මෙරට  මත්පැන් නිෂ්පාදනය මෙම වර්ෂයේ  (2025) මුල් භාගයේ දි   ඉකුත් වසර දෙකට සාපේක්ෂව (2023,2024)  සියයට 22කින්  ඉහළගොස් ඇති බැව් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති රජයේ මුදල් පිළිබද කාරක සභා වාර්තාවේ සදහන් වේ.

 ඉකුත්  වසර දෙක තුල දක්නට නොලැබුණු  ප්‍රවනතාවයක් පෙන්නුම් කරමින්  මැත්පැන් නිෂ්පාදනය වැඩි වි ඇති බවද  මෙම වාර්තාවේ සදහන් වේ.  සුරාබදු හේතුවෙන්  රජයේ ආදායම ද  සියයට 23කින් වැඩිවි තිබේ. කෙසේවුවද 2022 වර්ෂයේ දි  ලිටර් මිලියන  26ක් වු මෙරට සැර මත්පැන් පරිභෝජනය 2024 වර්ෂයේ දි ලිටර් මිලියන 19.31 දක්වා  අඩුවි ඇත.මත්පැන් මිල වැඩිවිම සහ ආර්ථික අර්බුදය මේ සදහා හේතුවි තිබුණි. සුරාබදු මුදල වැඩි කිරිමත් සමග  නිති විරෝධි මත්පැන් පරිභෝජනය තවත් ඉහළ යාහැකි බවද කාරක සභා වාර්තාවේ සදහන් වේ. සැම වසරකම  නිති විරෝධි ලෙස ස්ප්‍රිතු ලිටර්  මිලියන 30-35ක් අතර සංඛ්‍යාවක් පාරිභෝජනය කෙරේ.

 මේ සදහා  ආරක්ෂාව සහ  ගුණාත්මක ප්‍රමිතින් සහතික කරමින්  සියයට 85ක  මධ්‍යසාර  අන්තර්ගතයක් සහිතව  නව මධ්‍යසාර පාන වර්ගයක්  හදුන්වා දිමට  යෝජනාවක් ද ඉදිරිපත් ව ඇත. සුරාබදු ආදායම පවත්වා ගැනිමට සහ  පාරිභෝගික ඉල්ලුම සපුරාලිමට  මෙරට වැඩිපුරම පාරිභෝජනය කරණු ලබන  මිලිලිටර් 180 පරිමාවෙන් යුත් කාලයේ බෝතල්   සියයට 25ක මධ්‍යසාර අන්තර්ගතයක් සහිතව  නිෂ්පාදනය කිරිම ද මෙම සැලසුමට ඇතුලත්ව තිබේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න