ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලද විශ්වසනීය තොරතුරකුට අනුව, 2025 අප්‍රේල් මස 05 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැක කෙරෙන මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හත් දෙනෙකු (07) ගැඹූරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එම බහු දින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහය සහිතව සිදුකල වැඩිදුර පරීක්‍ෂාවේදී, එම යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා රට තුලට රැගෙන ඒමට උත්සහ කල හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 191 ග්‍රෑම් 752 ක පමණ තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 671 ග්‍රෑම් 452 ක පමණ තොගයක් සොයා ගැනීමෙන් අනතුරුව, එම මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කෙරිණි.
නාවික හමුදාධිපති විසින් එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම 2025 අප්‍රේල් මස 05 වැනි දින උදෑසන දික්ඕවිට වරායේදී සිදු කෙරුණු අතර, එම මෙහෙයුම සාර්ථකව සිදුකිරීම සඳහා දායක වූ සියළුම නාවික හමුදා පුද්ගලයන් ඇගයීමද එහිදී නාවික හමුදාධිපති විසින් සිදුකෙරිණි.
ගෞරවනීය ජීවිතයක් – සුරක්‍ෂිත රටක් යන රජයේ දැක්ම යතාර්ථයක් කර ගැනීම වෙනුවෙන් මුහුදු මාර්ගයෙන් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධී කටයුතු මැඩපවත්වා ජාතික ආරක්‍ෂාව සහ සමාජ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව, දේශීය හා විදේශීය බුද්ධි සේවාවන් සහ සමුද්‍රිය පාර්ශවකරුවන් මෙන්ම, මෙරට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයන් හා සහයෝගීත්වයෙන්, නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.