පිරමීඩ ආකාරයේ නීති විරෝධී ව්‍යාපාරයක නියැලෙමින් එම ව්‍යාපාරයේ භාණ්ඩ ප්‍රවර්ධනය හා ප්‍රචාරය කිරීමේ චෝදනාවලට තමන් වරදකරු කරමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් දඬුවම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා, කෟෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු කෟෂි  පර්යේෂක නිලධාරීන් දෙදෙනෙකු  ඉදිරිපත් කල අභියාචනා පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම්  මහතා අදාල අභියාචනා පෙත්සම  නිෂ්ප්‍රභ කළේය.

ඒ අනුව, බැංකු පනතේ 83 ඈ වගන්තිය උල්ලංඝනය කරමින් පිරමිඩ ආකාරයේ නීති විරෝධී ව්‍යාපාරයක නියැලෙමින් එම ව්‍යාපාරයේ භාණ්ඩ ප්‍රවර්ධනය සහ ප්‍රචාරය කිරීමේ චෝදනාවට විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් බවට තීන්දු කරමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදී තිබූ නියෝගය මහාධිකරණ විනිසුරු නලින්ද හේවා වසම් මහතා යළි තහවුරු කළේය.

විත්තිකරුවන් දෙදෙනාට දඬුවම් නියම කරමින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය  ලබා දී ඇති නියෝගය වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවද මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුව මගින් ප්‍රකාශය කොට  තිබේ.

මහධිකරණ විනිසුරුවරයා අදාල අභියාචනා පෙත්සම නිශ්ප්‍රභ කළේ , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු කෘෂි පර්යේෂණ නිලධාරීන් දෙදෙනකු වන ටී. ඒ. රත්නසිරි ජයන්ත සහ නිමල් ජයසිරි  යන විත්තිකරුවන් දෙදෙනා  ජනාධිපති  නීතිඥවරුන් වන, දප්පුලද ලිවේරා සහ අභයරත්නයන මහත්වරුන් මගින් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙස්සමක් සලකා බැලීමෙන් අනතුරුවය

2015 වසරේ දෙසැම්බර් මස 15 දින අනුරාධපුර, ජයසිරිපුරදී,  පිරමිඩ ආකාරයේ නීති විරෝධී ව්‍යාපාරයක නියැලෙමින් එකී ව්‍යාපාරයේ භාණ්ඩ ප්‍රවර්ධනය හා ප්‍රචාරය කිරීමෙන් බැංකු පනතේ 83 ඈ වගන්තිය උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව මීට පෙර අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.

එම නඩුව විභාග කල එවකට අනුරාධපුර හිටපු මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා, විත්තිකාර හිටපු කෘෂි පරීක්ෂණ නිලධාරීන් දෙදෙනා ඔවුන්ට එරෙහිව තිබූ චෝදනාවන්ට වරදකරුවන් බවට තීන්දු කළේය.

ඒ අනුව විත්තිකාර හිටපු කෟෂි  පර්යේෂණ නිලධාරීන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් වසර දෙක බැගින් සිරදඬුවම් නියම කල මහේස්ත්‍රාත් ජනක ප්‍රසන්න සමරසිංහ මහතා, එම සිරදඬුවම දස වසරකට අත්හිටුවීමටද නියෝග කෙරිණ.

ඊට අමතරව විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ පහ බැගින් දඩ ගෙවන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.

මෙම විත්තිකරුවන් දෙදෙනා අනුරාධපුර මහාධිකරණයට, අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළේ, අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ එම දඬුවම් නියෝගය නීතියට පටහැනි බවට තීන්දු කරමින් එය බල රහිත කරන ලෙස ඉල්ලමිනි.

විත්තිකරුවන් දෙදෙනා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෟෂි පර්යේෂණ   නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර වාරයේ මෙම පිරමීඩ ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණය විය.

විත්තිකරුවන් දෙදෙනාට එරෙහි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණ  හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණු අවස්ථාවන් වලදී ශ්‍රී ලංකා මහා බැංකුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ, එවකට මහා බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස සිටි ජී. කේ. කේ. ගමගේ මහතායි.

විත්තිකරුවන් දෙදෙනාගේ අභියාචනා පෙත්සම අනුරාධපුර  මහාධිකරණය හමුවේ  ඉදිරිපත් කළ අවස්ථාවන් වලදී  ශ්‍රී ලංකා මහා බැංකුව සහ නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල්  දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර විත්තිකාර හිටපු කෟෂි  පරීක්ෂණ නිලධාරීන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන දප්පුලද ලිවේරා සහ අභයරත්න යන මහත්වරුන් පෙනී සිටියහ.  

රාජ්‍ය  සේවයේ යෙදී සිටින අතරවාරයේ පිරමීඩ ජාවාරමේ නියැලීමේ වරදට රාජ්‍ය සේවකයින් දෙදෙනෙකු,  වරදකරුවන් කරමින් දඬුවම් නියම කල ශ්‍රී ලංකාවේ  ප්‍රථම  නඩුකරය මෙය වීම  මෙහි විශේෂත්වයකි.

(04)  කොතල හිඔටු කෝප්ප සුද්දන්ට අළෙවි කළ මෙතෙර හිපාටුවා පොලිසියට කොටු වෙයි!

විදේශිකයන්ට අලෙවි කිරීම සදහා සූදානම් කර තිබු කොතල හිඹුටු වලින් නිපදවන ලද කෝප්ප 30 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට  ගත්බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

පානදුර ප්‍රදේශයේ සංචාරක හෝටලයක කොතල හිඹුටු වලින් නිපදවන ලද කෝප්ප අලෙවි කරන බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම හෝටලයේ සගවා තිබූ කෝප්ප 30 ක් සොයාගෙන  සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු රාජගිරිය ප්‍රදේශයෙන් රැගෙන විත් පානදුර සංචාරක හෝටලයේ සගවා විශේෂයෙන් චීන ජාතිකයන් ඉලක්ක කරගනිමින් කාලයක පටන් කොතල හිඹුටු කෝප්ප අලෙවි කර තිබූ බවට පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න