හිටපු පොලිස්පති දේශබන්ද තෙන්නකෝන් මහතාට දින විස්සක් සැඟව සිටීමට ආධාර හා රැකවරණය ලබා දුන් අය අත්අඩංගුවට ගන්නා ලෙසත් දේශපාලන තෙන්නකෝන් මහතා සිදු කර ඇතැයි කියන සියලු අපරාධ වලට දඬුවම් කරන ලෙසත් දේශ බන්දු මෙලෙස වෙට්ටු දමන්නේ කාගේ හයියෙන් යනුවෙන් ප්‍රකාශ ඇතුළත් විවිධ සටන් පාඨ සඳහන්  පෝස්ටර් ඇත ඇතිව මීගමුවේ අරගලකරුවන්ගේ සංවිධානය විසින් තෙල් වත්ත හන්දිය මංසන්ධියේදී 20 වෙනි දින  විරෝධතාවක් දක්වන ලදී.

මෙම විරෝධතාවට අරගලයේ අපි සංවිධානය සමඟ  කණ්ඩායම් කීපයක් එක්ව සිටියහ.            

මෙම විරෝධතාවය සංවිධානය කළ අරගලය සංවිධානයේ සාමාජිකයකු වෛද්‍ය ඩිලාන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.                 

දේශබන්දු  තෙන්නකෝන් අත්අඩංගුවට ගත්තා නෙමෙයි දවස් විසි එකක් කට්ටි පැන පනැ ඉඳලා අධිකරණයට ඉදිරිපත් වූ අයෙක්,ඔහු තමන් යටතේ අත්අඩංගුවේ සිටි වින්දිතයන්ට විවිධ අඩන්තේට්ටම් කර තිබුණා,මාධ්‍යවේදීන්ගේ වාහනවලට ආයුධ දමා මාධ්‍යවේදීන් මර්දනය කළා,එදා අරගල භූමියේ සිටි නිරායුද අරගලකරුවන්ට පහර දීමට පසුබිම සකස් කළේ  දේශබන්දු   තමා, මොහු  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පති ධූරයන් ඉවත් කලාට රජයෙන් තාම ඉවත් කර නැහැ ,අපි කියන්නේ මේ තැනැත්තාව පොලිස්පති ධූරයෙන් වහාම ඉවත් කරන ලෙසයි,ටිරාන් ඇලස් ඇතුළුබොහෝ දෙනෙක් ඉන්නවා ඔහුගෙන් වැඩ ගත් අය ,මේ අයවත් නීතිය ඉදිරියට ගෙනා යුතුයි ,යනුවෙන් සඳහන් කළේය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න