සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත් කර ගැනීම සඳහා පසුගිය 11 වන දින පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මැයි මස 15 වන දින දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කළේය.
මෙම පෙත්සම ඊයේ අධියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ. එම්.එස්. දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී එම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 14 වනදාට පෙර ගොනුකරන ලෙස ද ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 26 වන දිනට පෙර ගොනුකරන ලෙසත් අධිකරණය නියෝග කළේය.