මෙරට පොල් නිෂ්පාදනය මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දි පොල්ගෙඩි මිලියන 167.8 දක්වා සියයට 32.3කින් සැලකිය යුතු අයුරින් පහළගොස් ඇති බැව් ශ්‍රි ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
ඉකුත් වර්ෂයේ (2024) ජනවාරි මාසයේ මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 248කි. එයට සාපේක්ෂව මෙම වර්ෂයේ ජනවාරි මාසයේ දි මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 80.2කින් අඩුවි ඇත.
මහබැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති දත්ත වලට අනුව 2023 වර්ෂයේ මෙරට පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 3,168.1කි. 2024 වර්ෂයේ පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 2790.1 දක්වා සියයට 11.9කින් අඩුවි ඇත.සිල්ලර මිල ගණන්වලට අනුව පසුගිය වර්ෂයේ දි ( 2024) පොල් ගෙඩියක් රුපියල් 120කට අලෙවි වු අතර මේ වනවිට පොල්ගෙඩියක මිල රුපියල් 220 දක්වා වැඩිවි ඇත.
(06) බිබිල තැපෑලට හොරු පැන මුදල් අරන් තැපැලෙන් ම ගිහින් ලු !
බිබිල තැපැල් කාර්යාලයේ තිබූ රුපියල් හාරලක්ෂ පනස්දහසක් කිසියම් අයෙකු සොරාගෙන ගොස් ඇති බවට (24) වෙනිදා තැපැල් ස්ථානාධිපතිවරයා විසින් බිබිල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
වැඩිහිටි දීමනාවන් ගෙවීම සඳහා නියමිත මුදල් උප තැපැල් කාර්යාල සඳහා යැවීමට පාර්සල් කොට තැපැල් කන්තෝරුවේ කවුන්ටරයේ ලාච්චුවේ දමා තිබියදී කිසියම් අයෙකු මුදල් රැගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.
තැපැල් කන්තෝරුවේම අයෙකු විසින් මෙම මුදල සොරකම් කරන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.
මේ පිළිබඳව බිබිලතැපැල් කාර්යාලයෙන් කළ විමසුමකදී එහි නිලධාරියෙකු පැවසුවේ සිද්ධිය පිළිබඳව කිසිවක් ප්‍රකාශකළ නොහැකි බවයි.
මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී කමල් ගුණවර්ධන මහතාගේ උපදෙස් පිට බිබිල පොලීසිය පරීක්ෂණ පවත්වයි.