අරලගංවිල පොලිස් බල ප්‍රදේශය තුළ මාසයක් තුළ සිදුකරන ලද මුර සංචාරවලදී රථ වාහන වැරදිවලට අදාළව 608 දෙනෙකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි.
එම වැරදිකරුවන් පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියම කරන ලද දඩවලට අනුව රුපියල් 13,79,200 ක මුදලක් දඩ වශයෙන් අයකරගෙන ඇති බවද පොලිසිය කියයි.
මීට අමතරව වැටලීම් අංශයෙන් රුපියල් 4,1900 ක මුදලක් අය කරගෙන නැති බවද පොලීසිය කියයි.
මාර්තු 01 වෙනිදා සිට මාර්තු 31වෙනි දක්වා අරලගංවිල පොලිස් බල ප්‍රදේශයේ ආවරණ වන පරිදි සිදුකරන මුර සංචාරවලදී විවිධ අපරාධවලට හා වැරදි වලට අවශ්‍ය සැකකරුවන් සහ වරෙන්තු කරුවන් 53 නෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, නීති විරෝධී මත්පැන්, ගෝඩා, අයිස්, වැනි දුෂණ නඩුවලට සම්බන්ධයෙන් නඩු 47 හා බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් බීමත් රියදුරන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.