2026 වසරේ දී මෙරට පොල් හිගයක් ඇතිවිය හැකි බැව් පොල් පර්යේෂණ ආයතනය පවසයි. පොල්ගෙඩි මිලියන 100ක පමණ හිගයක් ඇතිවිය හැකි බවට පොල් පර්යේෂණ ආයතනය විසින් ඇස්තමේන්තු කොට ඇත.
වාර්ෂිකව පොල්ගෙඩි මිලියන 3000ක් පමණ අවශ්‍ය වන අතර පොල් හිඟයට පිළියමක් ලෙස පොල් ගෙඩි මිලියන 200කට සමාන පොල් කිරි, පිටිකළ පොල් සහ සීත කළ පොල් මද ප්‍රති අපනයනය සඳහා කාණ්ඩ තුනක් යටතේ ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තින්දුකොට ඇත.මෙරට පොල් නිෂ්පාදනය මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දි පොල්ගෙඩි මිලියන 167.8 දක්වා සියයට 32.3කින් සැලකිය යුතු අයුරින් පහළගොස් ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
ඉකුත් වර්ෂයේ (2024) ජනවාරි මාසයේ මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 248කි. එයට සාපේක්ෂව මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දි මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 80.2කින් අඩුවි ඇත.
මහබැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති දත්ත වලට අනුව 2023 වර්ෂයේ මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 3,168.1කි. 2024 වර්ෂයේ පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 2790.1 දක්වා සියයට 11.9කින් අඩුවි ඇත.සිල්ලර මිල ගණන්වලට අනුව පසුගිය වර්ෂයේ දි ( 2024) පොල් ගෙඩියක් රුපියල් 120කට අලෙවි වු අතර මේ වනවිට පොල්ගෙඩියක මිල රුපියල් 220 දක්වා වැඩිවි ඇත.