මාතලේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ දෙකකින් පාචනය රෝගින් වාර් තාවන බවත් (25)දා උදැසන වන විට රෝගින් 150කට ආසන්න පිරිසක් වාර්තා වි ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදු බණ්ඩාර මහතා පැවසිය.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ මාතලේ සහ උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ දෙකෙන් රෝගින් වැඩි වශයෙන් වාර්තා වන බවත් තැන්න, කන්දේනුවර ආදි ප්‍රදේශවලින් මෙම රෝගින් වාර්තා බව බවත් රෝගය වැළදුනු පිරිස් බාහිර ප්‍රතිකාර ආයතනවලින් සහ මාතලේ මහ රෝහලේ බාහිර රෝගින් අංශයේ ප්‍රතිකාර ලබාගෙන ඇති බවද හෙතෙම පැවසිය.
මේ වන විට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුලු කණ්ඩායමක් විසින් රෝගාය පැතිර යාම වැලැක්විම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ වන විට අදාළ සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ අනුරාධපුර පර්යේෂණ ආයතන වෙත යවා ඇති බවත් ඉදිරි වාර්තා අනුව දැනුවත් කිරිම් සිදු කන බවද හෙතෙම පැවසිය.
වැඩිදුරටත් කියා සිටියේ ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය සමග සකාච්ඡා කරන බවත් ජලය නිසා මෙම රෝගි තත්වය පැතිර යාමක්ද යන්න පිළිබදව විමර්ශනය කරන බවත් ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය මගින්ද ජල සාම්පල පරික්ෂා කිරිම් සිදු කරන බවද බණ්ඩාර මහතා පැවසිය.
මේ වන විට මහජනතාව දැනුවත් කිරිම් කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් අඛණ්ඩව සිදු කරන බවත් මේ වන විටත් රෝගින් පිළිබදව සමික්ෂණ කටයුතු සිදු කරන බවත් පානිය ජලය සම්බන්ධයෙන් දැඩි සැලකිලිමත් වන ලෙසත් උණුකර නිවාගත් ජලය පමණක් අදාළ පානය සදහා යොදා ගන්නා ලෙසත් ජාතික ජල සම්පාදන මණ්ඩලයේ මගින් ජලය සපයන ප්‍රදේශ සදහා ක්ලෝනිකරණය වැඩි කිරිම සදහා අදාළ අංශ සමග සාකච්ඡා සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසිය.