පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සඳහා වන වැටුප් සංශෝධනය අනුව එහි  සියලු කාර්ය මණ්ඩල  දීමනා සියයට 70 සිට සියයට 39  දක්වා අඩුකිරීම  සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු සේවකයින්ගේ  දැඩි විරෝධය පළවී  තිබේ.

පාර්ලිමේන්තු  කාර්යමණ්ඩල සඳහා වැටුප් විෂමතාව සකස් කරන තෙක් ලබාදෙන සියයට 30 ක අන්තර් දීමනාව සහ පාර්ලිමේන්තු රැස්වීම් දිනවල අතිකාල වෙනුවට ගෙවන  සියයට40 ක රැස්වීම් දීමනාව  නොකඩවා ගෙවූ බව ඔව්හු සඳහන් කරති.

මෙම දීමනා  මාර්තු 25  දාතමින් භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සනින් නිකුත්කර ඇති චක්රදලේඛයකින් දීමනා කප්පාදු  කර තිබීමේ හේතුවෙන් නොසන්සුන්තවයට පත්ව සිටින පාර්ලිමේන්තු සේවකයින් ඉදිරි දිනවල දැඩි වෘත්තිය සමිති ක්රිොයාමාර්ගයක් ගැනීමට සූදානම් වන බවද  එම ආරංචි මාර්ගයන් තුළින් දැනගන්නට තිබේ.

දීමනා අඩු කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් පාර්ලිමේන්තු ප්රයධානීන්ට සැලකර ඇතත් ,මෙතෙක් ඒ පිළිබඳව ලිඛිත දැනුම්දීමක් කර නැත.

පාර්ලිමේන්තු  සේවකයින්ට අතිකාල දීමනා හිමිනොවන බැවින්  හා  වැටුප් විෂමතා හේතුවෙන්    පාර්ලිමේන්තු සේවකයන්ට මෙම දීමනා කාලයක් තිස්සේ   ලබා දෙන බව සඳහන් කරයි.

වැටුප් විෂමතා සකස් කරන තෙක් එම  දීමනාව ඉවත්කළ නොහැකි බවත් මෙම දීමනා කප්පාදුවට එරෙහිව ඉදිරියේදි පාර්ලිමේන්තු සේවකයින් අකුරට වැඩ කිරීමේ ක්රිායාමාර්ගයක් ගැනීමේ සූදානමක් ඇතැයි දැනගන්නටඇත.

පාර්ලිමේන්තු සේවකයන් නොගන්නා නිවාඩු වෙනුවෙන්  වර්ෂ අවසානයේ ලබාදෙන නිවාඩු හිලව් දීමනාවද මේ වසරේ සිට කපා දමා ඇති අතර ඒ සමඟ මෙම දීමනාද  මෙසේ අඩු කිරීමෙන් සේවකයෝ  බරපතළ  අසහනයකට  පත්ව සිටිති.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සඳහා ක්රිටයාත්මක  වැටුප්  පරිමාන වෙනුවට මෙම චක්රලලේඛයෙහි  උපලේඛන  1හි සඳහන්  නව  වැටුප් පරිමාන 2025.01.01 දින සිට බලාත්මක කිරීම හා 2025.04.01  සිට උප ලේඛන  11  හි සඳහන් පරිදි එම වැටුපරිමාණ අනුව වැටුප් ගෙවීමට රජය තීරණය කර ඇති බව සඳහන් වේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න