ලෝකයේ ලක්ෂ 240 කට පිරිසිදු ජලය නොමැතිව අපා දුක් විදිති. පිරිසිදු පානීය ජලය  මූලික මිනිස් අයිතිවාසිකමක් වන අතර මේ වන විට ලොව පුරා පුද්ගලයින් බිලියන 2.2 (ලක්ෂ 240)  ඉක්මවූ පිරිසකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බවට ද අනාවරණ වී සිටිති.

ලංකාවේ ජනගහනයෙන් ද පිරිසිදු පානීය ජල සැපයුමක් හිමිවන්නේ සියයකට  62  කට  ආසන්න පිරිසකට වන අතර අවිධිමත් සංවර්ධනය හා වන හායනය හේතුවෙන් ජල පෝෂිත ප්‍රදේශ තර්ජනයකට ලක්වීම ශ්‍රී ලංකාව මුහුණදෙන ප්‍රබල අභියෝගයකි.

මේ අනුව ලංකාවේ සියයට 38 ක් පමණ ජනතාවට පිරිසිදු පානීය ජලය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්ණයක් දැකිය හැකි ය.

ලෝක ජල දිනය හෙටට (22) යෙදී තිබෙනවා ග්ලැසියර සංරක්ෂණය යන්න මෙවර එහි තේමාවයි.

1993 වසරේ සිට සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය සැමරෙන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියකට අනූවයි.

එක්සත් ජාතීන්ගේ දත්තවලට අනූව ලොව පුරා බිලියන තුනකට (ලක්ෂ 300)  අධික ජනතාවක් ජල අවශ්‍යතා සපුරා ගන්නේ, ජාතික දේශසීමා හරහා ගමන් කරන ජල මාර්ගවලිනි.

ගංඟා වැව් ඇතුළු අනෙකුත් ජල මූලාශ්‍ර අසල්වැසි රටවල් සමග බෙදාගන්නා රටවල් සංඛ්‍යාව  153 ක් පමණ වේ.

ලෝක බැංකුවේ පුරෝකතනවලට අනූව ලෝකය  2030 වන විට ඉල්ලුම සහ පවතින ජල සංචිත අතර පරතරයකට මුහුණදෙනු ඇති.

ලෝක ජල දිනය සැමරීමේ  වැඩසටහන මැයි (22) පුත්තලම නගරයේදී පැවැත්වීමට නියමිත අතර එම දිස්ත්‍රික්කයේ භූගත ජලය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය සහ ඉදිරියේදී සිදු කිරීමට නියමිත වැඩසටහන් පිළිබඳව  එහිදී ජනතාව සහ නිලධාරින් දැනුවත් කිරීමට සැලසුම් කර තිබේ.

මේවර ජල දිනයේ සැමරුම් වැඩසටහන පරිසර අමාත්‍යංශයට අයත් ජල සම්පත් මණ්ඩලය විසින් සංවිධානය කර තිබේ.

මෙවර ජල දිනයේ තේමාව වන ග්ලැසියර සංරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි දායකත්වය වන්නේ පාරිසරික උෂ්ණත්වය පාලනය කිරීමට සෘජුව මැදිහත් වීමයි.

පරිසර සංරක්ෂණය සහිත හරිත ආර්ථිකයක් පිළිබඳව වර්තමාන රජයද ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා.පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ජාතික ප්‍රතිපත්ති මාලාවේද මේ පිළිබදව විශේෂ අවධානයක් යොමුකර තිබිම විශේෂත්වයකි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න