සාක්ෂි නොමැතිව  නඩු පවරා වාරණ නියෝගයක් ලබා ගැනීමෙන් විත්තිකරුවන්ට සිදුවූ අගතියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන්නැයි කොළඹ ප්රනධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා පාමංකඩ ක්රීණඩා සමාගමකට නියෝග  කළේය.

පාමංකඩ “හයි ඔක්ටේන් පිට්නස් සෙන්ටර්” පුද්ගලික සමාගම (High Octane fitness centtre )විසින් සි.එම්.යු වීරවර්ධන හා පුද්ගලික බැංකුවක් විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

ව්යාකපාර කටයුත්තක් සම්බන්ධයෙන් විත්තිකාර වීරවර්ධන මහතාට රුපියල් මිලියන අසූවක මුදලක් ලබාදුන් බවත් එසේ ලබා දී තිබියදී අනීතික හා බියගන්වමින් වීරවර්ධන මහතා තම සමාගමෙන් රුපියල් මිලියන 125 දක්වා චෙක්පත් ලබාගෙන ඇති බව පවසමින් පැමිණිකාර සමාගම දිසා අධිකරණය හමුවේ එම නඩුව ගොනුකර තිබුණි.

එසේ ලබාගෙන තිබූ චෙක්පත්වලින් මුදල් ලබා ගැනීම හා එම චෙක්පත්වලට මුදල් නිකුත් නොකිරීමට අදාළ වාරණ නියෝගයක් විත්තිකාර වීරවර්ධන මහතාට හා පෞද්ගලික බැංකුවට නිකුත් කරන ලෙසට පැමිණිකාර සමාගම අධිකරණයෙන් ඉල්ලා ඇති බවටද කරුණු අනාවරණය කෙරුණි.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා චෙක්පත් බැංකුවට ලබාදී මුදල් ගැනීම හෝ එම චෙක්පත් වලට මුදල් නිකුත් කිරීම වළක්වමින් විත්තිකරුට හා බැංකුවට වාරණ නියෝගයක්ද නිකුත් කර තිබුණි.

පැමිණිලිකාර සමාගමේ අධ්යරක්ෂකවරුන් වන දරීන් වීරසිංහගෙන් විත්තිකරු එම මුදල් ලබාගෙන ඇත්තේ වාහන ගනුදෙනු ව්යාිපාර කටයුත්තක් සඳහා බවටද විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබුණි.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්රධධාන දිසා විනිසුරුවරයා විත්තිකරු විසින් අනීතිකව හෝ බලෙන් චෙක්පත් ලබාගත් බවට පිළිගත හැකි සාක්ෂියක් පැමිණිල්ල මගින් ඉදිරිපත් කර නොමැති බවත් අඩුම තරමේ පොලිසියකට හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවත් පෙන්වා දෙමින් අතුරු තහනම් නියෝග නිකුත් කිරීම ප්රදතික්ෂේප කළේය .

විත්තිකරු විසින් වාහන ව්යාුපාරයක් සඳහා මුදල් ගනුදෙනු  කළ බවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම වන්දි ගෙවන ලෙසට නියෝග කරමින් අතුරු තහනම් නියෝග ඉල්ලීම එසේ ප්රවතික්ෂේප කළේය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න