසිකම් වෙනුවෙන්  ජේෂ්ඨ නීතිඥ වරුන් වන කීර්ති දුනුසිංහ , අරවින්ද හබක්කල, සංජීව විජේපාල, නීතිඥවරුන් වන  නලින් එදිරිසිංහ .  චතුරංග රාජපක්ෂ, මල්ලිකා හේරත්, ෆිලීෂියන් පෙරේරා හා ජය දේව රත්නායක  යන මහත්ම මහත්මීහු සමග  ජනාධිපති නීතිඥවරුන් වන එස්.ටී. ජයනාද සමග චන්ද්‍ර ජයසේකර යන  මහත්වරුන් සමඟ   නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
සැකකාර ව්‍යාපාරිකයා සිදු කල අනතුර හේතුවෙන් බරපතල තුවාල ලබු කුරුණෑගල අධිකරණ කලාපයේ ජේෂ්ඨ  නීතීඥවරයෙකු  වන බුද්ධදේව ගුණරත්න මහතා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ බරපතල තත්ත්වයේ සිටින බව අධිකරණයේදී අනාවරණය විය.
(03)
ජාතික ජන බලවේගයේ අභාවප්රානප්ත කෑගල්ල දිස්ත්රිසක් මන්ත්රීව කෝසල නුවන් ජයවීර මහතාගේ දේහයට අවසන් ගෞර්ව දැක්වීම සදහා අග්යාලමාත්යිය ආචාර්ය්යදය හරිනී අමරසූරිය මෙම මස 7 වන දින රාත්රීය මන්ත්රී වරයාගේ තල්දුව ,නාපාලව පිහිටි නිවසට පැමිනියාය.
ඇය සමග පරිසර අමත්ය ය වෛද්යිය ධම්මික පටබැදි මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීෛවරු ද සහභාගි වී සිටියහ.
කෝසල නුවන් ජයවීර පාර්ලිමේන්තු මන්ත්රීීවරයා පුසගිය 6 වන දින හදිසියේ මිය යන විට 38 වන වියේ පසුවිය.අවසන් කටයුතු 9 වන දින දෙහිඕවිට ඊරියගොල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත ය.
(04)
කුරුණෑගල කොළඹ 6 මාර්ගයේ වැහැර පර් කදේශයේ ඉන්ධන පිරවුම්හලක   පෙරේදා (07*  රාතරීහා  11.30 ට පමණ ගෑස් ටැංකි පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනකු මිය ගොස් ඇති අතර තුවාල ලැබූ කීපදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ පරවීමතිකාර ලබන බව වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ ලොරි රථයේ රියැදුරු අඛිල ධනංජය (33*   ලොරිරථ සහයක  දුෂාන් රවිද ඒකනායක (25* ඉන්ධන පිරිවුම්හලේ කළමනාකාර අමිල හර්ෂන (40*  සමග පිරවුමහල් සේවක  හිමල් තුෂාර විකර පිමරත්න  යන අයයි.  කිලෝ ගරෑසමගම් 48 ක්   බර ගෑස් සිලින්ඩර් දහයක් පමණ පිරවීමට ගිය අවස්ථාවේදී මෙම පිපිරිම  සිදුවී බවත්  ගින්න දැඩි ලෙස  පැතිරී යාම වළක්වමින් ක්ෂණිකව එම ස්ථානයට පැමිණි කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවන අංශය විසින් ගින්න පැතිරීම වළක්වාලීම සඳහා කටයුතු කල බව ද පරවේ දේශවාසින් පැවසූහ.
ගින්න හේතුවෙන් නිවාස ඇතුලූ  අනෙකුත් හානි සම්බන්ධව අදහස් දැක්වූ ඉන්ධන පිරවුම්හල අසල පදිංචි කේ. බී. ජයවිර මහතා  මෙසේ කිය.  රාතරීගරෑ 11.15 පමණ විශාල පිපිරීම් ශබ්දයක් ඇසුනා. ඒ සමගම මාගේ නිවසේ ජනෙල් වහල සීට් ඉබි යතුරු කැඞී  කිලෝ 48 ක් ගැස් පිරවිය හැකි  සිලින්ඩරයක්  මිදුලට කඩා වැටුනා. මාගේ මෝටර් රථයත්  නිවසින් ඉවත්කර  පවුලේ සියලූ දෙනාම නිවසින් ඉවත් වුණා. ගින්න වශාල ලෙස පැතිරෙයි යන බිය ඇතිවුනා. උදැසන මාගේ නිවසේ මිදුලේ මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කීිපයක් තිබුනා. අවාසනාවන්ත සිදුවිමක්. මෙවැනි ව්යානපාර ජනාකිර්ණ පරීර දේශවලට සුදුසු නැති බව පරාවනදේශවාසින් ආරම්භයේදිම පර‍ගේකාශ කර විරෝධය දැක්වූ බවත් ඒ මහතා කියා සිටියා.
ඉන්ධන පිරවුම්හලේ ගින්න හේතුවෙන්  කුරුණෑගල ශික්ෂණ රෝහලේ පරදේශතිකාර ලබන රෝගීන් පිළිබඳව අප කළ විමසුමකදී රෝහල් අධ්යකක්ෂ විශේෂඥ වෛද්යම මිහිරි පරි් ජයංගනී මහත්මිය කියා සිටියේ මේ වන විට හතර දෙනකු මෙම ගින්න හේතුවෙන්  රෝහලේ පරත් තිකාර ලබමින් සිටින බවයි.
කුරුණෑගල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අජන්ත ගුණවර්ධන මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ ගිනි නිවන රථ, ස්කයි ලිෆ්ට් සහ ජල බවුසර්  සියල්ල සේවය යොදවමින් ගිනි නිවන බටයින් ගේ මහත් කැපවීමකින් මෙම ගින්න පාලනය කර ගැනීම සඳහා කටයුතු කළ බවයි.
(05)
කටුනායක දහඅටේ කණුව අසලදී 08 වෙනි  දින පෙරවරු අටයි තිහට පමණ  ගිණි අවියකින් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 150/3/2,ලියනගේ මූල්ල, සීදුව පදිංචිව සිටි  ජූඩ් නිමල් සුසන්ත   ප්‍රනාන්දු   51 නමැත්තෙකි,
මියගි අයගේ  දරුවකු පැමිණ වෙඩි වැදී සිටි තම පියාව මීගමුව රෝහලට ගෙන ගොස් ඇත, එහි දී තම පියා මියගිය බව දරුවා ප්‍රකාශ කළේය. කටුනායක හා සීදුව පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරයි.
(06)
සිය දරු දෙදෙනා කාර් රථයකට යට කර බරපතල තුවාල සිදු කලා යැයි සිත් තැවුලට පත් පියකු විසින් කාර් රථය පැදවු අයගේ ඥාති පුතෙක ට පිහියකින් ඇන ඇතැයි පොලීසිය පවසයි. මෙම පිහි ඇනුම 07 දා සවස සිදු ව තිබේ.
ඉකුත් 05 මහබාගේ පොලිස් වසමේ තොටුපළ පාර ප්‍රදේශයේ දී කාර් රථයකින් දරුවන් තිදෙනකු යට කර ගෙන යාම නිසා පස් හැවිරිදි දැරියක් මිය ගොස් තුන් හැවිරිදි හා හය හැවිරිදි දරුවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරිණි. මෙහිදී එලීෂා ජස්ට්න් නැමති පස් හැවිරිදි දැරියක් මිය ගිය අතර ඩිනෝන් චිත්ම හා අනුගි රිසිත්මා බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
දරුවන් යට කල රථයේ රියදුරු පලා ගොස් තිබේ. මෙම සිද්ධි වලට සම්බන්ධ පිරිස් ඥතීන් වන අතර කලක පටන් මොවුන් අතර ආරවුල් තිබෙන බව පොලිසිය පවසයි.
පලා ගිය රියදුරු ගේ ඥති පුත්‍රයකු ට, බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටින දරුවන් ගේ පියා විසින් මෙම පිහි ඇනුම සිදු කර තිබේ. පිහි ඇනුම සිදු කල පුද්ගලයා ව මහබාගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සදහා නාවික හා පොලිස් නිලධාරීන් යොදවා ඇත.
(07)
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 2,281 දෙනෙකු හිසට වහළක් නොමැතිව එළිමහනේ ජීවත්වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් 2024 වසරට අදාළව සිදු කළ ජන හා නිවාස සංගණනයෙන් අනාවරණය වී තිබේ.
ඉන් 841ක් වූ වැඩිම ජනගහනය බස්නාහිර පළාතේ ජීවත් වෙති. එම පිරිසෙන් 536ක් කොළඹ දිස්ත්‍රික්කයේද, 229ක් ගම්පහ දිස්ත්‍රික්කයේද, 76 ක් කළුතර දිස්ත්‍රික්කයේද ජීවත් වෙති. බස්නාහිර පළාතේ හිසට වහළක් නැතිව එළිමහනේ ජීවත්වන ජනසංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස සියයට 28%කි.
එළිමහනේ ජීවත්වන 307 දෙනෙකු දකුණු පළාතේ සිටින අතර, එහි ප්‍රතිශතය සියයට 12%කි. එම පිරිසෙන් 139ක් ගාල්ලේ වන අතර,  මාතර 133 දෙනෙක් ද,  හම්බන්තොට 35 දෙනෙක්ද සිටිති.
වයඹ පළාතේ එළිමහනේ ජීවත්වන පිරිස 248කි. කුරුණෑගල 135 දෙනෙක්, පුත්තලම 113 දෙනෙක් එළිමහනේ ජීවත් වෙති.
එළිමහනේ ජීවත් වෙන 217 දෙනෙකු සබරගමුව පළාතේ සිටිති. ඉන් 160 දෙනෙකු රත්නපුර ද, 57 දෙනෙකු කෑගල්ල දිස්ත්‍රිකයේද ජීවත් වෙති.   . 
උතුරුමැද පළාතේ එළිමහනේ ජීවත්වන පිරිස 207 දෙනෙකි. ඉන් 180ක් අනුරාධපුරයේ ද, 27 ක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටිති.
මධ්‍යම  පළාතේ එළිමහනේ ජීවත්වන ජනගහනය 173කි. ඉන් 139 දෙනෙක් මහනුවර ද, 21 දෙනෙක් මාතලේද, 13 දෙනෙක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද ජීවත් වෙති.
ඌව පළාතේ 125 දෙනෙකු එළිමහනේ ජීවත් වෙති. ඉන් 72 ක් බදුල්ලේද, 53ක් මොණරාගල දිස්ත්‍රික්කයේද ජීවත් වෙති.
උතුරු පළාතේ එළිමහනේ ජීවත්වන සංඛ්‍යාව 90 කි. ඉන් 52ක් යාපනයේද, 04ක් මන්නාරමද 32ක් වව්නියාව ද මුලතිව් දිස්ත්‍රික්කයේ දෙදෙනෙක්ද වශයෙන් සිටිති.
එළිමහනේ ජීවත්වෙන කිසිදු පුරවැසියෙක් වාර්තාවී නැති මෙරට එකම දිස්ත්‍රික්කය කිලිනොච්චියයි. එමෙන්ම එළිමහනේ ජීවත් වන පුරවැසියන්ගෙන් සියයට 5.3%ක් වූ අඩුම ප්‍රතිශතයක් වාර්තාවන්නේ උතුරු පළාතෙනි.
නැගෙනහිර පළාතේ 73 දෙනෙකු එළිමහනේ ජීවත් වෙති. ඉන් 29 දෙනෙකු මඩකලපුවේ ද 20 දෙනෙකු අම්පාර ද 24 දෙනෙකු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද ජීවත් වන බව සංගණන වාර්තාවේ සඳහන්ය .
(08)
දෙබරවැව  ජාතික පාසලේ පෝෂිතයයටාල ප්රාීථමික විද්යාටලය ලෙස පිළිගෙනයටාල විද්යාවලයේපහ වසර ශිෂ්යපත්වය අසමත් වන් සියලු දෙනාජාතික පාසලට ඇතුලත් ගන්නා ලෙස ඉල්ලමින්යටාල විද්යාිලයේ දෙමාපියන් ශ්රේසෂ්ඨාධිකරණයේ  ගොනු කරන ලද නඩුවශ්රේපෂ්ඨාධිකරණ ත්රිේපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේනිෂ්ප්ර භ කර ඇත.
පැමිණිලි පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලදලද කරුණු වල නඩුව ඉදිරියට ගෙන යෑමට අවශ්යඉ කිසිදු සාක්ෂියක් නොමැතිබැවින් මෙම නඩුව නිස් ප්ර භකරඇතිබව ශ්රේ ෂ්ඨාධිකරණයෙන් ලබාගත් නඩු තීන්දුවේසඳහන් කර ඇත.
පීසී සාලිය පීරිස්තනුජා නන්දසිරිසහසුසිල් වනිගපුරයන නීතිඥවරුන් විසින්නඩුව ගොනුකරර තිබූ අතරඅයදුම්කරුවන් ලෙස ටාල විද්යාිලයේ දෙමාපියන් 14 දෙනෙකුහා වග උත්තරකරුවන්ලෙසඅධ්යාාපන අමාත්යං ශ ලේකම්, අධ්යාගපන අධ්යකක්ෂවරුදිසා අධ්යාුපනේකම්වරුන්මෙන්ම ජාතික පාසලේ විදුහල්පති දක්වානිලධාරීන්පිරිසක්ද නම්කළ තිබුණේය.
ගරුපී පද්මාන් සූරසේන, ඒ එල් ශිරාන් ගුණරත්න, ජනක ද සිල්වායන ත්රිාපුද්ගලශ්රේසෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා යටතේ මෙම නඩුව විභාග කෙරුණු අතරවිනිසුරුවරුන් තිදෙනාගේමකැමැත්ත මතමෙම නඩුව නිශ්ප්රේභ කිරීමට කටයුතු කළ බව නඩු වාර්තාවේ සඳහන්ය.
ඒඅනුව2024.10.21 ශ්රේ්ෂ්ඨාධිකරණයෙන්ලබාදුන් එමනඩු තීන්දුව අභියෝගයට ලක් කරමින්ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්රි්ක්පාර්ලිමේන්තු මන්ත්රීතවරුන් වනඅරවින්ද සෙනරත් හා තිස්සමහාරාමජාතික ජන බලවේග දේශපාලන සභිකයින්දෙබරවැවජාතික පාසලේ විදුහල්පතිට හා අධ්යාිපන බලධාරීන්ට බලපෑම් කරමින්යටාල විද්යාකලයේ පහවසර අසමත් වන සියලුම දරුවන් දෙබරවැව  ජාතික පාසලට බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවපවසා ශිෂ්ය්ත් කඩඉම සමත්දරුවන්ගේදෙමාපියන්දෙබරවාැවජාතික ජන බලවේග මහජන සම්බන්ධීකරණ කාර්යාලයටපැමිණිලි( 8 වනදා) කළේය.
එම අවස්ථාවේ කාර්යාලය රැඳීී  සිටිජාතික ජන බලවේගයේ හම්බන්ධතොටදිස්ත්රිවක්පාර්ලිමේන්තු මන්ත්රී  අතුල වෙළෙඳගොඩමැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්එච් එම්සුජිත්මහතාටපැමිණිල්ල සහිත එම ලිපියලබාදෙමින් සඳහන් කළේගරු ශ්රේපෂ්ඨාධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුව අභියෝගයකට ලක්කරඅධ්යාළපන බලධාරීන්ට බලපෑම් කිරීම අසාධාරණ බවය. ශිෂ්යටත්ව සමතුන්ගේ දෙමාපිය සංසදය විදිහට වසර ගණනක් තිස්සේඅදාළ පාර්ෂවයන් සමග සාකච්ඡා සිදුකළද  යටාල විද්යා ලයේදෙමාපියන් එම සාකච්ඡාවලින් ඉවත්ව ගියේ නඩු පවරන බව පවසමින්බව සඳහන් කළේය. මෙම ගැටලුව සම්බන්ධයෙන් හම්බන්තොට අධ්යාසපන අධ්යේක්ෂවරිය වෙත ගිය අවස්ථාවේ දේශපාලන මැදිහත්වීමක් මේ සඳහා අවශ්යස බව ඇය සඳහන් කළ ඇති බැවින්අදාල බලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කරන ලෙසපැමිණ සිටි දෙමාපියන් සඳහන් කළේය.
එහිදීලේකම්වරයා සඳහන් කළේයටාල ප්රාාථමික විද්යාපලයට එක වසරට දරුවන් ඇතුලත් කරන්නකරන ක්රසමවේදයේ සිටමෙය වෙනස් කළ යුතු බවය.දුරබැහැර ප්රලදේශවල ධන කුවේරයන්ගේ දරුවන් පවායටාල විද්යාළලයටඇතුළත් කරන බව නොරහසක් බව  සඳහන් කළ  ලේකම්වරයාඑසේ ඇතුළත් කරන්නේශිෂ්යලත්වය අසමත් උවත් ජාතික පාසලට ඇතුළත් කරගත හැකිනිසා බවද සඳහන් කළේය.මෙම ප්රතශ්නය නිරාකරණය කර ගැනීම සඳහාමේ මස එකොළොස්වන දිනහම්බන්තොට දිස්ත්රි‍ක් පාර්ලිමේන්තු මන්ත්රී් අතුල වෙළෙඳගොඩ මැතිතුමා සමග සාකච්ඡාවක් ලබා දීමටලේකම් සුජිත් මහතාපොරොන්දු වීමත් සමගදෙමාපියන් පිරිස එම ස්ථානයෙන් නික්ම ගියේය. පසුව එම කාර්යාල ඉදිරිපිටරැඳී සිටි පිරිස මාධ්යනයට අදහස් දක්වමින් කියා සිටියේශ්රේ ෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නඩු තීන්දු අභියෝගයට ලක් කරමින්අසාධාරණ ලෙස පහවසර ශිෂ්යේත්වය අසමත් වනන දරුවන්දෙබරවැව ජාතික පාසලටඇතුලත් කිරීම තුළින්ප්ර්දේශයේ ශිෂ්යදත්වය සමත් වූ දරුවන් දැඩි අසාධාරණයක් සිදුව ඇති බවත්පහේශිෂ්ය‍ත්වයසමතුන්දෙබරවැව  ජාතික පාසලට ඇතුළත් කර ගැනීමට  කටයුතු කරන ලෙස බලධාරීන්ගේ ඉල්ලනනසඳහන් කළේය.
මේ පිළිබඳව යටාල විද්යාතලය දෙමාපියන් කිහිපදෙනෙක්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේශ්රේටෂ්ඨාධිකරණයේ අදාළ නඩු පැවරීම සඳහාපංති මට්ටමෙන් රුපියල් ලක්ෂ 22ක පමණණ මුදලක්දෙමාපියන්ගෙන් එකතු කළ බව ය.
(09)
නේෂන්  ලංකා ෆයිනෑන්ස්  සහ සිංහ කැපිටල් ඉන්වෙස්මන්ට්  යන ආයතන ඒකාබද්ධව මීගමුවේ පිහිටවා තිබූ මුල්‍ය ආයතනයකින් පුද්ගලයන්ටවැඩිපොලියක් දෙන බවට පවසා  එසේ නොකර කෝටි ගණනක මුදල් වංචනික ලෙස  තැන්පත් කරගෙන සිටියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි
07 වෙනි දින විභාගයට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත  අබේසිංහ මහතා  එම ආයතනවල වග උත්තරකාරඅධ්‍යක්ෂකවරුන්ට එම තැන්පත් මුදල වාරික තුනකින් ගෙවා නිම කිරීමට නියම කළේය.
මෙම මුල්ල්‍ය ආයතනය මගින් එහි මුදල් තැන්පත් කරන්නන්ට සීයට විසි හතරක පොලියක් දෙන බව පවසා තිබුණි ,ඒ අනුව මීගමුවෙන්  පමණක්  17  දෙනෙකුද  සෙසු ප්‍රදේශ වලින් 19 දෙනෙකු ද වසයෙන් කෝටි 50 කට පමණ ආසන්න මුදලක් එහි තැන්පත් කර තිබූ බව කියයි.මාස කීපයක් නියමිත පොළිය ගෙවන ලද නමුත් පසුව එම පොලිය ගෙවීම මුල්‍ය ආයතනය මගින් පැහැර හැර ඇතැයි පැමිණිලිකරුවෝ ප්‍රකාශ කර ඇත,මෙම ආයතනයේ සේවය කරන  නියෝජිතවරියන් තිදෙනෙක් මෙම මුල්‍යායතනය උසස් ගෙවීම් කරන ස්ථානයක් බවට හඳුන්වා දෙමින් මිනිසුන් පොළඹවාගෙන ආයතනය ආරම්භ කර ඇතැයි කියයි,පසුව මෙම නියෝජිතවරියන් තිදෙනා මීගමුව පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමේදී එහි අධ්‍යක්ෂකවරු 13 දෙනෙකු සිටින බවත්
ආයතනය පාලනය කරන්නේ ඔවුන් විසින් බවත් ප්‍රකාශ කර ඇත,මීගමුව පොලිසිය විසින් එහි අධ්‍යක්ෂකවරුන් වගඋත්තරකරුවන් ලෙස නම්කර අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු  07 වෙනි දින වග උත්තර කරුවන්ට සහ ගනුදෙනුකාර පැමිණිලිකරුවන්ට කැඳවීමේ දිනයක් ලෙස නම් කරන ලදී.අගතියට පත් පාර්ශ්වයේ මීගමුවේ තැන්පත්කරුවන් 17  දෙනාට පළමුව මුදල් ගෙවීම ආරම්භ කරන බව වගඋත්තරකරුවන් අධිකරණයට ප්‍රකාශ කරන ලදී.
සහකාර පොලිස් අධිකාරී 1 R.M.G.D. රත්නායක,ප්‍ර.පො.ප. තල් වත්ත,විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති රංජිත් අබේසේකර, පොලිස් සැරයන් 35402 සුජිත් රන්දුණු,යන නිලධාරි කණ්ඩායම පැමිණිල්ල මෙහෙයවූූ අතර වග උත්තරකරුවන්වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ,ජ්‍යෙෂ්ඨ නීතිඥ දන්ත නිරංජන මහතා සමග නීතිඥ  කණ්ඩායමක් පෙනීටියහ,අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා සමග ප්‍රීමාල් අමරසිංහ,මහින්ද සුගතදාස,සාලින්ද කූරියන්,ප්‍රියන්ත රාජපක්ෂ, යන නීතිඥ කණ්ඩායම පෙනී සිටියහ.
අප්‍රේල් 21 වෙනි දින තැන්පත් මුදලින් සීයට විසිපහක්ද ,අප්‍රියයන් 28 වැනි දින සීයට පනහක් ද,ඉතිරි සීයට 25 මැයි 26 වෙනි දිනට ගෙවන ලෙසද මෙහිදී අධිකරණයෙන් නියම කරන ලදී.  අප්‍රියෙල් 30 නැවත නඩුව කැඳවීමට නියම කළේ ය.
(10)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අද (08) පෙරවරුවේ පැවති සභා රැස්වීමට කලින් සභාව ඉදිරිපිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.
ඉන්පසු ඔවුන් කළු පටි පැළැඳ එම පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සභාවට ඇතුළුවූහ.
ඒ වනවිට සභාපති සනත් සුමනසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සභාරැස්වීම පැවැත්වෙමින් තිබුණි.
විපක්ෂයේ මන්ත්‍රිවරු 12 දෙනෙකු මෙම විරෝධතාවයට එක්ව සිටි අතර තිදෙනෙකු ඊට සහභාගීව සිටියේ නැත.
(011)    
කෝටි ගණනක සාමාන්‍ය ජනතාවගේ මුදල් (කෝටි පනහකට වැඩි) වංචනික ලෙස  මුල්‍ය ආයතනයක  තැන්පත් කරගෙන නියමිත පොලි මුදල ගෙවීම පැහැර හැරීම කරන ලදයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මීගමුවේ පවත්වාගෙන යන ප්‍රධාන මුල්‍යායතනයක අධ්‍යක්ෂකවරයෙකු රුපියල් ලක්ෂ සීය බැගින් වූ ශරීරය අප දෙකක් මත  මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත  අබේසිංහ මහතා 07 වෙනි දින  නියෝග කළේය .
එක්ඇපකරුවකු තමාගේ ළඟම ඥාතියකු විය යුතු යැයි නියම කර තිබුණි.
මෙලෙස නියෝග ලැබූයේ සිංහ කපිටල් ඉන්වෙස්මන්ට්  ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් බවකියන කෝසල සුරංග විමලසිරි නමැත්තෙකි,
මීගමුව සාන්ත ජෝසප් වීදියේ නේෂන්  ලංකා ෆයිනෑන්ස් සහ සිංහ කපිටල් ඉන්වෙස්මන්ට්  යන ආයතනන එක්ව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යන ලදී,එහි අධ්‍යක්ෂකවරයකු වශයෙන් මේ තැනැත්තා ප්‍රධාන මෙහෙයක් කරන ලදැයි කියයි,සීයට විසි හතරක පොලියක් දෙන බව පැවසීම නිසා මීගමුව ඇතුළු සෙසු ප්‍රදේශවල ජනතාව මෙහි  කෝටි ගණනක  මුදල් තැන්පත් කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්වේ,සඳහන් කර තිබූ සියයට විසි හතරේ 24 පොලිය ගෙවීම පැහැර හැරෙන ලදයිද පැමිණිල්ලේ වැඩිදුරටත්  සඳහන්ය,
වගා උත්තරකාරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දන්ත නිරංජන මහතා තම සේවා දායකයා තැන්පත්  කරුවන්ට එකී තැන්පත් මුදල් ගෙවීමට එකඟ වී ඇති නිසාත් මොහුට මෙම ගනුදෙනුව සම්බන්ධව සෘජු අපරාධමය වගකීමක් නොපැවරෙන බැවින් අප මත මුදාහරණ ලෙස ඉල්ලා සිටියේය,තවද මගේ සේවා දායකයා මෙම ආයතනයේ අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කර ඇත්තේ මාස හයක පමණ කාලයක් වන බව ද වැඩි දුරටත් සඳහන් කරසිටියේය,අරුණි ද සිල්වා,චමිලා දිල්රුක්ෂි,සචිත් වෙල්ගම,අජිත් කරුණාතිලක යන නීතිඥයන් සමඟ  ජ්‍යෙෂ්ඨ නීතිඥ දන්ත නිරන්ජන මහතා වග  උත්තරකරුවෙනුවෙන් පෙනී සිටියේය,නැවත කැඳවීම  අප්‍රේල්  30ට නියම කරන ලදී.
(012)
මෙරට ජනගහනයෙන්  පුද්ගලයින් 2 281 දෙනෙකු  හිසට වහලක් නොමැතිව  එළිමහනේ  ජිවත්වන බැව්   ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති  ජන හා නිවාස  සංගණනය පිළිබද (2024) වාර්තාවේ සදහන් වේ.
මෙකි පුද්ගලයින් සාමාන්‍ය පදිංචි  ස්ථානයක් නොමැතිව  එළිමහනේ  ජිවත්වන බවද  මෙකි වාර්තාවේ සදහන් වේ. හිසට වහලක් නොමැතිව එළිමහනේ  ජිවත් වන පුද්ගලයින් අතුරින්  841ක් වු වැඩිම  පුද්ගලයින් සංඛ්‍යාවක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙනි. මින් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 536 දෙනෙකු එළිමහනේ ජිවත්වන අතර  ගම්පහ දිස්ත්‍රික්කයේ එළිමහනේ ජිවත්වන සංඛ්‍යාව 229කි.
හිසට වහලක් නොමැතිව එළිමහනේ ජිවත්වන අඩුම පුද්ගලයින් සංඛ්‍යාවක් වාර්තාවි ඇත්තේ  නැගෙනහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 73කි. එමෙන්ම උතුරු පළාතේ කිලිනොච්චි  දිස්ත්‍රික්කයෙන්  හිසට වහලක් නොමැති  පුද්ගලයින් කිසිවෙකු හෝ  වාර්තා වි නොමැති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න