යාපනය යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වැල්වැටිතුරය පොලිසීය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී වැල්වැටිතුරය තික්කම් වෙරළ තීරයේ දී නීති විරෝධී ලෙස මෙරටට ප්‍රවාහනය කල කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම  ගංජා පාර්සල්  33 ක ඔතා තිබු අතර එහි වටිනාකම රුපියල් මිලියන 13.5 ක් පමණ වන බව වාර්තාවේ..

27 දින අළුයම් කාලයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර .තිබේ.පොලිසිය සමග හමුදා බුද්ධි අංශ එම ස්ථානයට  පැමිණෙන විට සැකකරුවන් කිසිවෙකුත් නොසිටි බව පොලිසිය සදහන් කරයි.

මෙම ගංජා තොගය පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට වැල්ලවැටි තුරේයි පොලිසිය  කටයුතු කරමින් සිටි.

කන්කසන්තුරේ  කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පී.එම්.ආර්.අඹේපිටිය මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි 2 ජයතිලක මහතාගේ මෙහයවීමෙන් වැල්ලවැටිතුරේයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද පත්මසිරි මහතා ඇතුලු නිළධාරින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න