ශ‍්‍රී ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි ආරක්‍ෂිත බවත් බාල කර නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් සඳහන් කළේය.

1980 අංක 26 දරණ ආහාර පනත යටතේ ආනයනය කරනු ලබන ආහාර සම්බන්ධයෙන් බලධරයා වශයෙන් කටයුතු කරනු ලබන්නේ රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

එසේ ආනයනය කරනු ලබන ආහාර වල තත්ත්වය ගුණය හා ආරක්‍ෂාව සම්බන්ධයෙන් පරීක්‍ෂා කර නිර්දේශ ලබා දීමේදී ජාත්‍යන්තර ප‍්‍රමිති (කෝඩෙක්ස්) හා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති වලට අදාලද යන්න තහවුරු කිරීම සඳහා තවත් පාර්ශව කිහිපයක් කටයුතු කරනු ලබයි.

ඒ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආනයන ආහාර පාලන ඒකකයේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන්, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිරෝධායන නිලධාරීන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිරෝධායන නිලධාරීන් හා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ නිලධාරීන් ප‍්‍රධාන කාර්යක් ඉටුකරනු ලබයි.

ආනයනය කරනු ලබන කිරිපිටි ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ පරීක්‍ෂා කිරීමේ වැඩසටහනේ අනිවාර්ය ආහාරයක් ලෙස ඇතුලත් කර ඇති අතර SLS 731-2008 යටතේ පරීක්‍ෂාකර තහවුරු කිරීම සිදුකරයි.

පූර්ව නැව්ගත කිරීමේ තත්ත්ව පරීක්‍ෂාව.

එසේම කිරිපිටි නැව්තොග සමග ඊට අදාල රසායනික හා බැක්ටීරියානුවේදී පරීක්‍ෂණ වාර්ථා ඉදිරිපත් කරන අතර එම වාර්ථා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රසායනාගාරවල පරීක්‍ෂා කිරීමෙන් පසු නිකුත් කරනු වාර්ථා බවට අපනයනය කරනු ලබන රටවල් වගකියනු ලබයි.

මෙම පරීක්‍ෂාකිරීම් තුලින් තත්ත්ව පරීක්‍ෂාකිරීම් බැක්ටීරියානුවේදී පරීක්‍ෂාකිරීම,ඩයිසයනමයිඞ් (Dicyandiamide) සඳහා පරීක්‍ෂාකිරීම SLS ප‍්‍රමිති මත පරීක්‍ෂාකිරීම් බාලකිරීම් සම්බන්ධයෙන් පරීක්‍ෂාකිරීම් විශේෂයෙන් රිෆ්රුක්ටිව් දර්ශකය(Refractive index) පොලෙන්ස්කා අගය (Polenska value) සහ රිචටි මේසී අගය සියළුම කිරිපිටි තොග සමග මිනිස් ආහාරයට සුදුසු බව සහතික කර අදාල රටේ ආහාර අධිකාරිය මගින් සෞඛ්‍ය සහතිකයක් ඉදිරිපත් කරනු ලබයි.

මෙම සහතික තුලින් කිරිපිටිවල කිරි මේද හැර වෙනත් මේද අඩංගු නොවන බව අපනයනය කරන රටේ රජය මගින් තහවුරු කර තිබේ.

ලෝක වෙළඳ සංවිධානයේ ගිවිසුම් මගින් රටකින් තවත් රටක් වෙත නිකුත් කරනු ලබන සෞඛ්‍ය සහතික පිළිගත යුතු බව නීතිගත කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආනයන ආහාර පාලන ඒකකයේ ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන් විසින් කිරිපිටි නැව් තොග සම්බන්ධයෙන් රේගු නිෂ්කාශන ලිපි සමග ඉදිරිපත් කරනුලබන අදාල සහතික පරීක්‍ෂාකිරීම අනිවාර්යයෙන් සිදුකරන අතර සියළුම කිරිපිටි තොග විකිරණ සඳහා සාම්පල් ගෙන පරමාණුක ශක්ති අධිකාරිය මගින් පරීක්‍ෂාකර විකිරණ අඩංගු නොවන බවට තහවුරු කරනු ලබයි.

කිරිපිටි තොග 04 කට 01 ක් වන සේ අහඹු ලෙස ලබාගන්නා සාම්පල් බැක්ටීරියාවේදී පරීක්‍ෂණයට සහ මේද පරීක්‍ෂාවට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රසායනාගාර වලට ඉදිරිපත් කර තහවුරු කරනු ලබයි.

එයට අමතරව DCD පරීක්‍ෂාව සඳහා කාර්මික තාක්‍ෂණික ආයතනයේ ආහාර රසායනාගාරය වෙත යවා පරීක්‍ෂාකර තහවුරු කිරීම සිදුකරනු ලබයි.

සමීක්‍ෂණ නියැදි පරීක්‍ෂාව යටතේ  සියළුම කිරි සඳහා වෙනත් මේද හෝ තෙල් වර්ග ඇතුලත් කර බාල කර ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා සමීක්‍ෂණ නියැදි ලබාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආහාර රසායනාගාර වෙත ඉදිරිපත්කර ඇති අතර සියල්ල සතුටුදායක තත්ත්වයේ ඇති බව තහවුරු කර ඇත.

2019 වසරේ ඉදිරිපත් කල සාම්පල් 05 ප‍්‍රතිඵල ඉදිරියේදී ලැබෙන්නට යෝජිතව ඇත.

එසේම ීඛී හා කාර්මික තාක්‍ෂණික ආයතනය නිකුත් කල පරීක්‍ෂණ වාර්ථා වලින්ද වෙනත් තෙල් මේද අඩංගු නොවන බව තහවුරු කර ඇත.

ඉහත කරුණු පදනම් කරගෙන ආනයනය කරනු ලබන රටින් ඉදිරිපත් කරනු ලබන ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රසායනාගාර වාර්ථා එම රටේ රජයෙන් ඉදිරිපත් කරන සෞඛ්‍ය සහතික ලංකාව තුල ප‍්‍රමිති කාර්යාංශය මගින් සිදුකරන පරීක්‍ෂාවන් පරමාණුක ශක්ති අධිකාරියේ පරීක්‍ෂාවන් කාර්මික තාක්‍ෂණික ආයතනයේ පරීක්‍ෂාවන් හා සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර වාර්ථාවන් පදනම් කරගෙන ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි එළවලු තෙල් හෝ වෙනත් සත්ව මේද වලින් තොර ආරක්‍ෂිත කිරිපිටි බව තහවුරු කල හැකි හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න