කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයේ ගලිගමුව පුස්තකාලය ආසන්නයේ දී යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන නිවසක බිත්ති කැබැල්ලක ගැටී බන්ධනාගාර ජේලර්වරයෙකු 26 වැනිදා රාත්‍රි මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.

මෙලෙස මිය ගොස් ඇත්තේ වරකාපොළ අඹේපුස්ස පුනරුත්ථාපන කදවුරේ බන්ධනාගාර ජේලර්වරයෙකු ලෙස සේවය කරමින් සිටි හම්බන්තොට, හුංගම ,බට අත ලිපිනයේ පදිංචිව සිටි 43 හැවිරිදි දංදෙනිය ආරච්චිගේ ප්‍රදීප් දිලන්ත නැමැති දෙදරු පියෙකි.

මිය ගොස් ඇති බන්ධනාගාර ජේලර්වරයා 2008 වර්ෂයේ බන්ධනාගාර නියාමකවරයෙකු ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැදී දිවයිනේ බන්ධනාගාර ගණනාවක සේවය කර මීට මාස 7 ට පමණ ඉහතදී ගාල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට වරකාපොළ අඹේපුස්ස පුනරුත්ථාපන කදවුරට සේවයට පැමිණ ඇති බවත් පොලිසිය පැවසීය.

26 වැනිදා දහවල් 12.30 ට රාජකාරී නිමා කොට 1 ට පමණ කෑගල්ල නගරයේ බැංකුවකට යන බව පවසා තවත් ජේලර්වරයෙකු සමග කෑගල්ල නගරයට පැමිණ බැංකු රාජකාරී නිමවා හිතවත් ජේලර්වරයා කොටියාකුඹුර මත්තමගොඩ ප්‍රදේශයේ නිවසට ඇරලවා දැමීමට ඔහුට අයත් යතුරු පැදියෙන් ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. පසුව හිතවතා ඇරලවා ආපසු අඹේපුස්ස පුනරුත්ථාපන කදවුර වෙත ගමන් කරමින් සිටිය දී ගලිගමුව නගරයට ආසන්නයේ දී යතුරු පැදිය පාරෙන් ඉවතට පැන බිත්තියක ගැටී ජේලර්වරයා තුවාල ලබා 1990 ගිලන් රථයෙන් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණි. ඒ වන විටත් ජේලර්වරයා මිය ගොස් තිබුණු බව පොලිසිය පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න