රිලා සංගණනයේ දත්ත ප්‍රමාදයට  හේතුව කෘෂිකර්ම අමාත්‍යංශයේ කමිටු සමාජිකයන් සොයා ගෙන තිබේ.

මෑතක දී පවත්වන ලද සත්ව සංගණනයේ දත්ත විශ්ලේෂණය කිරීමේ වගකීම පැවරී තිබූ සමහර කමිටු සාමාජිකයින් හා සමහර නිවෙස් හිමියන්  විකෘති දත්ත ලැබීම සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇති වී ඇති බව කෘෂිකර්ම  අමාත්‍යංශයේ තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත අමරසිංහ මහතා පැවසී ය.

ඒ අනුව අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම ප්‍රමා ද වන බව ද ඒ මහතා කීය.

කමිටුව මාර්තු 28 වන දින කෘෂිකර්ම අමාත්‍යාංශයට කෙටුම්පත් වාර්තාවක් භාර දීමට නියමිතව තිබුණ ද ප්‍රමාණවත් දත්ත ලැබී නො තිබූ බැවින් වාර්තාව ඉදිරිපත් කිරීමට නො හැකි වූයේ ලබා දුන් සමහර දත්වල අවුල් සහඟත තත්ත්වයක් දැකිය හැකි වූ නිසා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

අදාළ සංගනන දනයේ දී  සමර ස්ථානවලට මේ සංගනනය කරන්නට නියමිත සතුන් ගැවසීම දකිය නො හැකි වී ඇති අතර ඒ නිසා අනුමාන වශයෙන් සමහර නිලධාරින්  සත්ව සංගනනයට අනුමාන දත්ත එක් කර ඇති බව ද ඔහු කීය.

ඒ අනුව වෙනදා මෙම ස්ථානයේ රිලව් මෙතරම් පිරිසක් සි ඇති බවත් කියමින්  ඒ අනුව සමහර නිලධාරින් ඒ අනුව දත්ත ගොනු කර තිබෛන බව ද ඒ මහතා කිය.

ඒ නිසා එවැනි ස්ථාන රැසක මේ තොරතුරු සත්‍ය ද යන්න සොයා බලන්නට නිරික්ෂණ සංගණනයක් අප සිදු කරන බවත් එය ඇත්තටම නැවත සංගණනයක් නොවන බව ද ඔහු කීය.

මේ අනුව කමිටුව ලබා දුන් තොරතුරු සියයට සියයක්ම නිවැරදි ද යන්න තහවුරු කර ගන්නට මේ අනුව තිරණය කර තිබෙන අතර පත්‍යාපන සංගණනය ලෙස මෙය විද්‍යාමකව සිදු කරන ලොව පිළිගත් ක්‍රමවේදයක් බව ද ඔහු කීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න