සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසි ජනතාවට සිදුවන අපහසුතා අවම කෙරේ.

අද සවස ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා,
කඩිනමින් ඉදි වන
පොතුහැර – රඹුක්කන අධිවේගී මාර්ගය නිරීක්ෂණය කරන්නට සහභාගී වූහ.

මෙහි දී පොතුහැර රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වෙන බව අමාත්‍යවරයා පැවසූ අතර මේ සංවර්ධන ව්‍යාපෘතිය මගින් ප්‍රදේශවාසි ජනතාවට සිදුවන අපහසුතා අවම කිරීමට කටයුතු කරන ලෙස ඉදිකිරීම් සමාගම් වලට සහ මාර්ග සංවරධන අධිකාරියට(RDA )ට උපදෙස් ලබාදුනි.
එමෙන් ම ඉදිකිරීම් සමාගම්වල සේවකයින්ගේ සුභසාධනයට කටයුතු කරන ලෙස ද උදෙස් දුන් බිමල් රත්නායන ආමාත්‍යවරයා මෙවර ජා.ජ.බ. මංගල අයවැය සම්මත විමත් සමඟ සියලුම සංවර්ධන කටයුතු නඩිනම් කෙරෙමින් යන බව පැවසී ය.
මේ අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ නලධාරීහු ද ව්‍යාපෘති ඉංජිනේරුවරු ද සහභාගී වූහ.

-මාධ්‍ය අංශය
ප්‍රවාහන , මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න