නව රජයක් පත්ව රටට යහපත් ඉතා හොඳ ගමනක් යෑමට ප්‍රවේශයක් ගෙනඇති වෙලාවේ රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ජාත්‍යාන්ත්‍ර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකවන්නේදැයි යන සැකය මේ වන විට ඉස්මතුව පවතින බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍යලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
තිස් වසරක ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමේ මානුෂිකමෙහෙයුමට දායක වූ හමුදාපතිවරුන් හට එරෙහිව බ්‍රිතාන්‍යය ඒක පාර්ශිකව සම්බාධක පැනවීමතරයේ හෙලා දකින බව පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
අස්ගිරි මහා විහාරයේදී ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකළ නාහිමියෝ කියා සිටියේ එසේ නම් වසර 200 -300 පමණ ඉහතදී බ්‍රිතාන්‍ය ජාතිකයෝ ශ්‍රීලංකාව ආක්‍රමණය කොට ලංකාවේ ජනතාව තලා පෙලා ඝාතනය කොට සිදු කළ මානව හිමිකම් සම්බන්ධයෙන්දපරීක්ෂණ පැවැත්විය යුතු බවය.
තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ නාහිමියෝ මෙසේද කීහ.තිස් වසරක් පුරා මේ රටේ පැවැති කුරිරු ත්‍රස්තවාදය නිමාවට පත් කරමින් සිදුකළ මානුෂිකමෙහෙයුමේදී ඊට නායකත්වය දුන් මේ රටේ විරෝධාර සෙන්පතියන් කීප දෙනෙක් ඉලක්ක කොට මහා බ්රිතාන්යයවිසින් ඔවුන් වෙත සම්බාධක පණවමින් ඔවුන් යුද අපරාධ කළේ යැයි චෝදනාවට ලක් කරලා තියෙනවා.මෙය ඒක පාක්ෂිකව ගත් තීරණයක් සහ ඉතා අසාධාරණ ලෙස කිසියම් කණ්ඩායමක් පමණක් ඉලක්ක කොටගත්තීරණයක් බව අපි කාටත් ඉතාම පැහැදිලියි. එනිසා අපි මේ තීරණය ඉතාම තරයේ ප්‍රතික්ෂේප කරනවාවිශේෂයෙන්ම යුද සමයේ සිදුකළ මානුෂිය මෙහෙයුම හේතුවෙන් අද උතුරු නැගෙනහිර ජනතාව පවාකිසියම් සහනයක් මේ තුළින් අත්විඳිනවා. ත්‍රස්තවාදී උවදුරෙන් නිදහස් වීම සම්බන්ධව. එවැනිපසුබිමක් තුළ මහ බ්‍රතාන්‍ය වැනි රටක් මේ විදියේ ඒක පාක්ෂික තීරණයක් ගැනීම ඒ වගේම දෙපාර්ශවයපිළිබඳ සාධාරණ විමර්ශනයක් නොකොට ගත් මේ තීරණයට කිසිසේත් අපට ශ්‍රී ලාංකිකයන් හැටියටඑකඟ වෙන්න පුළුවන්කමක් නෑ.
ඒ නිසා රජයක් හැටියටත් මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ රජය මේ සම්බන්ධවඉතා වගකීමෙන් මැදිහත් යුතුයි විය යුතුයි කියන එකයි අපේ අදහස. ඒ වගේමමහ බ්රතාන්ය මීට වසර දෙතුන් සියයකට පෙර ලංකාව ඇතුළුමේ පෙරදිග රටවල් ආක්‍රමණය කරලා විශේෂයෙන් අපේ රටේ වටිනා සම්පත් ඒ රටට අරන් ගියා වගේමවිවිධ තාඩන පීඩන තුළින් මේ රටේ ජනතාව අප්‍රමාණ වධ හිංසාවට පත් කළා. එසේ නම් ඒවත් විමර්ශනයටලක් කළ යුතුයි. ඒ වගේම මේ රටේ පමණක් නෙමෙයි අද ලෝකේ ඇතැම් රටවල්වල සිදුවෙන ඒ බරපතලයුධ තත්ත්වයන් තුල පවා මහබ්‍රතාන්‍ය නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් අපේ රට පමණක් ඉලක්කකරලා අපේ රටේ විරෝධාර සෙන්පතියන් කීප දෙනෙක් ඉලක්කකොටසම්බාධක සඳහා එළඹීම මං හිතන්නේ කිසිසේත් සාධාරණමිනිස්සුන්ට අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මේ වෙලාවේ ලාංකිකයන් හැටියටඅපි ඒ තරයේ ප්‍රතික්ෂේප කරන අතරරජයක් හැටියටමේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන්න කියලා මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි.