ඇස් පෙනෙන නමුත් කන් නොඇසෙන සමනල පැටියාට ඔබේ සහයෝගය අවශ්‍යව තිබේ. නෙත් සවන් සරණකට සහයෝගය ලබා දිය හැකි නම් සුන්දරය. එය ළමා සමනල පැටවකුගේ ජීවිතය සුන්දර කරන්නට තරම් උතුම් මෙහෙවරකි.
අපේ කතාන්දරයේ මේ සමනල පැංචාට ලෝකය දකින්නට හැකි නමුත් අප පැංචාට ලෝකය අසන්නට නොහැකිය. ඒ නිසි පරිදි අනෙකුත් සමනල පැටවුන්ට මෙන් කන් ඇසෙන ප්‍රවනතාවය අඩු නිසාය. ඒ නිසා මේ සමලන පැංචාට රට ලොව දකින්නට ඇස් ඇති කන් ඇති දීමට කැමැති ධීමතුනේ ඔබේ සහයෝගය මේ සමනල පැංචාට ලබා දෙන ලෙස අපේ කතාන්දරයේ සමනල පැංචා ඔබගෙන් ඉල්ලා සිටියේ ය.
මේ ඒ අහිංසක සමනල පැංචාගේ ආදරණිය අන්දරයි. කතාන්දරයි.
අපේ කතාන්දරයේ නායකා අහිංසක සමනල පැංචෙකි. ඒ සමනල පැංචාගේ නම එම් කේ. යසිරු බණ්ඩාර නම් විය. දැනට වයස අවුරුදු 13 කි. අපේ පැංචාගේ ගම පල්ලේබැද්ද වේ. අංක 242/3, තිත්තවැල්ල පාර, කොස්වැටිය, පල්ලේබැද්ද, රත්නපුරය යන ලිපිනයේ ය.
යසිරු බණ්ඩාරගේ මව ගෘහණියකි. ඇය නමින් කේ.එල්.එච් දයාවතී ය (53) නම් වූවාය. ඇය තම දරුවා රැක ගන්නේ හේන්ගොවි තැනෙනි.
මගේ පුතාට මම ආදරයට කියන්නේ සුදු මහත්තයා කියලා. පුතා ඉපදෙන විටම ශ්‍රවණාබාධ තිබුනා. පසුව 2015 දී කර්ණශංඛ බද්ධ සැත්කම සිදු කළා. ඒ පේරාදේණිය සිරිමාවෝ බණ්ඩාරනායයක විශේෂ ළමා රෝහලේ දීයි. එය සිදු කළේ වෛද්‍ය සිසිර බණ්ඩාර ඇතුල්ගම මහතායි. ඒ අනුව පුතාට ශ්‍රවණ හැකියාව මෙන්ම කථන හැකියාව ද ලැබුනා. සැත්කම සිදුකර පුතාගේ දකුණු කනට රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා ශ්‍රවණ උපකරණයක් සවි කළා.
ඉතිං දැන් සැත්කම් කරලා වසර 10 ක් පමණ වෙනවා. නමුත් දැන් ඒ උපකරණය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නෑ. ඒ නිසා දරුවාගේ වයසට අනුව වැඩි දියුණු කළ නව පන්නයේ ශ්‍රවණාධාර උපකරයක අවශ්‍යාතවය තියනවා.
ඒ සඳහා නව ශ්‍රවනාධාර උපකරණයක් සවි කරන්නට රුපියල් ලක්ෂ 25ක් පමණ වැයවන බව ශ්‍රවණාධාර සපයන ආයතනය පවසා සිටිනවා. මේ නිස මගේ සුදු පුතාට ශ්‍රවණාධාර උපකරණයක් ලබා ගන්නට සයෝගය දෙන්න කියා මම ඉල්ල සිටින බව ද ඇය කීවාය.
අපේ කතාන්දරයේ සමනල පැංචාට නැති නම් යසිරුට සහයෝගයක් දිය හැකි පිරිසක් පුද්ගලයෙක් කණ්ඩායමක් ආයතනයක් හෝ වෙනත් පිරිසක් සිටිනවා නම් ඒ සඳහා සහයෝගය දිය හැකිය.
යසිරුගේ ආබාධය සම්බන්ධයෙන් රෝහල් බලධාරින්, පල්ලේබැද්ද ග්‍රාම නිලධාරිවරයා මෙන්ම ඇඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් තුමා ද සහතික කර තිබේ.
අපේ කතාන්දරයේ යසිරු සමනල පැංචාට හරි අපුරු හැකියාවක් තිබේ. ඒ ඕනෑම තාක්ෂණික උපකරණයක් කැඩුණු විට යළි එය සකස් කරන්නට ඇති හැකියාවයි. වඩු වැඩ වලට දක්ෂතවක් ඇති මේ හපනා පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්ද සමත් වන්නට තරම් දක්ෂතාවයක් ලබා තිබේ.
එසේ නම් ඇස් ඇති කන් ඇසෙන අපට මේ සමනල පැංචාට උපකාර කළ හැකි නම් අගනේය.
වත්මත් ආණ්ඩුවේ ලංකාවේ ප්‍රථම වතාවට මේ වැනි පිරිස් නියෝජනය කරන්නා වූ මන්ත්‍රිවරයෙක්ද සිටින නිසා රජයේ සහයෝගය ද ලබා දෙන්නට තරම් ආණ්ඩුවේ ඇස් කන් විවිර වන්නේ නම් අගනේ ය.
අප රටේ ධීමට කැමැති දීමතුන්ට මේ සඳහා සහයෝගයක් දිය හැකිය. ඒ සඳහා යසිරු පුතාගේ මවවන කේ.එල්. එච් දවාවතී මහත්මියගේ, ගොඩකවෙල මහජන බැංකු ශාඛාවේ ගිණුම් අංක 245 2001 200 49307 දරණ ගිණුමට යම් මුදලක් ගිණුම් ගත කළ හැකිය.
දුරකථන අංක 071 3654625 ට කතා කර වැඩි විස්තර ලබා ගත හැකියාව ද තිබේ.
එසේ නම් යසිරුගේ ජීවිතය සරු කරන්නට ඔබටත් යම් සහයෝගයක් ලබා දිය හැකි නම් වටනේය.
